ලොව උසම ගොඩනැගිල්ල සෞදි ආරාබියේ ඉදිකරමින් පවතින බව එරට රජය පවසයි. මෙය ලෝකයේ මෙතෙක් කළ සියළු ඉදිකිරිම් පරයන සුවිශාල ගොඩනැගිල්ලක් බවත් එය මිනිසා විසින් කරනු ලබන නිර්මාණයක් වෙනුවෙන් යෙදවූ වැඩිම වියදම බවත් සෞදි රජය මාධ්‍යයට හෙළි කැර ඇත.
සෞදියේ ජෙඩා නගරයේ සාදන මේ ගොඩනැගිල්ල ‘‘රාජධානි කුළුණ‘‘ (කින්ඩම් ටවර්) නමින් හඳුන්වා ඇති අතර ඇමරිකන් ඩොලර් බිලියන දෙකකට වඩා වියදම් වන බව එහි ඇස්තමේන්තුව අනුව පැහැදිලි වේ. එහි උස අඩි 3280 ක් හෙවත් කිලෝ මීටරයකි. මහල් 200ක් සහිත මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා කොන්ක්‍රීට් වර්ග අඩි ලක්ෂ 57ක් වැයවන බව ඉංජිනේරුවෝ කියති. ඉදිකිරිමට අවශ්‍ය යකඩ ප්‍රමාණය ටොන් 80,000කි. පාදම පොළොව මට්ටමේ සිට අඩි 200ක් යටට විහිදෙයි. දැනට මෙහි 26 වැනි තට්ටුව දක්වා ඉදිකිරීම් ආරම්භ කර ඇත. එය ගොඩනැගිල්ලේ පළමු අදියරයි.
ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ 2020 දී ය. කොන්ක්‍රීට් ඇතුළු අවශ්‍ය අමුද්‍රව්‍ය ඉහළට ගෙන යාම සඳහා අති නවින තාක්ෂණය යොදා ගැනීමට ද අපේක්ෂිතය.
මේ ගොඩනැගිල්ල දැනට ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැළකෙන ඩුබායිහි ‘‘බර්ජ් කලීෆා“ කුළුනට වඩා උසැතිය. බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ උස අඩි 2722කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජින්ද, හරි ෂෝක් කතාවනේ! අපි මහන්සිවෙලා දුක්විඳලා ගෙන එන සල්ලි මදිවාට අර චිනාගෙන් රට උකස් කරලා ගත්ත සල්ලි වලින් කුළුණු හදලා අන්තිමට අපි නුපන් පරම්පරා 10 ක මේ ණය ගෙවන්න ණයකාරයෝ කරලා. ලැජ්ජයි කියන්නත් ලැජ්ජයි. (නි)
කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද ලෝකයේ? (නි)
ලොව ලොකුම ගොඩනැගිල්ල හැදුවත් තිරිසන් සතෙකුටත් වඩා පත් අන්දමට මිනිසාට සහ විශේෂයෙන්ම ස්ත්රීන්ට සලකන ආකාරය ඉතාම පහත්ය.(රේ)
මේක බිම දාන්නේ අල් කයිඩාද? අයි එස් අයි එස් ද? මොනුන් වෙයිද දන්නේ නෑ නේද? බොරු සල්ලි වියදමක් සියලු දේ අනිත්‍යයි. මේවාගෙන් වෙන්නේ පෘථිවි තලය අසමතුලිත වී භූමි කම්පා වගේ දේවල් තමයි. (බ)
මාගලි ෆොන්සේකා, අද නම් ඔයා හොඳ පරිප්පුවක් කෑවා නේද, අනුන්ගේ වැරදි හොයන්න ගිහිල්ලා. මිටපස්සෙවත් අදහස් දමන්න කලින් හොඳට හොයලා බලන්න, අනුන්ට බොරුවට දොස් පවරන්න කලින්. (නි)
ලෝකයේ බොරතෙල් භාවිතය විශාල වශයෙන් පහළ යනවා වෙනත් විකල්ප බලශක්ති කරා යොමු වෙනවා. (ම)
දැන් සටන පටන් අරගෙන තියෙන්නේ නෙළුම් කුලුන ගැනයි ,අයිෆල් කුලුන ගැනයි.මම අහලා තියෙන විදියට අයිෆල් කුලුන හැදුවේ ඔස්ට්‍රියානු ජාතිකයෙක්. (ම)
