ලොව මෙතෙක් හමුවූ විශාලතම ස්වභාවික මුතු ඇටය පිලිපීනයෙන් හමුවූ බව විදෙස් පුවත් සේවා පවසයි.
එය කිලෝ 34ක් බර එකක් බව එරට බලධාරීහු කියති.
ධීවරයකුට මීට වසර 10කට පෙර මෙය හමුවී ඇති අතර පසුව ඔහු එය පිලිපීන බලධාරීන් දැනුම්වත් කර ඇති බවත් ඉන්පසු එහි වටිනාකම ගණනය කිරීම ඇරඹූ බවත් එරට ආරංචි කියයි.
‘ඔහු එය රැගෙන ආ විට අප පුදුමයට පත්වුණා‘ යැයි බලධාරීහු කියති.
මුතුව සෙන්ටිමීටර් 61ක් පළලින් හා සෙන්ටිමීටර් 30ක් දිගින් යුතු බවත් කිලෝ 6.4ක් බරැති මීට පෙර ලොව විශාලතම මුතුව ලෙස සොයාගත් චීනයේ වාර්තාව පහසුවෙන්ම බිඳ දැමිය හැකිවන බවත් පිලිපීනය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්දියන් සාගරේ මුතු අැටේට වටිනා කමක් නැද්ද (බ)
ලක්ෂි, ඒ ඉස්සර, 1960 ගණන් වල. දැන් ඒ මුතු ඇටේට එහෙම කියන්නේ නැහැ. ඒ මුතු ඇටේ ඉවරෙටම ඉවරයි. අපිට අපේ වාසනාවන්ත රට නැතිවුණා. (නි)
ලෝකයේ වටිනාම මුතු ගැන තවම ඔබ දන් නැහැ වගෙයි... "එකමුතු" කමට වැඩියෙන් කොයි මුතුත් මිලයෙන් අඩුයි... (ර)
අන්න හරි අශෝකා,(හේ)
ආ දැන් එ්ක ඉන්දියන් සාගරේ අමුතු ඇටේ. ඒක නැති කළේ ඔයාලමයි. අපි මෙහෙ ඉඳන් බලා ඉන්නේ අපේ රටට වෙන විනාශේ (බ)
මුතු ඇටය දැන් අමුතු ඇටය වෙලා තියෙන්නේ.(රේ)
අපේ ඒ සුන්දර මුතුඇටය වෙනස්කළේ දේශපාලුවෝ (නි)
ශ්‍රීනා, ඒ දේශපාලුවන් පත්කළේ කවුද? මා අසා තිබෙන විදිහට ස්වභාවික මුතු ඇට හැදෙන්නේ බෙල්ලෙකු තුළට ඇතුළුවන ද්‍රව්‍ය එළියට තල්ලු කිරීමේ වෑයමේදී පිටකරන ශ්‍රාවයන් ඝනවීමෙන් කියයි. නමුත් මෙය එසේ සෑදුනක් ලෙස සිතීමට අමාරුයි (නි)
ඇත්ත මුතු ඇටය මෙහෙම නම් බෙල්ලාගේ ශරීර ප්‍රමාණය කොහොම ඇද්ද (නි)
මාලක මේක තඩි බෙල්ලෙකුගේ (බ)
මෙය නම් පුදුමාකාරයි (නි)
ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා ලංකාවට කිවුවේ එහි පිහිටීමේ හැඩයට (නි)
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)