ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයේ ආරම්භයේ සිට සියලු වැඩ කටයුතු භාරව සිටි ලීලාරත්න කාරියවසම් කපු මහතා (67) නොවැම්බර් 12 බ්‍රහස්පතින්දා උදෑසන අභාවප්‍රාප්ත විය.
ඔහුගේ අවසාන කටයුතු නොවැම්බර් 21 වන සෙනසුරාදා දහවල් 12 ට ගොල්දස් ග්‍රීන් සුසාන භූමියේදී පැවැත් වීමට නියමිතයි.
ලීලාරත්න මහතාට පින්පතා ධර්මදේශනාමය පින්කමක් නොවැම්බර් 18 වැනි බදාදා සවස 7 ට ධර්ම දේශනයක් ද (නොවැම්බර් 19 වැනි බ්‍රහස්පතින්දා) දහවල් 11 ට දානයක් ද කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් " කපු මහත්තයා" යැයි කිවහොත් ඒ වෙන කිසි වෙකු නොව ලීලාරත්න බව දන්නා තරමට ඔහු අපගේ අය අතර ජනප්‍රියත්වයට පත්ව සිටි කරුණාබර මිනිසෙකි.

![DSC03982[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC039821.jpg)
![DSC04030[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC040301.jpg)
![DSC04033_copy[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC04033_copy1.jpg)
![DSC04035_copy[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC04035_copy1.jpg)
![DSC04040[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC040401.jpg)
![DSC04047[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC040471.jpg)
![P1020472[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/P10204721.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට නිවන් සුව ලැබේවා (ම)
ඔබේ අකල් මරණය ගැන ඉතාම කණගාටුයි. නිවන් සුව ලැබේවා. (ම)
සමාවන්න මහත්තයෝ මට ඔබතුමා එක්ක කිසිම පුද්ගලික තරහක් නැත. එ්ත් ඔවැනි වැඩ වලට මා නම් මනාප නැත. මන්ද යකදුරුකන් පන්සලක් අස්සට රැගෙන යාමෙන් වන්නේ බෞද්ධයා වංචාවට ලක්වීම සහ බුදුදහම ගැන උනන්දුවන විදේශිකයන් නොමග යාම. (බ)
නැතිනම් වෙන රස්සාවක් කරන්න තිබුණානේ. ඔබතුමාට නිවන් සුව ලැබේවා. සමාවෙන්න මෙහෙම කීවට. පන්සල රැකියාව කරන මුදල් හොයන තැනක් කිරීම ගැන මන් විරුද්ධයි.ඊටත් කට්ටදිකන් බුදුදහමේ නැහැනේ.(ම)
මා මෙතුමා ලංකාවේ ඉන්නකාලේ සිට දැන සිටි අයෙක්මි. මෙතුමා ගාල්ලේ සුමන දාස සාස්තරමහතා සමග එකට ශිල්ප ඉගෙනගෙන ඇත. ඔබට නිවන්සුව.(ම)
