ඉන්දුනීසියාව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ විදේශිකයන් ඇතුළු අට දෙනෙකුට මරණ දඩුවම් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් පුවත් සේවා (29) වර්තා කළේය.
ඔස්ට්රේලියාවෝ දෙදෙනක් ද ඒ අතර වෙයි. ඕස්ට්‍රේලියා අගමැතිවරයා මෙය දුෂ්ට හා අනවශ්‍ය ක්‍රියාවක් ලෙස නම් කර ඇත.
ඔවුන් දෙදෙනාට මරණ දඩුවම නියම වුයේ 2006 වසරේදීය.
වරදකාරියක වු පිලිපීන කාන්තාවක අවසාන මොහොතේදී මරණ දඩුවමෙන් මුදා ඇතැයි වාර්තා වේ.
අවසන් වරට නෑයන්ද හමුවීමෙන් පසු සියලු දෙනාම පුජකවරයකු ඉදිරිපිටදී එකට යාඥා කළ බවත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මළ සිරුරු රැගෙන ගිය බවත් අවසාන කැමැත්ත පරිදි ඉන්දුනීසියාවේදී හෝ ඔවුන්ගේ මවු රටවලදී අවසන් කටයුතු සිදු කෙරෙනු ඇතැයි වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු විකුණා දහස් දස දහස් ගණනක් ජීවිත විනාශ කළ අයට සමාවක් දියයුතුද? ලංකාවටත් මෙය අදාළ වියයුතුයි. (නි)
රටවල් ගණනාවක් ඔවුන් හට ජීවිත දානය දෙන ලෙස ආයාචනා කළත් අන්තිමට ඔවුන් හට හිමිවුණේ කුරිරු මරණයයි. (නි)
වරදට දඬුවම් තිබිය යුතුය. නමුත් මරණ දඬුවම අනුමත කළනොහැක. උතුම් මිනිස් ආත්මයක් ලබන්නට ගොඩක් පින් කරන්න ඕනෑ. එවන් ජීවිතයක් නිකරුනේ නොමැරිය යුතුය. ලෝක රාජ්‍ය නායකයින් වරදට ලබාදෙන දඬුවම් වලින් මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලමි. (නි)
වරදට දඬුවම් ලැබිය යුතුය. නමුත් මරණ දඬුවම මමද හෙළාදකිමි. (නි)
මරණ දඬුවම අනුමත කරමි !!! හොඳ පාඩම් මේ අයට (බ)
මෙම කුඩු කතාවේ නායකයා ලංකික සම්බවයක් ඇති ද්‍රවිඩ කෙනෙක්. මේ වරද නොදැන කරපු වරදක් නොවේ. නිසි දඬුවම් නැති නිසා තමයි මිනිස්සු වරදවල් කරන්නේ. 1989 කාලයේ යම් කල්ලි විසින් වැරදි කරපු අයට මරණ දඬුවම වගේම වෙනත් දඬුවම් දුන්න නිසා අපේ රටේ වැරදි කරන අය ගොඩක් අඩුවෙලා තිබුණා
මරණය විසදුමක්ද (බ)
එම රටේ මෙවැනි වැරදි වලට දෙන දඬුවම දැන දැන මොකටද කරන්නේ,.අනික කුඩු විකුණා දහස් දස දහස් ගණනක් ජීවිත විනාශ කළ අයට සමාවක් දියයුතුද?? (බ)
කට ඇරියොත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා! බුද්ධාලම්බන ප්‍රීතිය පෙරෙනවා. නමුත් මිනීමරනකොට ඒක සාධාරණීකරනය කරමින් ෆුල් සපෝර්ට්. (නි)
ජගත් මම තව වසරකින් විශ්‍රාම යනවා. ලංකාවේ මරණ දඬුවම යලි ක්‍රියාත්මක කළ යුතුයි කියා රජයට බලපෑම් කරන ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් මගේ ඉදිරි කාලය කැප කරනවා. කුඩ්ඩන් ස්ත්‍රී දූෂකයින් පාතාල මිනී මරුවන් සඳහාවත් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි. (බ)
වරදක් කළා නම් අනිවාර්යෙන්ම දඬුවම් විඳිය යුතුයි.නීතිය කාටත් පොදුයි.වැරදි කිරීමට පෙර දෙවරක් නොව තුන්හතර වරක් සිතා බලන්න (නි)
මෙතන සිටින ඕස්ට්‍රේලියන් ජාතිකයන්ගෙන් එක්කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්නේ ඇත්තද? (නි)
මට නම් මේ කුඩුකාරයෝ පෙනෙන්න බහ.මිනීමරුවන්ට වැඩිය භයානකයි. ජීවතුන් අතර හිටියා නම් කී දෙනෙකුගේ ජීවිත නොමරා මරනවද? මිනීමරුවා මරන්නේ එකපාරයි. (නි)
අපේ ගෙවල් දෙපැත්තේම කුඩු, අරක්කු විකුණනවා.කරදරය දන්නේ අපි විතරයි (නි)
අපේ ධර්මයට අනුව මරණ දඬුවම සුදුසු නැත.සමාව දී නිදහස් කරන්නයි තිබුනේ (නි)
චන්ද්‍රා,ඔබ හරි. (නි)