ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධව පිහිටුවා ඇති විෂ්ණු කතරගම දේවාලයේ ආරම්භයේ සිට සියලු තේවා කටයුතු සහ පුද පුජා පැවැත්වූ ලීලාරත්න කාරියවසම් කපු මහතාගේ ආදාහනය හිතමිතුරන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ලන්ඩන් නුවරදී සිදුවිය.
ඔහුගේ මෘතදේහය එදින උදැසන කින්ස්බරි විහාරස්ථානයට රැගෙන එනු ලැබිය. එහිදී මහා සංඝරත්නය ඇතුළු හිතමිතුරන් බොහෝදෙනෙක් ඔහුට සිය අවසන් ගෞරවය දැක්වුහ. ලීලාරත්නයන්ගේ බෞද්ධ විවාහ චාරිත්‍ර සහ වෙනත් සංස්කෘතික වැඩ කටයුතු සඳහා උදව් උපකාර කළ පණ්ඩුක වික්‍රමරත්න, ඒ.පී.අත්තනායක සහ ජයරත්න බණ්ඩාර වැනි හිතවත්හු විසින් විහාර භුමිය ගොක් රැහැන් සහ සුදු කොඩි ඇද අවමංගල්‍යය සඳහා සුදානම් කළහ.
එතැන් සිට සැතපුම් හයක් වැනි දුරකින් පිහිටි ගොල්ඩර්ස් ග්‍රීන් ආදාහනාගාරය වෙත මෘතදේහය රැගත් දෙන රිය පෙරහරකින් රැගෙන යනු ලැබිය. අවසන් කටයුතු සඳහා ද විශාල පිරිසක් සහභාගිව සිටියහ. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක කින්ස්බරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමි, බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක බොරැල්ලේ අතුල නාහිමි, ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානාධිපති උළුවිටිකේ බෝධිසීහ හිමි, බාර්ත් ස්පා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දීගල්ලේ මහින්ද හිමි ඇතුළු මහා සංඝ රත්නය දහනමක් අවසන් කටයුතු සඳහා සහභාගී වුහ.
ආදාහන කටයුතු මෙහෙය වුයේ ලීලාරත්නයන් අසනිප වුදා සිට දිනපතා ඉමහත් උනන්දුවකින් ඔහුගේ අවශ්‍යතාවයන් සොයා බලමින් දැඩි සෙනෙහසකින් යුතුව කටයුතු කළ කින්ස්බරි විහාරවාසී නෙපාලේ සුමන හිමියන් විසිනි. බොරැල්ලේ අතුල හිමියන් පැමිණ සිටි සියලු දෙනා පන්සිල්හි පිහිට වූහ.
පියදස්සි නාහිමියන් අනුශාසනාව පවත්වමින් ලීලාරත්න වැනි පින්වත් මිනිසකු නැවත හමුවීම ඉතාම දුලබ බව පැවසුහ. ගුණ කථනය පැවැත්වූ බාර්ත් ස්පා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය දීගල්ලේ මහින්ද හිමි පැවසුවේ ලීලරත්නයන්ගේ අභාවය පිළිබඳව දැනගත හැකි වුයේ ලංකාදීප එසැණ වෙබ් අඩවියෙන් බවය. ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් චන්ද්‍රා මොනරාවල ඉංග්‍රීසි භාෂාවෙන් ගුණ කථනයක් කළේය.
මතක වස්ත්‍ර පුජාව ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරාධිපති උළුවිටිකේ බෝධිසීහ හිමියන් විසින් මෙහෙයවනු ලැබිය.
කින්ස්බරි විහාරස්ථානය සහ ලීලාරත්නයන්ගේ සියලුම හිතවතුන් වෙනුවෙන් අතුල ද සිල්වා ස්තුති කථාව කළේය.

