ලන්ඩනයේ ප්‍රධාන පෙළේ මෙන්ම පැරණිම රෝහලක් වන ගයිස් සහ ශාන්ත තෝමස් රෝහලට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ඔහුගේ දවැනියා වූ නික් ක්ලෙග් ඒවෙලාවේ රෝහලේ සේවය කරමින් සිටි ශල්‍ය වෛද්‍යවරයා විසින් පන්නා දැමිණි.
ඩේවිඩ් කැමරන් සහ නික් ක්ලෙග් රෝහලට ගියේ ලෙඩුන් බැලීමට නොවේ. ඉදිරියේදී හඳුන්වාදීමට සැලසුම් කර ඇති නව වැඩපිළිවෙළ පිලිබඳ මාධ්‍යය වෙත තොරතුරු සැපයීම සඳහා ප්රවෘත්ති වාර්තාවක් පටිගත කරගැනීම සඳහාය. ඔවුන් දෙදෙනා සමඟ වැඩසටහන පටිගත කිරීම සඳහා මාධ්‍යවේදීහූ ද කැමරා කණ්ඩායමක්ද රෝහලට පැමිණ සිටියහ. ගයිස් ශාන්ත තෝමස් රෝහල පිහිටියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යාබද තේම්ස් නදී ඉවුරේ අනෙක් පැත්තේය. රෝහල ප්රවෘත්ති වාර්තාව පටිගත කිරීමට තොරා ගැනුණේ ඒ නිසාය.
වැඩසටහන පටිගත කිරීම ආරම්භ කෙරුනේ උකුළු ඇටය ආදේශනය කරගැනීමේ බලාපොරොත්තුවෙන් රෝහල් ගතකර සිටි 63 හැවිරිදි රෝගියකු සිටි ඇඳ අසලදිය.
රෝහලේ එම පටිගත කිරීම සඳහා අවශ්‍ය අවසර අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් කල්තියා ලබාගෙන තිබුණි. කෙසේවුවද අගමැති වරයාත් උප අගමැති වරයාත් රෝගියාගේ ගුණ දොස් විමසීම පටන් ගන්නවාත් සමඟම රෝගියාගේ ශල්‍යකර්මය බාරව සිටි විශේසඥ වෛද්‍යවරයා එතනට ආවේය. කණ්ඩායමට වහාම රෝහලෙන් පිටව යන ලෙසට අණ කළේය.
" මම තමා මෙතන වැඩ බාරව ඉන්න ශල්‍ය වෛද්‍යවරයා. මෙතන වැඩ කෙරෙන්න ඕනෑ ලෙඩුන්ගේ අවශ්‍යතාවයන්ට මුල් තැන දෙමින්. මෙතන ඉන්න පත්තර කාරයන් සහ කැමරා කාරයන් කිසිකෙනකු රෝහලක දී සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ක්‍රියාකාරකම් ගැන සැලකීමක් දක්වා නැහැ. රෝහලක එහෙම වෙන්න බෑ. ඔය වැඩේ දමල ගහල ඉක්මනින් යනවා යන්න" යයි ඔහු වේගවත්ව අගමැති වරයාටත් උප අගමැති වරයාටත් දැඩිව අන කළේය.
වෛද්‍ය වරයා පෙන්වා දුන්නේ රෝහලකට ඇතුළු වීමේදී එහිතබා ඇති අත් පිරිසිදු කිරීමේ ආලේපන පාවිච්චි නොකිරීම, රෝහලක අනවසර පරිදි ටයි පටි පැළඳගෙන සිටීම, කමිස හෝ කෝට්, අත් හකුලුවාගෙන නොසිටීම වැනි සරල එහෙත් රෝහලක සනීපාරක්ශාවට වැදගත් කරුණු පිළිනොපැදීම නිසා එම පිරිස එලවා දැමු බවයි.
