අලංකාර වෙරළ කිහිපයක් ම ලෝකය පුරා ඇත. පිරිසිදු බව, පැහැදිලි නොගැඹුරු ජලය සහිත වීම, වෙරළ වඩාත් පුළුල්ව පැතිර තිබීම වෙරළේ වටිනාකම වැඩි කරන සාධකය. ලෝකයේ තවත් වෙරළ කිිහපයක් වෙරළේ වර්ණය හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. වෙරළට වැලි ලැබෙන්නේ ගොඩබිම සෝදාගෙන එන පස් අංශු අතර ඇති වැලි මුහුදු ජලයට එක්වී යළි රළ සමග වෙරළේ තැන්පත් වීමෙනි. ගොඩබිම ඇති පාෂාණ හා පස් විවිධ වර්ණයෙන් යුක්තය. මේ පාෂාණ හා පස් අංශු අතර ඇති වැලි ද ඇතැම් ස්ථානයන් හි විවිධ වර්නයන්ගෙන් යුක්ත වෙයි. මේ වැලි මුහුදට සෝදාගෙන ගොස් යළි වෙරළට ගසාගෙන ආ විට ද එහි මව් පාෂාණයේ පැහැය ගන්නා බැවින් ලොව විවිධ වර්ණයෙන් යුතු වෙරළ තිර කිහිපයක් බිහිවී ඇත.
බහමාස්හි පිහිටා ඇති රෝස පැහැති වෙරළ
ඕස්ට්‍රේලියාවේ ඇති මෙම වෙරළේ වැලි කැට සියල්ල සුදු පැහැතිය. එය සංචාරකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් වුව ද දිවා කාලයේ සුදු පැහැයෙන් බැබලීම හේතුවෙන් එහි සිට දෑස් විවරකර බැලීම අපහසුය.
හවායි දූපතේ පූනාළු වෙරළ තීරය දිස්වන්නේ කළු පැහැයෙනි.
හවායි දූපත්හි පිහිටා ඇති පාපාකෝලියා වෙරළ තිරය ලොව ඇති අමුතුම වෙරළ තිරයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. ලෝකයේ වෙනත් කිසිම තැනක දක්නට නැති ආකාරයෙන් මේ වෙරළ කොළ පැහැතිය.
දම්පැහැයෙන් දිස්වන වෙරළ පිහිටා ඇත්තේ කැලැෆෝනියාවේය. එය පර්පල් ඇරීනා ලෙස හඳුන්වයි
රතුපැහැති මෙම වෙරළ තීරය පිහිටා ඇත්තේ ද හවායි දූපත් සමූහයේය. කහියාලුලූ ලෙස එම වෙරළ තීරය හඳුන්වයි































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුර දැක්කම යන්න හිතෙනවා (දී)
මේවා සැමට අහගන්නට, දැක බලා ගැනීමට නිතර අප සමග සිටින අපගේ ලංකාදීප කාර්ය මණ්ඩලයට මාගේ හෘදයාංගම ස්තුතිය! (නි)
කවුද උස්සන්ගොඩ ගිහිල්ලා තියෙන්නේ? දුඹුරු පාටයි.මාරවිල පැත්තේ කළු පාට වෙරළක්. (නි)
චමත්කාර දසුන් පෙළක්.සොබාදහමේ අපුර්ව නිර්මාණ.ලංකාදීපෙට තුති මෙවැනි දුර්ලභ දසුන් අපට දැකගැනීමට සැලැස්වීම ගැන. (නි)
ඉතාම සුන්දර දසුන් පෙළක් (නි)
මේ සෑම වර්ණවත් පෙදෙසක්ම මාගේ සුන්දර මවුබිමේ තිබේ. (නි)
හිරු එලිය සිවුමලිය නිල් ජලය සන්සුන් ය, මුළු වෙරළම විවධ වර්ණ මනරම්ය, සැමගේ සිත් විකසිතවිය, මගේ යැදුම ඔබ කිසි දින, දිය රකුසෙක් නොවෙනු මැනවි ! (දී)
ඔය ....ඔස්ට්‍රේලිය වෙරළට සමාන මාලදිවයින් වෙරල. අව්ව වෙලාවට ඇස් අරින්න අමරුයි (දී)
ඇත්තටම මේක ෆොටෝ එකක් නෙමෙයි ඇදපු පින්තුරයක් වගේ
ඕස්ට්‍රේලියා මුහුදු වෙරල තියෙන්නේ බටහිර ඕස්ට්‍රේලියා වල. එස්පානස් කියනනගරයේ මේ රටේ තියෙන සුදුම මුහුදු වෙරල තියෙන්නේ මෙහෙ. ලංකාවේ සිංහල පවුල් 3 ජීවත් වෙනවා. (දී)
ඉතා ලස්සන වටිනා දෙයක් දැක ගන්න ලැබුනා.ස්තුතියි (දී).
මේකනම් නියමයි ඇත්තටම හොද වැදගත් පාඩමක් (දී)
මේ පින්තුර ටික පලකිරීම පිළිබඳව ලංකාදීප පත්‍රයට මාගේ ප්‍රණාමය.! ලස්සන වගේම වටිනා, වැදගත් ලිපියක් සැපයූ මහතාට ස්තුතියි! (දී)
බොහොම ස්තුතියි ලෝකයේ මෙවැනි තැන් ගැන දැනුවත් කරනවට. (දී)
මේ පුවත . ලංකාවේ වෙරළවල් ගැන නොවේ.... මේ පුවත දැක්ක ගමන් ස්වභාවධර්මය විසින් මැවූ මිහිකතගේ සුන්දරත්වය විඳිනවා වෙනුවට නයාට අඳුකොළ වගේ ලංකාවේ ලස්සන ගැන පුරාජේරු වයනවා එහෙම නෙවේ ඔන්න.... ලංකාවේ ලස්සන වෙන කතාවක්... මේක වෙනත් පුවතක් (දී)
ශා මරුනේ.... අපට ඉතින් පින්තුරයක දැක්කොත් තමා . (දී)
ලස්සන ලිපියක්..!!! එත් හවායි දුපතේ හැම දිශාවකින්ම වෙලා තියෙන ගොඩබිම මුහුදට සෝදාගෙන යාමනම් හුගාක් කණගාටුදායකයි. (දී)
කෝ ලංකාවේ මිට වඩා ලස්සනයි කියල කවුරුත් කුහකකමින් යුද ප්‍රකාශ කරලා නැහැනේ.... ඒ මොකෝ.... මන් එහෙම කිවේ ලංකාව කැතයි කියන්න නෙවේ.... ලංකාවේ මිනිස්සුන්ගේ ගතිය එලියට පැනල මෙතන අදහස් දමන්න කලින්ම අනතුරු අඟවන්න.... (දී)
ෂාහ්! හරිම ලස්සනයි! ස්තුතියි ඔබලාට මෙවන් සුන්දර දේවල් ඉදිරිපත් කරනවට! (දී)
අපේ රටෙත් කොච්චර ලස්සන වෙරළවල් තියෙනවද? (දී)
උසස් ගනයේ පින්තුර රැසක් , ලංකාදීප පත්‍රයට ගොඩක් තුති ! (දී)