![2[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2212.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/415.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/512.jpg)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/711.jpg)
![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/1011.jpg)
![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/1113.jpg)
![16[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/1612.jpg)
![17[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/1712.jpg)
![18[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/1811.jpg)
![20[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2015.jpg)
![24[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2412.jpg)
![27[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2711.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසෝකා, කරන හොඳ දේ තමයි අන්තිමට අරගෙන යන්න ඉතුරුවන්නේ. ඒ නිසා දැන්වත් බෞද්ධයෙක් වෙන්න උත්සාහ ගන්න. (නි)
ඔහු කපු මහතෙකුගේ සේවාවට වඩා පන්සලට එන මිනිසුන්ගේ දුක සැප සොයාබැලුවා. හැමෝටම එක වගේ සැළකුවා. මට ඔහු වසර 6 කින් හමුව නැහැ. නමුත් ඔහුගේ මනුස්සකම තාම හදවතට දැනෙනවා. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුමා අමාමහ නිවනින් සැනසේවා! (නි)
ඔබගේ අභාවය ලොකු අඩුවක් අපිට (නි)
චතුර ඔයගොල්ලෝ පන්සල් යන්නේ කපුරාලට කියලා ඔබලාගේ දුක සැප බලවා ගන්නද? හරි පුදුම බෞද්ධයෝ නේ ලන්ඩන් ඉන්නේ. (ම)
මේකේ ලියල තියෙනඅදහස් දැක්කම පිටරටවලට ඇවිල්ලත් එ් මිනිසුන්ගේ හරි හොඳ දෙයක් දකින්න බැරි තරම් ජාතියක්ද අපි කියල හිතුන.අපිට අපේ තිබුන බුදු දහම මහා වංශයෙන් වෙනස් කරලා ලියන්න හේතුවත් ඒ කාලෙත් මෙහෙම අය හිටිය නිසයි. මහායාන අාගම් කලවම් කරලා ලියපු මහා වංශය පරිහරණය කරන කොට මෙහෙම වෙනවා. පිටිගල මහතා නම් කිසිම කෙනෙකුගේ හොඳක් දකින කෙනෙක් නෙමෙයි. මේ ආත්මයේ වත් ලැබිල තියෙන මොලයෙන් ප්‍රයෝජනයක් අරගෙන පිනක් දහමක් කරගන්න බලන්න. කෙනෙක් කරපු සුළු හරි හොඳ දෙයක් තියෙනවනම් ඒක අගය කරන්න පුරුදු වෙන්න; මෙහි තියෙන දේවල් දැක්ක පලියට පිළිතුරු නොලියන්න. මේ වගේ රටවලට අාවහම සමහර අයට ඉන්න හිටින්න පවා තැනක් හොයා ගන්න අමාරු වෙලාවල් එනවා. එහෙම වෙලාවල් වල මේ අය පිහිට වෙන්න ඇති.අපි යන කොට ගෙනි යන්නෙත් කල හොද නරක විතරක් බව හිතන්න. (ස)
ඔබට නිවන් සුව! (නි)
ඔහු ඇත්තෙන්ම හොඳ මනුෂ්‍යයෙක් (නි)
කපු මහතාට නිවන් සුව ලැබේවා! (නි)
සමහර අදහස් දැක්කහම නම් ඇත්තටම හරිම කණගාටුයි (නි)
ඔය ඔතන ඉන්න අයට පුලුවන්නම් අපේ රටේ දුප්පත් මිනිස්සු ඉන්න ගමකට ගිහිල්ල උදව්වක් කරන්න. (අ)
මා ලීලේ අයියා ගැන දන්නේ අවුරුදු 16 සිට. ඔහු මිනිස්කමෙන් පිරුණු ඉතා හොඳ ශ්‍රී ලාංකිකයෙක්. කිංස්බරි පන්සලට ආව ගිය ගිහි පැවිදි ලොකු කුඩා කාගේත් ආදරය හා ගෞරවය නොඅඩුව ලබාගත්තේ පන්සලේම කෙනෙක් ලෙසයි. කාලයක් රුසියානු තානාපති කාර්යාලයේ සේවයකර ලන්ඩනයට ආ ඔහුට නවාතැන වුණේ කිංස්බරි පන්සල. ඔහුට ලැබුණු සියල්ල පන්සල වෙනුවෙන් ම පුජාකළ සැබෑ පින්වතෙක් මෙන්ම පිරිසිදු ජිවිතයක් ගත කළ මිනිසුන් නොරැවටු ශාන්තිකර්ම හා පුද පුජ පමණක් කළ අයෙකි..ඔහුට අපහාස නොකරන මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.. කිංස්බරි පන්සලට ඔහු නැති අඩුව පිරිමැසිය නොහැකිය. එතුමාට නිවන් සුව (අ)
ඒ මනුස්සය මල එකට දුක් වන්නේ එයා දීපු කෑම නොලැබී යන එකටද.(අ)
