දරු උපතකදී මවක විලි රුදාවෙන් කරනා කෑගැසීම් වලට දඩයක් අය කරනා රෝහලක් ගැන වාර්තා වන්නේ සිම්බාබ්වේ වලිනි.
දුෂණයට එරෙහිව ක්‍රියාත්මක වන ඇමරිකා සංවිධානයක් වන ‘ට්රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් සිම්බාබ්වේ හිදී සිදුකළ විමරශනයකින් මේ රෝහල සොයාගෙන තිබේ.
දඩ අයකරනවාට අමතරව මෙම රෝහල දඩ ගෙවීමට ප්‍රමාද වන්නේ නම් ඊට පොළියක්ද අය කරන බවත් ඇතැම් අවස්ථාවන්හි දරුවා ලැබූ මව දඩය ගෙවන තෙක්ම බලහත්කාරයෙන්ම රෝහලේ රදවාතබාගන්නා බවත් මෙම විමර්ශනයේදී හෙළියැය. මෙය සිම්බාබ්වේහි රෝහල් බොහෝමයක දක්නට ඇති තත්ත්වයක් බවද ට්රාන්ස්පෙරන්සි ඉන්ටර්නැශනල් සංවිධානය කියයි.
එක් කෑගැසීමකට ඩොලර් 5 බැගින් අයකෙරෙන බව කියැවේ.සිම්බාබ්වේ හි සම්පූර්ණයෙන්ම පාහේ විනාශව ඇති ආර්ථීකයට නිසාවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම ඩොලර් 150 ක් පමණ වේ.එයිනුත් ඩොලර් 5 බැගින් රෝහලට ගෙවන්න සිදුවේ නම් ඉතිරියක් නොමැති බව
දන්නා සිම්බාබ්වේ වැසියන් දරු උපතකදී රෝහලක් කරා යොමු වන අවස්ථාවක් ඇත්තේම නැති තරම් වන බව විමර්ෂණය සිදු කළ කණ්ඩායම කියයි.මේ නිසාම සිම්බාබ්වේහි නිසි වෛද්‍ය උපදෙස් නැතිව සිදුවන දරු උපත් නිසාවෙන් මියයන මවුවරුන් සංඛ්‍යාවේද ඉහළ යාමක්ද දක්නට ඇතැයි පැවසේ.
ආර්ථීක අර්බුදය නිසාවෙන් සිම්බාබ්වේහි සියලූ දෙනා උත්සාහ කරන්නේ කුමන කරුණක් ඉදිරිපත් කර හෝ මුදල් සොයා ගැනීමට බව විමර්ෂණ කණ්ඩායම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම අයිඩියා එකක්. අපේ කඩා වැටෙන ආර්ථිකයට සල්ලි හොයන්න මාර ක්‍රමයක්.(නදී)
අපොයි මොන අපරාදයක්ද, කසාද ගාස්තුව වැඩි නිසා නීතියෙන් විවාහ නොවී ජීවත්වන පවුල් හතරක් පමණ මම හදුනනවා. මෙහෙම දෙයකුත් ආවොත් නම් ඉවරයි.(නදී)
විලිරුදාව ,වගේම තමා අපේ බස් රුදාව, ස්වීප් රුදාව..කොන්දොස්තර මොනතරම් කෑගැහිල්ලක් ද කෑගහන්නේ උදේ සිට රෑවෙනකම්, එතකොට ස්වීප් වෙළෙන්දා ..පේමන්ට් වෙළෙන්දා ...දඩ තියා ඔවුන්ට ගානක් ගෙවන්න හිතෙනවා.පව් අනේ! අපි මොනවා කරන්නද ? (නි)
මේ නීතිය දාපු අයට පස්ස පැත්ත මහල බඩයන්න බේත් දෙන්න ඕනේ එතකොට එයාලටත් විලිරුදාව තේරේවි (අ)
පේරාදෙණිය රෝහලේ අම්මලාට පහරදුන් දෙන්නා එහෙනම් සිම්බාබ්වේ ගිහින් වගේ. (නදී)
මොන ප්‍රශ්න තිබුනත් අපේ රට රත්තරන්. ඒක තේරෙන්නේ මේ වගේ කාලකන්නි රටවල් වලින් අහන්න ලැබෙන දේවල් එක්ක.(නදී)
දනුගේ කතාව ඇත්ත, අපේ රට රත්තරන්. රට කාපාලුවෝ ටික දෙනෙක් හිටියට බොහොම දෙනෙක් මනුෂ්‍යත්වය හඳුනන උදවිය ඉන්නේ.(නදී)
අපි තාම සිම්බාබ්වෙ රටත් එක්ක රාජතාන්ත්‍රික සම්බන්ධතා පටන්ගත්තෙ නැහැ නේද? (නි)