ලෝකයේ තරු නගරය වන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි නගරවැසියෝ මේ දිනවල ළඟ එතියි මත පලවී ඇති ප්‍රබල භූමිකම්පාවකට සූදානම් වෙමින් සිටිති.
භූවිද්‍යාඥයින් මත පළ කරන ආකාරයට රික්ටර් මාපක ඒකක 8 ක් පමණ වනු ඇතැයි පැවසෙන මෙම භූමිකම්පාවෙන් ජීවිත හානි 18000 ක් පමණද ඩොලර් කෝටි 25000 දේපළ හානිද සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.
මේ පෙර සූදානමට ලොස් ඇන්ජලීස් නුවර වැසියන් යොමු කර ඇත්තේ පසුගිය මාස කිහිපය පුරා ලොස් ඇන්ජලීස් නුවර අවටින් වාර්තා වූ කුඩා ප්‍රමාණයේ භූමිකම්පා නිසාය. රික්ටර් මාපක 4 - 5 අතර අගයන්ගේ වූ මෙම භූමිකම්පා නිසා දැනට 100 ක් පමණ අවතැන්ව සිටිති. ඒ හැරෙන්නට බරපතල ගණයේ දේපළ හෝ ජීවිත හානියක් සිදුවී නොමැත.
ලොස් ඇන්ජලීස් නගරය භූකම්පා ඇතිවන ප්‍රදේශයක පිහිටා ඇතැයි භූ විද්‍යාඥයෝ කියති. මෙම ප්‍රදේශයේ ඇති විශේෂත්වය වන්නේ වසර ගණනාවක් කිසිදු භූකම්පනයක් වාර්තා නොවී තිබී එක්වනම එකක් පසුපස එකක් භූ කම්පන සිදුවී අවසානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවීම බව ඔවුහු පවසති. අතීතයේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශය අවට සිදුවී ඇති භූ කම්පන පිළිබඳ තොරතුරු මේ නිගමනය කරා එළැඹීමට ඔවුහු යොදාගෙන ඇත්තේහ.
එවන් ප්‍රබල භූකම්පනයකට මුහුණ දීමට හැකිවන අයුරින් ලොස් ඇන්ජලීස් නුවර ගොඩනැගිලි බහුතරයක් තනා නොතිබීමද දරුණු ගණයේ ප්‍රතිවිපාක ගෙන දෙනු ඇතැයි භූවිද්‍යාඥයින් අදහස් දක්වයි.
කෙසේවුවත් මෙම මතය තවමත් සියයට සියයක්ම සනාථ වී නොමැති බැවින් කිසිවෙකුත් කලබල විය යුතු නැති නමුත් අවදානමට පෙර සූදානමින් සිටීම සුදුසු යැයි ඔවුන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාමාතා නමදිමි හිසනමා ලක්මවුනි ඔබ පීඩනයට පත්කරන ඕනම කෙනෙකුට වැඩිකල් නොගොස් පඩිසන් දෙනවා.(නදී)
හැමදේටම වැඩියෙන් වටින්නේ තමන්ගේ ආරක්ෂාවයි (නි)
ලංකාවේ අය පව් කරන්නේ නැද්ද? මිනී මරන්නේ නැද්ද? රටක හැම කෙනාම එක වගේ නොවෙයි.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා කියන්න ඕනෑ මිනිසුන් අපේ රටේ නැහැ (නි)
ඇමරිකාවේ ඉන්න අහිංසක මිනිසුන්ට කරදරයක් නොවී අනිත් අයට මොනවා වුණත් කමක් නෑ. (ස)
කිසිවෙකුටත් විපතක් නොවේවා. (ස)
අයියෝ මම කිව්වේ අපේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිට තියෙනවා කියලා.ඒකෙ තියන වරද මොකක්ද? ඇමරිකාවේ මිනිස්සු මැරෙනවට සතුටුයි කියල මම කියල තියෙන තැන පෙන්වන්න? මම කිව්වෙ ඇමරිකාව කරන පව් වලට එයාලටම පල දේවි කියලයි. දඩුවම ස්වභාව ධර්මයෙන්ම ලැබෙයි කියලයි. (ස)
රුවන් දන්නේ නැතුව ඇති ලොස් ඇන්ජලිස් වල ශ්‍රී ලාංකිකයන් ඉන්න වග... (නි)
රුවන්ගේ ප්‍රතිචාරය වෙනත් අදහස් දමා ඇති අයගෙත් සිත්වල තියෙනවා. තම සතුරාට කරදරයක් විපතක් දැකීම සතුටක්. (ස)