හැදුවා වගේ නෙමෙයි නඩත්තු කරන්න ගියාම (ම)
මොකා මොන රටේ එකාවුනත්,සිංහල අය දන්නේ නිකන් ඔහේ බෙරිහන්දෙන්න විතරනේ. (ස)
මාගලි ෆොන්සේකා හුඟක් දන්නවා වගේ අනුන්ගේ වැරදි හෙවුවට එයත් වැරදියි. අයිෆල් ඔස්ට්‍රියන් ජාතිකයෙක්. කලක් එයා ජර්මනිය හා බද්දව තිබුණ. හිට්ලරුත් ඔස්ට්‍රියන් ජාතිකයෙක්. විජිත් නම් පටලව ගත්ත පමණයි.මාගලි නැවත ලෝක ඉතිහාසය කියවන්න. (ස)
විජිත්, මාගලී ෆොන්සේකා... දෙයක් කියෙද්දී දෙවරක් බලල කියන්න. මොකද මේ කාලේ මිනිසුන් එච්චර මෝඩ නැහැ... ඕන දෙයක් ගුගුල් ඔස්සේ දැනගන්න පුළුවන්... එනිසා අදහස්වලින් පරිස්සම් වෙන්න. (ස)
විජිත්, ඔය නොදන්නා දේවල් කියන්න එපා. ගුස්ටාව් අයිෆල් කියන ඉංජිනේරුවරයා උපතින් ප්‍රංශ. දෙමාපියන් ජර්මනියේ ඉඳලා ප්‍රංශයට පදිංචියට ආවේ. ගුස්ටාව් අයිෆල් ඉපදුනේ ප්‍රංශයේ (නි)
සුදු මිනිහා අනුන්ගේ දේවල් හොරකම් කරලාහරි එයාලගේ රටවල් දියුණු කරගත්තා. අපි අපේ දේවල් ගෙනියනතුරු බලාසිටියා (නි)
කොහොම වුණත් ත්‍රස්තවාදී කණ්ඩායම් ගුවන් යානා යොදවා මේ කුළුන විනාශ කරන එකක් නම් නැහැ. (නි)
විස්මිත නිමැවුමක් (නි)
කමනි - කුවේට්, අඩුමගානේ පරම්පරා 20-25ක්වත් ඔය ණය ගෙවන්න වෙයි (නි)
අයියිඕ සල්ලි, තෙලේ බලේ තමයි මේ..(ම)
මේවා විශ්වකර්ම වැඩ. (නි)
හිතා ගන්න අමාරුයි. නිර්මාණය හැදුවට පස්සේ හැබයින් දකින්නම ඕනේ.(හේ)
අපේ රටෙත් නෙළුම් කුලුන හදනවානේ ලොකු ණයක් එහෙම අරගෙන. කුළුණු තිබෙන අනෙක් රටවල් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටවල් වන අතර ණයබරින්, දුප්පත්කමින් පීඩාවිඳින අපි පමණක් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. (නි)
ගුණසිරි,මේ අයිෆල් කුළුණ හදපු ගුස්ටෆ් අයිෆල් කියන ඉංජිනේරුවරයා උපතින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. එයා ප්‍රංශයේ තමයි ජීවත්වෙලා තියෙන්නේ. ප්‍රංශ විප්ලවයේ සියවස සමරන්න 1889 දී ප්‍රංශ රජය විශාල ප්‍රදර්ශනයක් සංවිධානය කළා. ඒ ප්‍රදර්ශනයට ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස හදපු මේ කුළුණ අදටත් ඒ ලෙසම ජීවමානව තිබෙනවා. මේ කුළුණේ අවසාන තට්ටුවේ නැරඹුම් මැදිරියේ එක තැනක අපේ රට තිබෙන දිශාව දක්වා "ශ්‍රී ලංකා 8500 කිලෝමීටර්" ලෙස දක්වා තිබෙනවා. (නි)
ඔවු. විජිත් කියන දේ තේරුම් ගන්න හදවතක් තිබෙන්න ඕනෑ. අපේ කාන්තාවෝ ගරුත්වය විතරක් නොවෙයි ජීවිතයත් දන්දීලා කාන්තාරෙන් ගෙනෙන මුදල්, කුළුණු හදන්න චීනුන්ට දීලා දාන්නා තරම් වටිනාකමක් නැති සල්ලි නොවෙයි. ඒ සල්ලි ගේන කාන්තාවන්ගේ දරුවෝ උගතුන් කරන්න ඒ සල්ලි යොදවනවා වෙනුවට, පහුගිය කාලේ කළේ කුළුණු හදලා ඒවා බලන්න එන, කැසිනෝ ගහන්න එන සංචාරකයන්ගේ සිත සනසපු එක. (නි)
