ලන්ඩන් නුවර ජීවත්වන කලාකාමී ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ආරම්භකර ඇති නව කලා සංගමයක් මඟින් සම්මානනීය රුසියා සිනමා කෘතියක් තිරගත කිරීමට යයි.
"සමාජවාදී කලා සංගමය" නමින් පිහිටුවා ඇති එමගින් ඉදිරියේදී විවිධ කලා අංශයන් පිළිබඳව සම්මන්ත්රණ , සංවාද හා ප්‍රදර්ශන සංවිධානය කිරීමට බලාපොරොත්තුවන බව එහි කැඳවුම්කරු දන්වා ඇත. " නිසල හිමිදිරිය" නම්වූ සම්භාව්‍ය රුසියා සිනමා කෘතිය ප්‍රදර්ශනය කෙරෙන්නේ එම සංගමයේ මුලාරම්භක වැඩසටහන ලෙසය.සිංහල උප ශීර්ෂ සහිත එම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ නොමිලයේය. චිත්‍රපට දර්ශනය අවසානයේ ඒ පිළිබඳව සංවාදයක් පැවැත්වීමටද බලාපොරොත්තු වෙයි.
ස්ටැනිස්ලාව් රොස්ටොට්ස්කි අධ්‍යක්ෂණය කල " නිසල හිමිදිරිය" 1972 ඔස්කාර් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සඳහා විදේශ චිත්‍රපට අංශයට තෝරා ගත් නිර්මාණයකි. 1942 ලෝක යුද්ධයේ සත්‍ය සිදුවීමක් අළලා ගෙතී ඇති අනුවේදනීය කතා පුවතක් එම චිත්‍රපටයට පාදක වී ඇත.
සිනමා නළුවකුද වන රොස්ටොට්ස්කි වසර ගණනාවක්ම මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ අධ්‍යක්ෂක තනතුර දැරුවේය. ඔහුගේ බිරිඳ සහ පුතාද සුප්‍රකට රුසියානි රංගන ශිල්පීහු වෙති.
සමාජවාදී කලා සංගමයේ වැඩ සඳහා සහභාගී වන ලෙස ලන්ඩන් නුවර පදිංචි කලා ළැදි ශ්‍රී ලාංකිකයින් හට එම කණ්ඩායම ආරාධනා කරන බවද මෙම චිත්‍රපට දර්ශනය පිළිබඳව නිකුත්කර ඇති නිවේදනයෙහි සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියානු සිනමාව ගැන කතා කරන්න ඕනෑ තරම් ලෝක ප්රබුද්ධයෝ ඉඳිද්දී ශ්‍රී ලාංකික ඔබලා මොකටද ලංකාවේ බිහිවූ සම්මානනීය සිනමා කෘති අමතක කර මෙවන් දෙයකට පෙළඹුනේ? (නි)
තම හෙළ බිම ගැන දෙයක් නොකර 'රුසියාව' ට ආවඩන මේ ලාංකිකයින්ට පුළුවන් නේද රුසියාවටම ගොස් ජීවත්වෙන්න. ඇයි මේ ලන්ඩනයේ ඔබලා ඉන්නේ?(නදී)
මේක නම් කීයක් හරි හොයාගන්න දරන උත්සාහයක්. ලංකාවේ දේවල් කරලා බැරිම තැන 'රුසියන්' වැඩක් කරන්න බලනවා ඇති.(නදී)
ලංකාවේ දුප්පත්කම, ලෙඩ රෝග, පන්සල් නගා සිටුවීම සහ විවිධ අභාග්‍ය සම්පන්න කාරනා වලට පින් ඇති ලාංකිකයින් විවිධ ව්‍යාපාර මගින් ලන්ඩනයේ ආධාර රැස් කර විශාල මෙහෙයක් කරනවා. (නි)
චැනල් 4 ට උත්තර දෙන්න හරියන කෘතියක් කළා නම් හොද නැද්ද? (නි)
රුසියාවෙත් නැති සමාජවාදය ඔලුවේ තියාගත් සිංහලයෝ ටිකක් තම එදිනෙදා වියදමට මුදලක් සොයාගන්න දරන මෝඩ උත්සාහයක්.(නදී)
අද රටේ තිබෙන විරැකියාව නිසා ලාංකිකයෝ මොන විජ්ජාවක් හෝ පෙන්නලා කීයක් හරි හම්බකරන්න තමයි හදන්නේ.(නදී)
නාරද , මැක්ෂීම් ගෝර්කි වගේ අය ගැන දන්නේ නැහැ වගේ. (නදී)
වීරසිංහ, වලිසිංහ ඔබලා දෙන්න කියන දේම තමා මටත් කියන්න තියෙන්නේ අපිනම් ඔය පළාතේ යන්නේ නැහැ. ලංකාවේ නියම සිංහලයෝ අපි.(නදී)
මේ වාර්තාවට අදහස් පලකරන බොහෝ දෙනා හරි හැටි බලලා නෙවි ලියලා තියෙන්නෙ. ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් ඔලු නරක් කර ගත් බොල් මිනිසුන්ගෙ පොඩි පොඩි විහිලුවලට ඇහුම් කන් නොදි ඔය වගේ උසස් තත්වයේ කලා නිර්මාන අපට ලබා දෙන්න ඔබලාට ශක්තිය ලැබේවා.(නදී)
කලාව යනු විශ්ව භාෂාවකි. ලෝකයේ ඕනෑම තැනකින් නිර්මාණ බිහිවිය හැක. ඒවා රූප, ශබ්ද,හෝ ලිඛිත ආදී ඕනෑම ධාරාවකින් අපට දැකිය හැක."මොනාලිසා" සිතුවම, "අම්මා" නවකතාව සිමා මායිම් නොමැතිව ලොවම වැළඳ ගත් නිර්මාණ අතර ඉදිරියෙන් ඇත. ගීත කලාවේ මෙන්ම නාට්‍ය කලාවේද ලොවම දිනු නිර්මාණ සඳහා ඕනෑතරම් උදාහරණ ඉතිහාසයේ ඇත. අනාගතයේත් එවැනි නිර්මාණ බිහිවෙනු ඇත. නිර්මාණකරුවාගේ සිතුවිලි මහා සමාජය හා බෙදාගැනීමට කලාව උපකාරී වී ඇත. වත්මන් ක්‍රමය තුල සියල්ල විකිනෙන,විකුණන ආකාරයට මිනිසුන් සිතතන්නට පෙළඹීම වත්මන් ක්රමයේ අතුරු ඵලයක් ලෙස මිනිස් සිත් තුලට රිංගා ඇත. මේ ක්‍රමය විසින් අවුල්වූ සිත් සුවපත් කිරීමට කලා නිර්මාණයක් කියවීම සුව සාදන ඔසුවක් වනු ඇත. සමාජවාදී කලා සංගමයේ මේ උත්සාහය ඉතා වටිනා අගය කලයුතු අවස්ථාවක් ලෙස මා දකිමි. මේ මොහොතට සහභාගී වී මේ නිර්මාණය මට දැන්වූ යමක් පැමිණෙන අන් අය හා බෙදා ගැනීමටත් ඔවුන්ගේ අදහස් දැනගැනීමටත් මා උත්සාහ කරමි.එහි ඇති අපුර්වත්වය විඳීමට උත්සාහ කරමි. (නි)
සමාජවාදී කලා සංගමයේ උත්සාහයට අපේ අතහිත. ජයවේවා! (නි)