දොස්තරවරයාගේ ක්ෂණික දෝෂාරෝපණය තුෂ්නිම්භූතව අසාසිටි අගමැති වරයාත් උප අගමැති වරයාත් ඔවුන් සමඟ පැමිණි කණ්ඩායමද කටුව වහාම රෝහලෙන් පිටව ගියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මෙහෙම වුණානම් වෛද්‍යවරයකු කළා නම් ඒ ඔහු ජීවත් වන අවසාන මොහොත වීමට ඇති ඉඩ බොහොයි (ම)
ලංකාවෙත් ඔය වගේ නිර්භීත දොස්තරවරු ඉන්නවා. (නි)
තශිරා අබේ, ඔබ ඔහොම කිව්වට, ලංකාවේ සෑම දොස්තර කෙනෙක්ම ඔබ කියනා විදිහේ අය නොවේ. ඉඳහිට හෝ දෙවියන් වැනි දොස්තරලා අපේ රටේ ඉන්නවා (නි)
අපේ නම් පසුගිය රජය කාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාටත් මීටවැඩිය බලය තිබුනා (නි)
ඒකටත් එක්ක ලංකාවේ. දොස්තරලා වූ ගමන්ම බෙල්ලේ ටයිපටිය එල්ලා ගන්නවා. ඒක ගළවන්න සක්‍රයාටවත් බැහැ ඊටපස්සේ (නි)
ඉස්සර "ආරෝග්‍යා පරමා ලාභා" අද, "ආරෝග්‍යශාලා - පරමා ලාභා"! (නි)
ලංකාවේ වගේනම් කොහෙට හරි මාරු කරලා නැත්තම් සුදු වැන් එකෙකින් උස්සල නැත්තම් දොස්තරලා ස්ට්‍රයික් අගමැති තර්ජනය කළා කියල එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (කෞ)
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ...(ම)
පුදුමයි ඒත් ඇත්තයි.අපේ රටේ ඔය වගේ දෙයක් වුණානම් මොනවා වෙයිද?(හේ)
තශිරා අබේගුණවර්ධන, ඉඩ ලැබෙන්නේ කොයි වේලාවේද දොස්තරලට බනින්න කියල බලන් ඉන්නේ නේද? ඔය තරම් කුහක වෙන්න එපා. ලංකාවේ බහුතරයක් දොස්තරලා ඔයා හිතන තරම් සල්ලි පස්සේ දුවන්නේ නෑ.- ලංකාවෙ සමාජේ අනෙක් මිනිස්සු සල්ලි පස්සේ යන්නේ නැතිද? සේරම එහෙමයි - එහෙම වෙලා තියෙන්නේ ලංකාව දුප්ප්පත් රටක් නිසා - හැමෝම සල්ලි පස්සේ දුවනකොට දොස්තරලා විතරක් වෙස්සන්තර වෙන්න කියලද කියන්නේ. සේරටම ඉස්සර දෙස්පලුවන්ගේ දුෂණ නතර කරලා සැබෑවටම ජනතාව අතරට ඒ මුදල් ලබාදෙන්න -සමාජය, මාධ්‍යය දෙස්පලුවන්ගේ එහෙයියෝ වෙන්නේ නැතිව දුෂණයට විරුද්දව නැගී හිටින්න -ඔයා දන්නවද එංගලන්තේ ප්‍රයිවට් දොස්තර කෙනෙක් හම්බ වෙන්නත් කියක් ගන්නවද කියල?(බෙහෙත් නැතිව)- ඒ මනුස්සයෙකුගේ එන් එච් එස් පඩිය කීයද කියලා. ඒ නිසයි ඒ අය ප්‍රයිවට් කරන්නේ නැත්තේ (බ)
ප්රජාතන්ත්රවාදය කියන්නේ කුමක්ද කියා බ්‍රිතාන්‍ය අගමැති හොඳ ආදර්ශයක් දුන්න. නමුත් එහෙම වෙන්නේ එංගලන්ත ජනතාව දේශපාලන පක්ෂ බදාගෙන දඟලන්නේ නැති නිසා. යම් විදියකින් ලංකාවේ කරන විදියට දොස්තර අතුරුදහන් කළානම්, බ්‍රිතාන්‍ය ජනතාව කවදාවත් අගමැතිට සමාව දෙන්නේ නැහැ. ඔහුත් ඒබව දන්නා නිසා රෝහලින් ඉවත්වී ගියා (බ)
ඉමේෂ් බත්ද කන්නේ (බ)
විශ්වාස කරන්නත් අමාරුයි (නි)
ඇසල....සුහද කොකා වගේ නේද?....හැමෝම කොකා පෙන්වන්නේ අහිංසක මහා ජනතාවට තමා....(හේ).