විජිත් මහත්මයාගේ කතාව මමත් අනුමත කරනවා. (ස)
සෞදිය මේවා හැදුවට වැඩක් නෑ. අපිට බලලවත් යන්න බැරි රටක් නේ. (ස)
ප්රංස ජාතික ඉංජිනේරු අයිෆල්ගේ නිර්මාණයක් නිව්යෝර්ක් නගරයේ නිදහස් ප්‍රතිමාව. එය ඇමෙරිකාවට ප්රන්සයෙන් ලැබුන තෑග්ගක්. ඔහුම තමා අයිෆල් කුලුන හැදුවෙත්. (ස)
තව අවුරුදු 10 යනකොට අරාබි රටවල් වල ආර්ථිකය කඩ වැටෙන බව දැනටමත් ඉගි පළ වෙලා තියෙන්නේ.මේ කරන්නේ තව ඉක්මන් කිරීමක්! තෙල් වල බැරල් අගය දිනෙන් දින පහල යනවා මේගොල්ලෝ බය වෙලා ඉන්නේ!(හේ)
මේක හැදුවහම මුළු ලෝකයම පෙනෙයි මේකේ මුදුනට (නි)
විජිත් මහත්තයෝ, අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව හා යුරෝපයේම රටවල් හූරගෙන කාලයි ප්‍රංශය ඔය කියන අරවා මේවා හැදුවේ. එහෙම නැතුව අනුන්ට ගින්දර නොදී ණයක් අරගෙන හැදුවත් නෙළුම් කුළුණ ලස්සන වෙන්නේ ඒකයි. (නි)
විජිත් වගේ අනුන්ගේ දේට කැහැලා තමන්ගෙ දේ පහල දාන අය නිසා තමයි අද අපෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. අලුත් ජනතාවක් පත්කර ගත යුතුයි. (ස)
ප්‍රංශ මුදල්? විජිත් දන්නවද ප්‍රංශේ ඒ මුදල් හම්බ කලේ කොහොමද කියල? (ස)
මමනම් අහල තියෙන්නේ අය්ෆල් කුලුන ප්‍රංශයට ලැබුන දෙයක් කියල මිස ඒ රටේ සල්ලි වලින් හදපු දෙයක් නෙවේ කියල. මම වැරදි නම් නිවැරදි කරන්න. (ස)
මේ අරාබි කාරයින් අතරත් සටනක් පවතිනවා එදා සිටම.ඒ තමන්ගේ අගය හෙවත් ආර්ථික හැකියාව අනෙකා පරයා පෙන්වීමට තිබෙන සටනයි.ඩුබායි කුලුනට අභියෝගයක් ලෙස ඉදිකරන කින්ඩම් ටවර් එකෙන් මේසටන අවසන් වන්නේ නැහැ..තවටික දවසකින් කටාර් රාජ්‍යයත් මේ සටනට එක්වේවි..සමහරවිට එයා කිලෝ මීටර් 1.3 ක විතර කුළුණක් සදාවී..සල්ලිවල බලය පෙන්වන්නට කරන මේ සටනේ අවසානය කෙසේවෙතත් ...රුපියල් අස්සේ අලුක්කාල් ගහන රටවලුත් සිටිනබව ඔබ දන්නවා ඇති....නෙලුම් කුලුන නම් කුළුණක් ලංකාවෙත් හදනවනේ..චිනාගෙන් කොටි ප්‍රකෝටි ගණනක් ණයට අරගෙන, චිනාගෙන්ම තාක්ෂණය ලබාගෙන හදන මේ කුලුන ලෝක ප්‍රකට පැරිසියේ අයිෆල් කුලුනටත් වඩා ටිකක් උසින් වැඩියිලු. එය සෑදීමෙන් පසු වසර 25 ක් චීනා විසින් එහි අදායම ලබාගෙන, අවසානයේදී වසර 25 ක් පරණ කුළුණක් අපට බාරදේවි සමහරවිට. එදා වනවිට තව තවත් කුළුණු ලෝකයේ බිහිවෙලා තිබේවි ....නමුත් දැනට අවුරුදු 100 ටත් කලින් ප්‍රංශ ඉංජිනේරුවෙක් විසින් ප්‍රංශ තාක්ෂනය භාවිතා කොට, ප්‍රංශයේ මුදල් වලින් ඉඳිකළ " සුන්දර පැරිසියේ යකඩ ලලනාව " නොහොත් " අයිෆල් කුලුන " එදාටත් අද සේම ලොව සුන්දරම කුලුන ලෙස අභිෂේක ලබමින් ආදරයෙන් අහස සිපගනිමින් ජිවත්වේවි. (ස)