අතින් ලිවීමේදී සිදු වන වැරදි පරීක්ෂා කිරීම සඳහා ජර්මන් ජාතිකයෝ දෙදෙනෙක් විසින් විශේෂ පෑනක් හඳුන්වා දෙති. ලන්ස්ට්ෆ්ට් ලෙස හඳුන්වා දී ඇති මේ පෑන ලිවීමේදී අක්ෂර වින්‍යාසයේ හෝ ව්‍යාකරණ දෝෂයක් සිදු වූ විට කම්පනය වේ.
පෑනෙහි භාෂා 40ක පමණ වැරදි හඳුනාගත හැකි මෘදුකාංග යොදා නිර්මාණය කර ඇති නිසා එය අලූත් භාෂා ඉගෙන ගැනීමටද යොදා ගත හැකි බවත් කියති.
එසේම මෙය වයිෆයි ජාලයක් හරහා ස්මාට් දුරකථනයට හෝ පරිඝණකයට සම්බන්ධ කර සමාජ ජාල වෙබ් අඩවි වල අකුරු ලිවීමත්, ඒවා බෙදා හැරීමත් සෘජුවම සිදුකළ හැක.
ෆෝක් වොස්කි සහ ඩැනියෙල් කෙස්මැක විසින් නිර්මාණය කරන ලද ලන්ස්ට්ෆ්ට් ළමයින් සහ වැඩිහිටියන්ට ලිවීම, අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ කුසලතා වැඩි දියුණු කර ගැනීමට භාවිතා කළ හැකි බව සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෑනේ ගණන කීයක් වෙයිද දන්නේ නැහැ. මටත් එකක් ගන්න (නි)
විභාග ලියන්නත් පුලුවන්ද? මරුනේ.(නදී)
කටින් පිටවෙන වචනවල වැරදි හදන්න උපකරණයක් හැදුවොත් මේ ලෝකය බොහෝ සාමකාමී තැනක් වේවි.(නදී)
අනේ ඕක ලංකාවේ අපටත් ඉක්මනටම එවන්නකෝ (අ)
ධම්ම, ඔබ එහෙම හිතනවද? කවුරුත් ඇත්ත කියන, හැම දේටම එකඟවෙන ලෝකයක් හරිම කම්මැලි තැනක් වෙයි නේද? (ස)
එතකොට වචනේ කටින් පිටවෙලා ගිහින් ඉවරයිනේ? හැදුවට වැඩක් නෑ(අ)