මිදි ගෙඩියේ යුෂ භාවිතා කොට නිෂ්පාදනය වන බොහෝ දේවල් අතුරෙන් වයින් වලට හිමි වන්නේ ප්‍රථම ස්ථානයයි. වයින් වල ඉතිහාසය ශත වර්ෂ ගණනාවක අතීතයක් හිමි පැරණිම බීම වර්ගයක් ලෙස සැලකේ.
ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහයේදි පාන් සමඟ වයින් තිබී ඇත්තේය. වර්ෂ 1505 දී ශ්‍රී ලංකාවට ගොඩ බැස්ස වයින් බොන පෘතුගීසීන් දුටු අපේ මුතුන් මිත්තෝ ලේ බොන සුදු පිරිසක් පැමිණ ඇති බව එකල රජතුමාට සැළකළහ. එහෙයින් ඉතා දිගු ඉතිහාසයක් වයින් සඳහා තිබුණු බවට සාක්කි අපමණය.
කතෝලික දේවස්ථාන වල පූජාවන් සඳහාද මිදි යුෂ භාවිතයට ගැනීම එම සංස්කෘතියේ ඈත අතීතයේ සිට පැවැත එන ලක්ෂණයකි. එදා මිදි යුෂ පරිනාමයවී අද වයින් බවට පත්වී ඇත්තේය. හෘද රෝග ඇත්තන්ට වයින් වීදුරුවක් පානය කිරීම සුවදායක බවට වෛද්‍ය සටහන්ද ඇත්තේය.
මෙවැනි පැරණි ඉතිහාසයක් ඇති වයින් සඳහා වර්තමානයේ ප්‍රසිද්ධම රට ප්රංශයයි. වර්තමාන ලෝකයේ වැඩිම වයින් නිශ්පාදිත රට ලෙස ප්‍රංශය සැළකේ. ප්‍රංශ ජාතිකයන් අතර 90%ක් පමණ වයින් පානයට ප්‍රිය කරති. ඔවුන්ගේ ආහාර වේලට වයින් වීදුරුවක් එකතුවීම සාමාන්‍ය සිරිතකි. ප්‍රංශය පුරා විවිධ ගම් දනව් වල මිදි යුෂ ඇසුරෙන් විවිධ වර්ගයේ වයින් නිශ්පාදනයවේ. රතු වයින්, සුදු වයින්, රෝස වයින් ලෙස ප්රධානවේ. දකුණු දිග ප්‍රංශය මිදි වතු වලින් සරුසාරය. ප්‍රංශයේ නිශ්පාදිත වයින් වර්ගයන් සාමාන්‍ය මෙන්ම සුපිරි මිල ගණන් වලටද වෙළඳ පොළේ විකිණේ. ඔස්ටේ්රලියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ජර්මනිය, දකුනු අප්‍රිකාව, චිලී, ආර්ජන්ටිනාව, ඇමෙරිකාව, චීනය ආදි රටවල්ද වයින් නිශ්පාදනයට ප්‍රසිද්ධ රටවල්වේ.
සෑම වසරකම සිදුවන ජාත්‍යයන්තර ශ්‍රේණි ගත ලැයිස්තුවේ වැඩියෙන්ම වයින් පානය කරන රටවල ලැයිස්තුවක්ද ඇත්තේය. එහි අන්තර්ගතයට අනුව මෙවර ප්‍රථම ස්ථානය පාප් වහන්සේ ජීවත් වන වතිකානු කුඩා රාජ්‍යට හිමිවේ. හෙළිකල දත්තයන්ට අනුව වසරකට එක් අයකු වයින් ලීටර 73.8ක් හෙවත් බෝතල් 100ක් භාවිතා කරති. දෙවන ස්ථානය හිමි ප්‍රංශයේ ලීටර 44.2 හෙවත් බෝතල් 59කි. ශ්‍රේණියේ අනුපිලිවෙලට ස්ලෝවේනියාව ලීටර 43.3, ක්රෝසියාව ලීටර 42.6, ඉතාලිය ලීටර 37.5, ස්පාඤඤය ලීටර 21.5, එංගලන්තය ලීටර 20.2, අයර්ලන්තය ලීටර 5.42, ගැබොන් 4.7ක් ලෙස ශ්‍රේණියේ ස්ථාන හිමිකර ගෙන ඇත.
