ඉත්තෑවකු ගොදුරු කර ගැනීමට ගොස් දරුණු ප්‍රහාරයකට ගොදුරු වූ කොටියකු තම සිරුරේ ඇනී ඇති ඉත්තෑකූරු අසීරුවෙන් ඉවත්කරගන්නා ආකාරය කැමරාවේ සටහන් කරගැනීමට ඡායාරූප ශිල්පියෙක් සමත්ව සිටියි.
හෙල්ගාඩ් විලියිර්ස් නමැති ඔහු මේ ඡායාරූප ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ දී ය.
ඉවසීමට නොහැකි අධික කුස ගින්න හේතුවෙන් ම මේ දරුණු කොටියා වැරදි සතකු ගොදුර කර ගැනීමට යන්න ඇතැයි ඔහු පවසයි. තමන් කොටියා දකින අවස්ථාවේ ඔහුගේ මුහුණ පුරාත් සිරුරේ ස්ථාන රැසකත් ඉත්තෑ කූරු ඇතුලට කිඳා බැස තිබූ බව ද ඡායාරූප ගත් විලියර්ස් පවසයි.
‘‘ මම එය දැක පුදුම වුණා. කොටියා දරුණු තුවාල වලින් දීර්ඝ කාලයක් පීඩා විදිනු ඇතැයි සිතුවා. නමුත් ඌ තම ඉදිරි ගාත්රා, පිටුපස ගාත්රා හා කටත් දිවත් උඵයෝගී කරගනිමින් මේ ඉත්තෑකූරු එකිනෙක ගලවා ගත්තා. බිම පෙරළෙමින්. තණ කොළ හා වෙනත් ගස්වල ඉත්තෑ කූරු පටලවමින් ඌ ඒවා ගලවාගත්තේ පුදුම ආකාරයෙන්. ඇතැම්විට කොටියා තම වලිගය පවා උපයෝගී කරගන්නා ආකාරය මා දුටුවා. “
තම සිරුරේ ඇනී තිබූ සියලු ඉත්තෑකූරු මහත් වෙහෙසකින් ඉවත් කර ගත් කොටියා වනයට වැදී නොපෙනී ගිය බව ඡායාරූප ශිල්පියා පවසයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉත්තෑවා වගේම කොටියාගේ ඇහැත් බේරුණෞ හොඳ වෙලාවට (ම)
අහලා තිබුණට ඉත්තෑවා මේ විදිහට පහරදෙනවා කියලා පළමු වතාවට දැක්කේ අද තමයි මේ පින්තුර රාමු තුළින්. (නි)
වැරදි ඉලක්කයක් අරගෙන තියෙන්නේ (නි)
සොබාදහමේ අපූර්වත්වය! (නි)
හොද දසුනක්.(හේ)
වැරදුණු කුරුමානම (බ)
කොටියට බඩගිනි වැඩිකමට කරන්න ඇත්තේ. පවු. මුවන්ව මිනිස්සු දඩයම් කරන කොට අසරණ කොටිය මොනවා කරන්නද? (ස)
තමන්ට අයිති නැති දේවල් කන්න ගිහිල්ල ඔයින් බේරුනා හොඳටම ඇති (ම)
මෙයා නම් ශිල්පීය දැනුමෙන් හා අත්දැකිමෙන් පරිපුර්ණයි. මෙයයි ස්වභාවධර්මයේ අපුර්වත්වය........... (ම)
අනේ පව්.! ඉවසන්නම බැරි ගින්න බඩගින්න නිසා මේ වැරදීම වෙන්න ඇත්තේ. එයාලා මිනිසුන් වාගේ නොවෙයි කරදරයකට පත් උනාම කාටත් කරදර නොකර එයින් වැළකෙන්නට දන්නවා. ඒ කොහොම උනත් ඉත්තෑවාගේ ආත්ම ආරක්ෂාව නම් හරිම අපුරුයි. (ර)
ඉත්තෑ කූරු හරි විසයි (නි)
මූ කොහොමහරි ඉත්තෑ කූරු ටික ගළවගෙන නේද? (නි)
දක්ෂ ඡායාරූප ශිල්පියෙක් (නි)
කෝ ඉතින් ඔය චණ්ඩි ඉත්තෑවා? (නි)
ඉත්තෙවගේ ඉත්තකුරු පිහිටෙන් තම ජීවිතය රැකගත් අයුරු මෙම ඉතා විරල දර්සනය රූපගත කල චයාරුප සිල්පි හෙල්සර්ඩ් විලියෙර්ස් මහතා සැමගේ ප්‍රසංසාවට ලක්වියයුතු අතර චය රුප ශිල්පීන් අතර ඔහුගේ නම ඉතිහාසගත වනවා නොඅනුමානය (රේ)
ගොදුර වැරදීම ඕනෑ කෙනෙකුට සිද්ධ වෙනවා.කොටියා මස් නොකා තණකොළ කන්නද ?(රේ)
අනේ.. ! .බඩගින්නට කරගෙන තියෙන හරියක්.....ආයෙත් නම් ඉත්තෑවෙකුට කිට්ටුකරන එකක් නැහැ.ඉත්තෑවා පෙන්න නැති උනත් පින්තුර ටික නම් හරිම ලස්සනයි. (රේ)
තමන්ටත් රිදෙනවා කියලා දැන් තේරෙයි මෙයාට.හැබැයි ගානක් නැහැ වාගේ .බඩගින්නටනේ ඔක්කොම කරන්නේ ..(රේ)