බුදුදහම නොදන්න අය පන්සල් අස්සෙ දේවාල ගහගෙන හිටියට අපි මොනවා කරන්නද (අ)
බෞද්ධාගම අනුව හැඩ ගැහෙන අපේ ළමයින්, ඉංග්‍රීසි මහතුන් සහ පින්වත් ළමයින් ලංකාවේ සිට මෙහි පැමිණ සිටින පන්සල් අරක් ගත් ශ්‍රීලාංකික බෞද්ධ මහා පින්වතුන්ට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නේ. මේ අය පන්සල් වල කපුවන් දාගෙන කරන යාග හෝම නිසා අපේ දරුවන් අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුවයි ඉන්නේ. (අ)
අපි බෞද්ධයෝ කියාගෙන පන්සල් වල ඉස්සරහටම ගිහිල්ලා කැපීපෙනෙන්න කැමති කට්ටියකුත් ලන්ඩන් වල ඉන්නවා. (නි)
අසා ඇති ලෙසට, හමු වු සැමට යහපත සැළසූ ඔබට නිවන් සුව අත්වේවා! (නි)
ජාලිය,බර්මින්හැම් , මම නම් උපතින් බෞද්ධ වුනාට නෙමෙයි දන්නා කාලේ පටන් හදවතින්ම බෞද්ධයෙක්. මම හිතන්නේ ඔබ නියම බුදුදහම ගැන වැටහීමක් නැති කෙනෙක් කියල. (බ)
කපුකම් කලත් කළකම් පලදේ..!(රේ)
බෞද්ධ පන්සලක කපුරාල කෙනෙක්? අනේ බුදු සමිදුනි ඔබ දෙසු දහමේ නටබුන්ද විනාශවී ඇති බව නේද අප මේ දකින්නේ? (බ)
ඉහත ලිපියට අනුව නම් මේ පන්සලේ මගුල් කපුවෙකුත් ඉන්නවලු. මටත් හිතෙනවා ඔය පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා කපුකමක් කරවා ගන්න. (අ)
ලීලාරත්න තමන් වෙත උපකාර ඉල්ලා පැමිණි පුහුදුන් මිනිසුන්ගේ ඉල්ලීම මත ඔවුන්ගේ වුවමනාවන් උදෙසා පිහිටක් ලබාදීමේ අරමුනෙන් දේවාශීර්වාද ලබාදුන් අයෙකු මිස කෝවිලක් පිහිටුවා ජාවාරමක් කළ හෝ යකදුරුකම් හෝ මඟුල් කපුකම් කළ කෙනෙක් නොවේ.(බ)
මම හිතුවේ කපුවො ලංකාවේ විතරයි කියල දැන් එංගලන්තෙටත් ගිහිල්ල මෝඩ මිනිස්සු එහෙත් ඉන්නවා ඒ කියන්නේ (බ)
කපුවා කපෝති (බ)
මිථ්‍යා දෘශ්ටියට කොතරම් මිනිස්සු එකතු වෙනවද (බ)
අතුල - ලන්ඩන් කපු මහතා කරපු පව් ගෙවන්න දැන් අපායේ ඇති (බ)
මිලානෝ වල ඉඳල ලන්ඩන් ගිය ජයරත්න නේද ඇසිස්ටන්ට් කපුවා? මිනිහගේ හොඳ කාලේ ඇවිල්ල වගේ. දේවාල අස්සේ තනි පංගලමේ වෙන දේවල් අපි නොදන්නවායැ? (බ)
කපු මහතාට නිවන් සුවය අත්වේවා.(ම)
පිටිගල දුෂමාන ආරංචි පතුරන්න දක්ෂයෙක් බවයි පෙනෙන්නේ. ලීලාරත්නට සහායකයෙක් හිටියේ නැහැ. දැන් දේවාලේ වැඩ සේරම නැවතිලා. දේව ඇදහිල්ල හරිද වැරදිද කියන එක වෙනම කතාකලයුතු විෂයක්. මේ පුද්ගලයා කලේ උදව් ඉල්ලා ආ අයට හැකි අන්දමට උදව් කිරීමයි. පඬුරු ගැට ගහන්න පුජා තියන්න මිනිස්සු ගියේ නැත්නම් දේවාලයක් ඇතිවෙන්නේ නැහැ.ජයරත්න දක්ෂ කළා කරුවෙක්. ඔහු එක පන්සලකට හේත්තුවෙලා නැහැ. හැම පන්සලකම කෙරෙන වැඩ වලට ඔහු ස්වේච්චාවෙන් උදව් උපකාර කරනවා.(රේ)
පිටිගල මිලානෝ කියනවා වගේ ඔතන තනි පංගලමේ අවේලාවට දේවාලේ වදින්න ගිය අයත් ඇති.(රේ)
ඔබට නිවන් සුව අත් වේවා !!(රේ)
දුකයි!!!, විශිෂ්ට පුද්ගලයෙක්, බොහොම පින්වන්තයෙක්, සැමටම කෑම බීම දෙන ඔහු මට විටෙක දෙවි කෙනෙක් වුවේය. දන්නා තරමට ඔහු අනුරාධපුර පළාතේ උන් හොදම කෝකියෙක්. ලන්ඩන් ලාංකිකයන්ගේ වාසනාවට පහලවුවකි ඔහු. ඔහුගේ මුන් ඇට කරිය එදා මට රජබෝජුනක් වුයේය. පින්වත් පොඩි හාමුදුරුවන් තවම මතක් වෙනවා. ස්තුතියි ඔබලාට!!! නිවන් සැප ලීලාරත්න කාරියවසම් කපු මහතාට!!!(රේ)
අපි අසා ඇති විදියට නම්, අද ඔය පන්සල ඔය විදියට තියෙන්නේ, ඔය කියන කපු මහත්තයා නිසයි. හොයලා බලන්න. (නි)
ඔහුට නිවන් සුව ලැබේවා! (නි)
ලීලෙ අයියා ගැන නොදන්නා මිනිසුන් කියනා කතා වලට අපිට හිනා කියලා පමණයි කියන්නට තියෙන්නෙ. ඔහු දේවාල කටයුතු වලට වඩා පන්සලට ආ මිනිසුන්ට කළ සංග්‍රහ වැඩියි. දේවාලයේ කටයුතු වුණත් එහෙම මිනිසුන් රවටලා ගසාකාලා වැඩ කරලා නැහැ. අහිංසක කෙනෙක්. (නි)