ලෝකේ ඕනෑම රටක ලංකාවේ මිනිස්සු ගසාකන්නේ ලංකාවේ උදවියමයි.එක්කෝ ලංකාවේ දේසපාලන පක්ෂේ ශාඛාවක් අටවනවා.එක්කෝ කට්ටදිකන්, එක්කෝ ලංකාවේ කට හරි අසනීපයි කියලා ටිකට් ගහනවා. තව තව දේවල් මන් දැන් ලංකාවේ එකෙක් දැක්කම මාරුවෙනවා.(ම)
ඔබතුමා මගේ පුරවසිබවේ ඉක්මනිම ලැබෙන්න කියලා කරලා දීපු සාත්තුවෙන් පස්සේ තම මගේ පුරවැසි බව ලැබුණේ. තව මාස තුනකින් බලියකුත් ඇරලා මගේ අක්කත් ගෙන්නගන්න හිටියේ... අවාසනාවක මහත. ඔබට නිවන් සුව.(ම)
මා ලංකාවේ ව්‍යාපාරිකයෙක්මි. මගේ තේ කඩේට ඉස්සරහින් තවත් තේ කඩයක් අැරිය මිට දශකයකට පමණ පෙර.මාගේ වෙළඳාම කඩා වැටුණු අතර මා මෙතුමා බැහැදුටිමි.මෙතුමා දුන් වැලි ස්වල්පයක් මා අනෙක් තේ කඩේ ඉස්සරහ ඉස්ස අතර මසකට පමණ පසු ඒ කඩේ වසා දැමුණි. ඔබ ඉතා දක්ෂයෙක් නිවන් සුව (බ)
අදහස් ටික කියෙවුවම ඉහ මොළ රත් උනා.. එංගලන්තේ පන්සල් වල ලංකාවේ කට්ටඩියෝ. පුරවසිබවේ ලැබෙන්න සාත්තු,බලි ඇරිලි, ඉස්සරහ කඩේ වහන්න හුනියමක්... මේවද අනේ පන්සල් වල කරන්නේ. කෝ බුදුදහම... (ස)
කට්ටඩියෝ පන්සල් වල ඉන්නේ ලංකාවේ විතරයි කියලයි මන් හිතුවේ. ඔය පොතපත කියවලා බුදුදහම ගැන උනන්දුවක් තියන සුද්දෝ එනවා පන්සල් වලට අන්න එහෙම අයට වැරදි චිත්‍රයක් තම යන්නේ මේ වැඩ වලින්.(ම)
ඔබට නිවන්සුව.! (ර)
කපු මහතාට නිවන් සුව ලැබේවා.(හේ)
නිවන් සුව ලැබේවා.(හේ)
කව්රු මොනදේ පැවසුවත් ඔබෙගේ ගුණ යහපත් බව අපට අමතක නොවේ.ඔබට නිවන් සුව ලැබේව -(රෙ
හරි දෙය හරි හැටියට දැකලා, වැරදිදේය වැරදි හැටියට දැකලා, ඍජු ප්‍රකාශ කරන , සැබෑ බෞද්ධයින් කිහිපදෙනෙක් හරි සිටීම ඇසීම, දැකීම ම සතුටක් ඒ සියලුදෙනා විරුද්ධ ක්‍රමයට , පුද්ගලයෙකුට නෙමෙයි ,වරදවා නොගන්න, මිතුරනි. (රේ)
කපු මහත්තයා හාමුදුරුවන්ට උපස්ථාන කරගෙන, පන්සලේ දානමාන කටයුතු වලට උදව් කරගෙන, ලන්ඩන් වල බෞද්ධයන්ට ගොඩක් උදව් කරගෙන කිංග්ස්බරි පන්සලේ සිටි නිහතමානී අහිංසක මනුස්සයෙක්. ඔහුගේ වියෝව ලන්ඩන් බෞද්ධයන්ට විශාල පාඩුවක්. පන්සලටත් පාඩුවක්. කපු මහතාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා !!! (නි)