900ක ජනගහනයක් ඇති වතිකානුවේ හෙළිකර ගත් දත්තයන්ට අනුකූලව වයින් බදු බරින් නිදහස් බැවින් අවට රෝම වැසියන් මිලදී ගැනීමත්, එම දේවස්ථානයේ පූජාවන් සඳහා භාවිතා වන ප්‍රමාණයන්ද මෙම ශ්‍රේණි කිරීමේදි සැලකිල්ලට ගෙන ඇත. කෙසේ නමුදු කුඩා වතිකානුව වයින් පානයෙන් ශූරතාවය දිනා ගෙන ඇත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බොන්න ගියොත් ඉතින් එ්කටත් බදු ගහයි. (බ)
ඔය ගැහැණු බොන වයින් වගේද අපේ ඒවා. අපිට මිදී ඕන නැහැ.කුනුවෙච්ච කෙසෙල්ගෙඩි,රට ඉඳි , සිමෙන්ති,කටුකම්බි,යුරියා සමග බලුකුනක් ආශ්රයෙන් සදනු ලබන මේ බිමට වාසනාව ඇත්තේ ශ්‍රී ලංකාව නමැති කේතුමතී රාජධානියේ වසන අප වැනි අයට පමණයි..(බ)
හොඳ දේවල් කන්න බොන්නත් පින තියෙන්න ඕනා කියන්නේ ඕකට තමයි. අඩුතරමේ අව් රස්නෙට ඇඟේ තෙහෙට්ටුවට අඩු මුදලකින් කූල් එකක් බොන්නත් පිනක් තියෙන්න ඕනා. (බ)
දැන් ලංකාවේ අය ගහන්නේ බ්ලැක් ලේබල්නේ .කතා කරලා බල්ලන්නකෝ කට්ටියගෙන් සෞඛ්‍ය තත්වය කොහොමද ?කියලා .ඔක්කෝටම ඩයබිටික් .බ්ලැක් එක මරුනේද ? වයින් එහෙම නොවේ .වයින් කියන්නේ ඖෂධයක් ! (බ)
ඔස්කලා වගේ ඔස්තාර්ලාට තමයි බේබද්දෝ කියන්නේ. ලැජ්ජා නැතුව මෙතන කයිවාරුත් ගහනවා. අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු? (නි)
සුද්දාගෙන් ශ්‍රී ලාංකිකයන් ඉගෙනනොගත් එකම දෙය "වයින්" පානයයි. ඉතාලියේ වැඩි කල් ජීවත්වෙන හැම කෙනෙක්ම වගේ වයින් පානය අනිවාර්ය කරගත් අය බවට නිතරම අසන්නට ලැබෙනවා ඇත. වයින් බොන අය බේබද්දන් වශයෙන් අපි සැළකුවත්, මේ රටවල ආහාර වේලකට වයින් පානය සාමාන්‍ය සිරිතකි. නමුත් අපේ වගේ බේබද්දන් නම් දකින්නට නැත. "ඔස්කා" මහතා කියන බීමට වඩා මෙවැන්නකට අපි පුරුදු වී සිටියා නම් පර සිරිතක් වුණත් එතරම් හානිදායක වන්නේ නැත. (නි)
ඔස්කා මල්ලි,ඔබගේ අදහස් දැක්වීම අවංකවම කිරීම ගැන ස්තුතියි. අපේ බහුතරයක් අය හිතාගෙන ඉන්නේ අපි ඉන්නේ කේතුමතියෙ කියලා. ඒ විතරක් නොවෙයි, ලංකාවේ පොදුජනයාගේ "සැර" බිම හදන්නේ ඔබ දක්වා තිබු විදියට බවයි මටත් දැනගන්නට ඇත්තේ. (නි)
භද්‍රානි, මොකද අනේ ඔයාට ඔයතරම් කේන්ති ගියේ. ඔයාගේ මහත්තයා අර ඔස්කා මහත්තයා කියපු ජාතියෙන් ටිකක් වැඩිපුර දාලා ඇවිල්ලා ඔයාට තඩිබානවාද? අනේ මට හරි කණගාටුයි ඔයා ගැන. මොනවා කරන්නද? (නි)
ප්‍රංශයට වයින් වගේ අපේ රටේ බීම තමයි රා. කිතුල් රා කියන්නේ හොඳම බීමක් තමයි. ඔය අරක්කු පෙරන්න ගත්තම තමයි කරටි කැඩෙන්න බොන්න පුරුදු වුණේ. ගොඩක් බොන අය හිතන්නේ එක වීරකමක් කියලා. ඇත්තටම මේ කරටි කැඩෙන්න බොන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනෑ. (නි)
භද්‍රානි, ඔයාගේ කවුරුහරි අර ඔස්කා කියපු ජාතියේ බිම බොන අය වෙන්න ඇති. ඒක තමයි ගැරඬියට භූමිතෙල් ගෑවා වගේ දඟලන්නේ (නි)
ඔස්කා, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. අර වගේ බොහොම සරල විදියට මත්බීම හදන එකම රට අපේ මේ කේතුමතිය (නි)