ඇමෙරිකාව මූලික කරගෙන ක්‍රියාත්මක එස්පීඅයි ආයතනය සමාජ සංවර්ධනය දර්ශකය සම්බන්ධයෙන් ලෝකයේ තෝරාගත් රටවල් 132ක් පදනම් කරගනිමින් කළ සමීක්ෂණයකින් ශ්‍රී ලංකාව 82 වැනි ස්ථානයට පත්ව ඇත.
ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයේ ව්‍යාපාර පාසලේ මාහාචාර්ය ඊ පෝටර් මේ සමූක්ෂණයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේය.
මූලික මිනිස් අවශ්‍යතා, සුබසාධනය හා අවස්ථා යන කාණ්ඩ තුන යටතේ මේ සමීක්ෂණය සිදු කළේය.
මූලික මිනිස් අවශ්‍යතා කාණ්ඩයේ පෝෂණ අවශ්‍යතා සහ මූලික සෞඛ්‍ය දී ශ්‍රී ලංකාව වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, සුබධානය කාණ්ඩයේ දී ශ්‍රී ලංකාව පෞද්ගලි ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතැයි පෙනී ගොස් ඇත. අවස්ථා ඛාණ්ඩයේ දී පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය වර්ධනයටත්, පෞද්ගලික නිදහස වැඩි ඉඩත් ලංකාව ලබා දී තිබුණ ද තේරීම් අතින් ශ්‍රී ලංකාව පහත වැටී ඇතැයි ද එම සමීක්ෂණයෙන් හෙළි විය.
මූලින මිනිස් අවශ්‍යතා කාණ්ඩයේ 77 වැනි ස්ථානය ද, සුබසාධන කාණ්ඩයේ 74 වැනි ස්ථානය ද, අවස්ථා කාණ්ඩයේ 98 වැනි තැන ද ලංකාවට හිමි විය.
කතාකිරීමේ නිදහස සීමා කිරීම, ආගමික නිදහස හා හිරිහැර ආදිය ලංකාවේ ස්ථානය පහළ වැටීමට හේතු වන්නට ඇතැයි එම සමීක්ෂණය කියයි.
මෙම දර්ශකය අනුව දකුණු ආසියාවේ හොඳම රට වීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර කලාපයේ අසාර්ථකම රට වූයේ පකිස්තානයයි.
ඉන්දියාව 102 වැනි තැන ද, නේපාලය 101 වැනි තැන ද, බංගලාදේශය 99 වැනි තැන ද හිමි කර ගත්තේය.
නවසීලන්තය, ස්විට්සර්ලන්තය හා අයිස්ලන්තය පිළිවෙලින් පළමු, දෙවැනි හා තෙවැනි තැන හිමි කර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දැය වෙනුවෙන් එකාමෙන් සිතා ක්‍රියා කළොත් අපටත් ඔය ලිස්ට් එකේ මුලට යන්න පුළුවන්. (නි)
පක්ෂ බේද තිබෙනතුරු අපි පෙරට යනවා බොරු. (නි)
දැන් රටේ සිදුවන , ස්ත්‍රී දුෂණ , මංකොල්ලකෑම්, වංචා, පැහැරගැනීම් අනුව මෙම ස්ථානයවත් ලැබුන එකට මට නම් සන්තෝෂයි (නි)
ආගමික නිදහස කියන්නේ මොකක්ද දන්නේ නෑ. ඕන කෙනෙකුට ඇවිත් මෙහි තිබෙන සමායෝජනය සහ සමතුලිත තාවය බිදීමට ඉඩදෙනවා නම් ඒක ආගමික නිදහස කියල කියවී. ඇමරිකාවේ තවත් සොයාගැනීමක්. (නදී)
මේක කලේ ඇමරිකාවේ හාවඩ් එකෙන්. ඒත් ඇමරිකාව ඉන්නෙත් 16 වෙනි තැන. එංගලන්තේ 14. ජපානේ 15 මහේ හිතේ.... (ස)
අපේ රට වේගයෙන් ඉදිරියට යනවා හැම අතින්ම හොඳයි. (ස)
මට හිතුනේ මං මොනතරම් වාසනාවන්තද මේ ලැයිස්තුවේ අසු පස්වෙනි තැන දරන රටෙන් පැනගෙන පලවෙනි තැන දරන රටේ ජිවත් වෙන්න ලැබීම ගැන කියලා.. (ස)