ලොව මෙතෙක් නිපදවා ඇති විශාලම ජෙට් එන්ජිමේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධ පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවේ.
මෙම එන්ජිම නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් ඉලෙක්ටි්රක් ඒවියේෂන් සමාගමයි.මෙම එන්ජින් 2020 වසරේ සිට ගුවනට එක්වන බෝයිං සමාගමේ මිීලඟ ගුවන්යානා පරම්පරාව වන 777 X වර්ගයේ ගුවන්යානා ජවගැන්වීමට යොදාගැනීමට නියමිතය.
777 X වර්ගයේ ගුවන්යානාවක ආසන 460 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වන බව පැවසේ.
මේ නිසාම රාත්තල් ලක්ෂයකට ආසන්න දැවැන්ත තෙරපුම් බලයකින් යුතු වන ලෙස මෙම නව එන්ජින් නිර්මානය කිරීමට ජෙනරල් ඉලෙක්ටි්රක් ඒවියේෂන් සමාගමේ ඉංජිනේරුවෝ කටයුතු කර ඇත.GE 9 X ලෙස මෙම නව එන්ජින් නම් කර තිබේ.
සාමාන්‍ය ජෙට් එන්ජිමකට වඩා GE 9 X වැඩි බලයක් ජනනය කිරීමේ රහස වන්නේ එහි ඇති වැඩිදියුණු කළ සැකැස්ම ඉහළ තාප ප්‍රමාණයක් රඳවා ගැනීමට සමත්වීම බව සඳහන්ය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඒ380යානය ගුවන්ගත වනවිට ගුවන් පථය දෙපස ලොව විශාලතම යුධ ටැංකි දෙකක් නවතා තිබුණොත් ඒවා පෙරළී යනු ඇත. (නි)
පිටිගල මිලානෝ, ඔන්න කිවුවා, A380 හදන්නේ බෝයින් කොම්පැනියෙන් නෙමෙයි! (නි)
තාක්ෂණය දිනෙන් දිනම දියුණුවෙනවා (නි)
ලෝකයේ දිනෙන් දිනම නව තාක්ෂණයත් සමඟ නිෂ්පාදන වියදම පහත වැටීම නිසා බඩු මිල අඩුවෙනවා. ලංකාවේ විතරක් බඩු මිල එහෙමමයි. (නි)
නව නිෂ්පාදන කරද්දී සුදු ජාතිකයින් හැමවිටම ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් ශරීරය මෙන්ම හොඳින් මොළයත් වෙහෙසනවා. ඔවුන්ට පින්සිදු වන්නට අපිත් ඔවුන්ගේ නිෂ්පාදන පාවිච්චි කරනවා. නමුත් අපි මොනවද ලොවට දෙන්නේ? අඩුම තරමින් ඉහළ කර්යක්ෂමතාවයකින් යුතු වීල්බැරෝ එකක්වත් අපේ රටේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. අපේ රට පාලනය කරන දේශපාලුවන්ට කිසිම අනාගත දැක්මක් නැහැ (නි)
සිරිමල්, ඔයා ඉන්නේ කොහෙද මම දන්නේ නැහැ. ලෝකේ මොනතරම් දියුණු වුණත් කිසිම රටක ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා මිස කිසිදාක පහළ වැටීමක් වෙලා නැහැ. මේවා දේශපාලන වෙස්මුහුණු දාගෙන කතානොකර සාමාන්‍ය රටවැසියෙක් ලෙස හිතා බලන්න (නි)
ලොවම මෙසේ විශ්වන්තිකව අපිට පෙනේනේ ඉංජිනේරුවන්ගේ වැඩ නිසා .... ඒවා සියල්ල ඉවත් කරලා බැලුවොත් අපි තවමත් ඉන්නේ වනාන්තරයේ.... (ම)
මේ බටහිර තාක්ෂණ වලට වඩා අපේ ලංකාවේ තාක්ෂණ ඉතා දියුණුයි , ඒවාට ලන්වන්නට බටහිර රටවලට තාම බැහැ. (ර)
ලංකාවේ ප්‍රමිතිය ගැන පාලකයො බලන්නෙ නැහැ,සිමෙන්ති බ්ලොක් ගලක් වුනත් දිග පලලක් නැහැ පරන මෝඩ ගලක (මැටී) හයිය ලගින් වත් නැහැ ලංකාවේ අපි ඔක්කොම වගෙ ගෙවල් හදන්නෙ එ්වගෙන් ජපානෙ වගේ කම්පනයක් ඇති වුනොත් කොහොමට හිටීද? (බ)
දඬු මොනරේට හයිකරලා තිබුනේ මොනවගේ එන්ජිමක්ද දන්නේ නැහැ. (බ)
ටිකිරි හැමදේටම මැක්කගේ කතාව වගේ දේශපාලුවන්ටම බනින්න එපා,උන් කරන සොයා ගැනීම් අපිට නොපෙනුනාට උන්ගේ පවුල්වල අයට නම් පේනවා, අපේ රට කොච්ච්ච්ර දුප්පත් වුනත් බලන්න එපායේ අපේ දේපශපාලුවෝ යන වාහන ලෝකේ කොහෙවත් තාම හොයාගෙන නෑ, හොයා ගත්ත්ත ඒ ගානට කවුරුත් මිලදී ගන්නෙත් නෑ (බ)
මේ රට දියුණු කරන්න සාමාන්‍ය දැනුමක් ඇති එක් අයකුට හැකියාව ඇත. එහෙත් එවැන්නෙකුට රටේ ජනතාවගේ කැමැත්ත නොමැති වීමයි (ම)
ජවිපෙ විතරයි ඉන්නේ අපේ රට ගැන හැගීමක් තියෙන. (ර)