ලංකාවේ සුරංගනා කතාවක එහෙම වෙයි නේද ?(හේ)
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේදී එහෙම වුණේ නැහැ. ඉස්සර .... (නි)
කින් බෙනට්, ඔබගේ කීම සහතික ඇත්ත. (නි)
මෙතන වටිනාම ආදර්ශය ගන්න තියෙන්නේ අගමැතිගෙන් . එහෙ අගමැති රටේ ප්‍රධානියා උනාට එම ස්ථානයේ ප්රධාන්යා නොවන බව ලෝකයටම කියා දුන්නා අන්න ඒකයි වටිනා කම . (ර)
ලන්ඩනයේ එහෙම වුනත් කලින් නම්, ලංකාවේ එහෙම වුනේ නෑ. (බ)
මෙන්න නිව්ස්. මෙන්න මිනිස්සු. මෙන්න ප්රජාතන්ත්රවාදය. සුදුස්සාට සුදුසුතැන, (බ)
අපෙත් ඉතින් මෙහෙම වෙන්න තිබ්බ කලින් ආණ්ඩුව තිබ්බ නම්. දැන් නම් ඉතින් මෙහෙම වෙන එකක් නැහැ. (අ)
හුසේන් මොහොමඩ් දැන් ලංකාවේ එහෙම වෙනවද (අ)
ලංකාවෙත් ඔය වගේ දොස්තරලා ඉස්සර හිටිය 1981 දී නුවර මහරෝහලේ අවසර නැතුව වාට්ටුවේ අවේලාවේ සිටිය සෞඛ්‍ය උප ඇමතට වාට්ටුවෙන් වහාම පිටව යන ලෙස දොස්තර මහතා නියෝග කළා. උප ඇමති තුමා වහාම වාට්ටුවෙන් පිටව ගිය දින කිහිපකට පසුව දොස්තර මහතාට ප්‍රසංස කොට ලිපියක් යව තිබුණ. ඉතින් ඔහොම වැඩ ලංකාවෙත් හිඳල හිටලා හරි වෙනවා (අ)
දේශපාලකයන්ට රෝගීන්ව පේන්නෙත් තමුන්ගේ වාසියට. (ර)
මෙන්න දොස්තර වරු.(හේ)
දොස්තරව වගේම ඔහුට අවනත වූ අගමැතිටත් අපි ගරුකරන්න ඕනේ (අ)
මේ දොස්තරව එක පාරක් එෆ්සීඅයිඩීයට ගේන්න (බ)
මෙම සිද්දිය ලංකාවේ වුණා නම් පසුදා දොස්තර වැඩ තහනම් , දින කිහිපයකින් දොස්තරගේ මල සිරුර කොහේ හරි , නැතිනම් කාව හෝ යොදවා අල්ලස් ගන්නට සැරසුනා කියා නඩුවක් පටලවා ඔහු සිර ගෙදර , බටහිර රටවල සහ අපේ රටේ වෙනස ඕකයි (අ)
ඔයවගේ දොස්තරලා සිංගප්පුරුවේ හොස්පිටල් වල නැද්ද.(බ)
මහින්ද ආර් කිතුල්ගොඩ දන්නේ නැද්ද සිංගප්පුරුවේ රෝහල් වල දොස්තරලා හිටිය උපන්දින සාද නේ පවත් වන්නේ. ඒවා වීඩියෝ කරලා අපිට පෙන්නවා කොකා පෙන්නනවා වගේ හොදයි නේද.? (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ- ඔයවගේ දොස්තරලා සිංගප්පුරුවේ හොස්පිටල් වල ඕන තරම් ඉන්න නිසානේ අපේ කට්ටිය පල බදාගෙන යන්නේ! (බ)
අපේ සමහර දොස්තරලා බස් වල කොන්දොස්තරලා වාගේ , රෝගියා ගෙන නොව ලැබෙන මුදල පමණයි සලකන්නේ , ඒවා දියුණු රටවල නැහැ කියා මෙයින් ඔප්පු වෙනවා (බ)
නලින් යහම්පත්, ඔබ හරියටම හරි (නි)
ඉමේෂ් බම්බුව. (බ)