ඉන්දියාවේ මුම්බායි නුවර සිට කිලෝමීටර් 150ක් දුරින් පිහිටි රෙයිගාඩ් ග්‍රාමයේ ජිවත්වන අමිත් මෝර් හා අක්ෂේයා පල්කාර් ඊයේ දින මුම්බායි පරෙයි බහුජන විහාරයේදී යුගදිවියට පිවිසුණේය. බහුජන විහාරයේ විහාරාධිපති කොහිලවත්තේ ලංකානන්ද හිමියන්ගේ ආරාධනයෙන් එහි ගිය අපි මංගල උත්සවයේ විශේෂ අවස්ථාද ඡායාරූප ගත කළෙමු.
අවුරුදු 32ක් පුරා ඉන්දියාවේ ජීවත්වන ලංකානන්ද හිමියන් ඉන්දියා රජයේ අවසරය මත මෙවැනි විවාහ සිදුකරන බවත් දහස් ගණනක් මේ ආකාරයට උන්වහන්සේ විවහා කරදී ඇති බවත් පැවසූහ. ‘‘අද දවසට විතරක් විවාහ ලියාපදිංචි හතරක් තියෙනවා. පිරිත් ටිකක් ජයමංගල ගාථා කියවාගෙන පිරිත් නුලක් බැදගන්න මේ අය හරිම ආසයි. මේ ඔක්කොම හරිම දුප්පත් අය මහත්තයෝ. අනිවාර්යෙන්ම මනමාලයත් මනමාලියත් සුදු ඇදුමෙන් සැරසී එන්න ඕනෑ. වයිවාරන ඇඳුම් අඳින්න මම දෙන්නේ නැහැ. විවාහයෙන් පස්සේ ඕනෑ ඇඳුමක් එයාලට අදින්න පුළුවන්. මේ සියලු දෙනාම බෞද්ධයෝ.“ යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් බෞද්ධයෙක් හැටියට මේ කටයුත්තට විරුද්ධයි. (නි)
අතීතයේ ලංකාවෙත් ස්වාමීන් වහන්සේගේ අසිර්වාදය ඇතුව තමා විවාහය සිද්ද වුනේ :) එත් අද ?(අ)
ලංකාවේ විවාහය පොත්වල ලියාපදිංචිය පටන්ගත්තේ 1867 වසරේදී. අදින් වසර 147 කට පමණ පෙරදීය. (නි)
බුදුහාමුදුරුවෝ නීති පැනවූයේ නීති කැඩුවොත් විතරයි. සමහර අවස්ථාවල කාලයට උචිත පරිදි ඒවා වෙනස්කළා. දෙදෙනා අලුත් ජීවිතයකට යනවිට ආශිර්වාද ආගමානුකූලව ලබාගැනීම වරදක්ද?ලංකාවේ විවාහය දා ඡායාරූප ගන්න පමණක් පන්සල් යන බෞද්ධයන් ඉන්නවා නේද? (නි)
පන්සල්වල විවාහ සිද්ධකර ගන්න කියලා බුදුන් වහන්සේ දේශනාකරලා තියනවාද? මේකසංඝයාට අයිති කටයුත්තක් නෙවෙයි. සමන්තිලා වගේ උපාසක අම්මලාගෙ දැනුම අපූරැයි. (අ)
රොනී, බෞද්ධයෙකුට විවාහ වෙන්න තහනම් කරලා තියෙනවද?ඔයා බෞද්ධාගම හදාරලා නැහැ.විවාහය ගැන හොඳින්ම පෙන්වාදී තිබෙන්නේ බුද්ධාගමේ. (නි)
හරිම සුන්දර විවාහයක් (නි)
විවාහය වැනි කටයුත්තකට තුණුරුවනේ ආශිර්වාදය බොහොම වටිනවා (නි)
සමහරු මේ වගේ හොඳ කටයුත්තකත් දකින්නේ වැරදිමයි (නි)
අනේ රොකී, විරුද්ධ උනාට කමක් නැ. හොඳ සිරිත් ගරු කරන උදවිය කැමති උනාම ඇති. (ර)
කොච්චර හොද වැඩක්ද?(හේ)
අනේ රොකී, විරුද්ධ වුණාට කමක් නැහැ. හොඳ සිරිත් ගරුකරන උදවිය කැමති වුණාම ඇති. (නි)
සියලුදෙනා මට සමාවෙන්න!!වැරැද්දක් වුණ පළියට ඔහොම කීම හරි නැහැ නේද (නි)
හරිම ලස්සනයි (නි)
විවාහය යනු හුදෙක්ම ලෞකික කර්තව්‍යයක් බැවින් පන්සල් වල විවාහ සිදුකිරීම සුදුසු නැත. (නි)
සපත්තු හිස්වැසුම් නොපැළඳීම සම්ප්රදායක් පමණයි. පින හා පව යනු කරන ක්‍රියාව අනුව සිතේ ඇතිවන සිතිවිල්ලක්. රට රටවල සංස්කෘතිය අනුව ආගමික සම්ප්රදාය වෙනස් වෙනවා.උදාහරණයක් ගත්තොත් ජපානයේ සමහර පන්සල්වල කෑමට ගෙනෙන ආහාර පළමුව බුදුන්ට පුජාකරනවා. (නි)
සමීර සාලින්ද,ඔයාගේ ඇස්දෙක පෙනීමේ දුර්වලකමක් තියෙනවා නම් ඇස්දෙක පරික්ෂාකර ගන්න (නි)
මේස් සහ සපත්තු හඳුනන්නේ නැති අයත් ඉන්නවා වගෙයි (නි)
ලංකාවේ අපේ සමහර අය වැරදි හොයන්නමයි දන්නේ (නි)
සුබ මංගලම්! පිරිසිදු සිතින් පිරිසිදු බැඳීමක්.පොඩි පොඩි අඩුපාඩු විවේචනය කරන්න එපා (නි)
කොච්චර හොඳ වෙඩක් කෙරුවත්, එක එක ඇද හොයන මිනිස්සුත් ඉන්නවනේ.(හේ)
සමීර සාලින්ද , පේනවා අඩුද සපත්තු කොහිද මේස් දාගෙන ඉන්නේ , ටිකක් සුබවාදීව බලන්න (අ)
බුදු පිලිමෙ ලඟ සපත්තු පැළඳ සිටීම පවක් නේද. (ර)
සියලු දෙනාගේම ආශීර්වාදය ලැබිය යුතු උතුම් ක්‍රියාවක්, සැම දෙනාටම තෙරුවන් සරණයි.(හේ)
බුද්ද රූපයට පිටුපා ෆොටෝ ගැනීම අනුමත කල නොහැක. (ර)
පන්සල මිනිස්සුන්ට ලංකරන්න හොදම ක්‍රමයක්. එත් චාරිත්‍ර හිංදු සම්ප්‍රදායට අයත් වගෙයි පෙන්නේ. (ර)
සංකර සිරිත් විරිත් වලට වැඩිය කොච්චර වටිනවද මේ වගේ කසාද බඳිනවනම්. ඒ ස්වාමින්වහන්සේට මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. (ර)
කොචර හොද වැඩක්ද අපේ ස්වාමින් වහන්න්සේ කරන්නේ ඔබ වහන්න්සේට දීගායූ වේවා. (ර)