මිනිහෙකුට කරදරයක් උනාම ඒක දේශපාලන ඇහින් බලන එක හොද දෙයක් නෙමෙයි. අපි බෞද්දයෝ හැටියට මිතුරාටත් හතුරාටත් මෛත්‍රී කරන්න ඕනේ. කොහොම උනත් ස්වභාවික විපත් නවත්වන්න සක්කරයටත් බැහැ. මේවා අඩුකර ගන්නනම් අපි කරන පරිසර හානි වලක්වා ගන්න ඕනි.(නදී)
මොන ලොක්කටවත් ස්වභාවික විපත් වලින් බේරීමට නොහැකියි..කොහොම උනත් එහෙම විනාශයක් නොවේවා කියල අපි ප්‍රාර්තනා කරමු.. (ස)
මිනිස්සු මැරෙන එක හොඳයි කියන එක නෙවෙයි . ඇමෙරිකාව අනුන්ගේ රටවල් වලට කරන අසාධාරණය නිසා තමයි ඕව වෙන්නේ. ඒ නිසා ඇමෙරිකාව ස්වයංව නිවැරදි විය යුතුයි. (දී)
රුවන් මල්ලිගේ කතාව තුල යම් ජාතිමාමක හැගීමක් තිබෙනවා .දැන් එතකොට අනිත් අය ඇමෙරිකාව ප්රමුඛ බටහිරට පන්දම් අල්ලන පන්දම් කාරයෝ වගේ කියවන්නේ ඇයි (දී)
රුවන් වගේ අයගේ මොලේ පරාසය තමයි අපේ රටේ දේසපාලුවන් රටේ මහජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ. එයාල රුවන්ලව පාවිච්චි කරලා, රටේ උගතුන්ට, බුද්ධිමතුන්ට, සැබෑ දේශප්‍රේමීන්ට කොකා පෙන්නනවා. රට විනාශ කරනවා. ඕව රුවන්ලට තේරුම් කරලා වැඩක් නැහැ, මොකද මිනිහ ජීවිතේටවත් තේරුම් ගන්නේ නැති හින්ද, අඩු තරමේ මිනිහගේ, මතු පරපුරවත් තේරුම් ගනීවි කියන බලාපොරොත්තුව තමයි තියාගන්න වෙන්නේ. (දී)
රුවන්, අපේ දළදා හාමුදුරුවන් විනාශ වනවා දැකීමට ඔබ කැමතිද ? (නි)
මෙම අවදානම් කලාපය ලොස් ඇන්ජලීස් නුවර සිට ඔරිගන් ප්‍රාන්තය දක්වා හෝ ඊටත් එහා පැතිරුණ කලාපයක්.2005 වසරේ ඔරිගන් ප්‍රාන්තයේ සියලුම පාලං බෝක්කු ශක්තිමත් කරන්නට මුදල් ලැබුනා. මෙම වැඩබිම් වල මමත් රැකියාව කළා.එහිදී ඔවුන් පැවසුවේ වසර 500 කට පමණ වතාවක් මෙම කලාපයේ දරුණු භූ කම්පනයක් ඇතිවිය හැකි අවදානමක් නිසා මෙවැනි ශක්තිමත් කිරීමක් කරන්නට මුදල් ලැබුන බවයි.මෙය දැනගත් විගස මම දරු පවුලත් රැගෙන හදිසි අාපදා අවම ප්‍රාන්තයකට පැමිණියා.මම ඇමෙරිකාවේ දේශපාලනයට තදින්ම විරුද්ධවාදියෙක්.තම රටේ පැවැත්ම සදහා අනෙක් ඕනෑම ජාතියකට විනාශය ගෙනෙන්නට ඔවුන් කටයුතු කරන නිසා.එහෙත් එහි ජනතාව එවැනි කොටසක් නොවේ. ලංකාවේ සුනාමිය මොහොතේ මිනිසුන් පුදුම ලෙස වේදනාවෙන් කම්පාවට පත්ව අාධාර උපකාර කළ අයුරු පුදුමසහගතයි.මොන අමනාපකමක් තිබුනත් කිසිම ජාතියකට නොව සතෙකුට හෝ ගහකොළ වලටවත් කරදර හිරිහැර නොවේවා යන්න පැතුම විය යුතුයි. (නි)
ජයා, ඔයා හරියටම හරි. රුවන්, තවම හිතන්නේ බොළඳ විදියට. (ස)
රුවන් , ඔයා හරි මෝඩ අදහසක් දාලා තියෙන්නේ. මාත් බෞද්ධයෙක්. මේ වගේ ව්‍යසනයක් වුණොත් මැරෙන්නෙ අපි වගේම මිනිසුන් කොටසක් නේද කියලා හිතෙන්නේ නැද්ද ? අනික සොබා දහමෙන් සිද්ධ වෙන දේවල් වලට අපිත් හොඳට මුණ දුන්නා නේද සුනාමි වෙලාවේ? ඒ නිසා ගහට කොළට සතා සීපාවට වගේම මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න රුවන්. එතකොට දළදා හාමුදුරුවෝ වගේම ජය සිරිමා හාමුදුරුවොත් අපිට පිහිට වෙයි (නි)
මෙහෙම වෙනවා නේද හැම ජිනීවා වාරයකදීම.. හරියට සොබාව ධර්මයේ දඩුවම ඇමරිකාවට ලැබෙනවා වගේ.. ඉස්සෙල්ලා පාරත් සුලිසුළං. දැන් සුනාමි එක්ක භූ කම්පන... අපේ දළදා හාමුදුරුවන්ගේ පිහිට ලංකාවට තියෙනවා. (ස)