ධීවර ගැටලූවට පිළියමක් සොයාගන්නා තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම ඉන්දියා ධීවරයින්ට තහනම් බව තමිල්නාඩු ධීවර සමිති නියෝජිතයින් හා පැවති හමුවකදී ඉන්දියා විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් පවසා තිබේ.
ධීවර සමිති නියෝජිතයින් 12 දෙනෙකු සමග පසුගියදා නවදිල්ලියේදී පැය 2 කට ආසන්න කාලයක් දෙරට අතර ධීවර ගැටලූවට ධීවර සමිති නියෝජිතයින්ගේද අදහස් ලබා ගැනීමට පැවැත්වුනු සාකච්ඡාවේදී ඉන්දියා විදේශ ඇමතිනිය මේ බව සඳහන් කර ඇත.
ගැටලූව විසදීමට ඉන්දියා රජය හැකි සෑම පියවරක්ම ගන්නා බවත් එනිසා රජයට ඉඩදී ඉවසිල්ලෙන් සිටිනා ලෙසත් ඇය ධීවර නියෝජිතයින්ට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයින් මුදා ගැනීමට ඉන්දියාවට හොඳ අවස්ථාවක් තිබුණු නමුත් ධීවරයින් නීති විරෝධී ලෙස නැවත නැවතත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පිවිසීම නිසා එම කටයුතුද වලටද බාධා පැමිණවී තිබෙන බව ඇමතිනී සුෂ්මා ස්වරාජ් ධීවර නියෝජිතයින් හමුවේ පවසා ඇත.
හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජිත පිරිස ප්‍රථම වතාවට විදේශ ඇමතිනිය හමුවී තම ගැටලූ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන බව පැවසූහ.එමෙන්ම මෙවර ඉන්දියා රජය තම ගැටලූ විසඳා දීමට කැපවීමෙන් කටයුතු කරන බවක් පෙනෙන හෙයින් ඇමතිනිය දැනුම්දුන් පරිදි ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වැළකී සිටින ලෙස තම ප්‍රදේශයේ ධීවරයින්ට දැනුම්දෙන බවද ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු ඇවිල්ලා අහුවුනාට පස්සේ කියයි " අපි ලග ජී.පි.එස්. නැහැ අපි දන්නැහැ මුහුදු සීමාව " කියලා
මෙන්න නියම රාජ්‍ය තාන්ත්‍රිකයෝ (නි)
ඉන්දියා රජය තම ගැටලූ විසඳා දීමට කැපවීමෙන් කටයුතු කරනවයි කියල ඉන්දීය ධීවර සමිති බලාපොරොතු වෙන්නේ කුමක්ද? ඒ කියන්නේ අපේ රටේ මුහුදු සීමාව තුල මාළු ඇල්ලීමට අප රජයෙන් බලහත් කාරයෙන් මෙන් ඉල්ලා සිටීමද? ඉන්දීය ධීවරන් බලාපොරොත්තු වන්නේ. (ර)
මෙයාල බලෙන් අපේ මුහුදු සිමාව උල්ලංගනය කර කර තවත් බොරුවට කෑ කෝ ගහනවා විසදුමක් දෙන්න කිය කියා.(හේ)
ප්‍රභාකරන්ල ඇති වුණොත් දෙරට රාජ්‍ය නායකයෝ මිය ගියෙත් ඔය පටු මුහුදු තීරය නිසා බව මතක නැති වෙලාද? (අ)
පිළියම් සොයන්නේ කුමටද? පිලියමට පිළිතුරත් ඕනමයි නේද? අපගේ මුහුදු සීමාව උල්ලංගනය නොකර සිටීම තමයි සදාකාලික පිළිතුර. (නදී)
තමන් තමන්ගේ සීමාවේ හිටයම ප්‍රශ්නයක් නැහැනේ! (නි)
බොහොම ඉස්සර කලේ ඔහොම ආපු අය තමයි දැන් අයිතිවාසිකම් කියන්නේ. (ස)
ඉන්දීය ධීවරයන් ජීවිතය පරදුවට තබා මුදු සීමාව කඩන්නේ ඉන්දියාව පැත්තෙන් අපේ පැත්තට මාළු පීන ගොස් සිටින නිසාද නැතහොත් ලංකාවේ කුඩු මුදලලිලා ඔවුන් එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින නිසාද යන්නත් දෙරට විදෙස ඇමතිවරුන්ගේ අවදානයට ලක්විය යුතුය (අ)