ලීලාරත්න මහතා (ලීලේ අයියා) පිරිත් කියා සෙත ශාන්තිය ප්‍රාර්ථනා කළ, දෙවියන් පිළිබඳ විශ්වාසයක් තිබු, මහා සංඝරත්නයට ආවතේව කරමින් දැහැමි ජිවිතයක් ගතකළ අව්‍යාජ මිනිසෙකි. ඔහු මිනිසුන් රවටා මුදල් ගැරූ, හදි හූනියම් කළ අයෙක් නොවෙයි. ඔහුට යමක් ලැබුනා නම් ඒ සියල්ල පන්සලට දුන් ඉතා යහපත් මිනිසෙකි. ඔහු ගැන නොදන්නා අය කරන පහත් ප්‍රකාශ පිළිකුලෙන් බැහැර කරමි. ඔහුට නිවන් සුව! (නි)
මගේ හා පවුලේ බලවත් කනගාටුව. (බ)
ඔබට නිවන් සුව ලැබේවා. මන් ප්‍රශ්නයක් අහනවා සමාවෙන්න. ඔබ පන්සලේ හිටියයි කියල මෙතන අය කියනවා. කට්ටදිකමයි දෙවසන්කල්පෙයි බුද්ධ ධර්මය එක්ක පැහෙන්නේ කොහොමද. (ම)
මීට අවුරුදු කීපයකට පෙර එංගලන්තයේ මා ගෙවා දැමු ඒ අප්‍රසන්න කාල වකවානුව තුල මට හමුවූ , ලගම මිතුරා ඔබය . පන්සලට ආ සැම දිනම , ඔබගෙන් ලද සංග්‍රහයකින් තොරව නොගියෙමි .(රේ) ඔබට නිවන් සුව
හරිම දුකහිතෙන පුවතක් (නි)
සිරි මොනවා කිවුවත් උපාලි මහතා කී දේවල් මමත් අනුමත කරනවා (නි)
ලීලාරත්න කාරියවසම් (කපු අයියා,ලීලේ අයියා ) මහතාගේ වියෝව කිංග්ස්බරි පන්සලට ආවගිය ගිහි පැවිදි හැම දෙනාටම විශාල කණගාටුවක්. ඔහුගේ අව්‍යාජ සිනහව ,ලෙන්ගතුකම හා ආගන්තුක සත්කාරය ලන්ඩනයේ ඉන්න බොහෝඅයට අමතක කළ හැක්කක් නොවෙයි. කිංග්ස්බරි පන්සල ගොඩනඟන්න ඔහු කළ මෙහෙය සදානුස්මරනියයි. ඔබට ඔබ පැතූ නිවන් සුවයම ලැබේවා.! (නි)
ඔබට නිවන් සුව! (නි)
කාටත් සමානව සැළකූ කපු මහත්තයාගේ සමුගැනීම නිසා අප බලවත් කණගාටුවට පත්වුණෙමු! (නි)
හරිම කණගාටුයි (නි)
කණගාටුදායක පුවතක් (නි)
ඔබගේ වියෝව කණගාටුදායකයි (නි)
උපාලි වෙත දන්වමි. කාරියවසම් මහතා හිටියේ කින්ස්බරි පන්සලෙයි. ඔහුගේ අදාහන කටයුතු සියල්ල ඉටු කරන්නෙත් පන්සලෙනුයි. ඒ මහතා පන්සලේ සියලු වැඩ කටයුතු වලට මුලිකත්වය දී වැඩකළ කෙනෙක්. පන්සලේ ජනප්‍රියත්වය වැඩි වුණෙත් ඔහු සියලුම දෙනාට එකසේ පෙන්වූ කරුණාවන්ත කම නිසයි. කින්ස්බරි පන්සලත් ලීලාරත්නත් වෙන්කර කතා කරන්න බැහැ.(අ)
කිසිම මිනිසෙකුගේ වියෝවීම කණගාටුදායක සහ ස්වාභාවික දෙයක් වේ. එහෙත් බුදුරජාණෝ ප්‍රතික්ෂේප කළදේව වාදය කරපින්නා ගත් මිනිසුන් මේ සිදුවීමට බොදු භික්ෂුන් වහන්සේලා පවා යොදාගෙන ඇති අයුරු ඉතාමත් ඛේදනියයි. (අ)
අනේ මේ කපු මහත්මයට පිංසිද්දවෙන්න වශියක බලයෙන් මගේ බිරිදව හමුවුනා. .. (රේ)
මනුෂයින් මුලා කරන ,දේවාල ප්‍රෝඩාවට බෞද්ධයින් රැවටීම හරිපුදුමයි! (බ)
ඔබතුමාට නිවන් සුව අත් වේවා. (බ)