සිරියාව වෙත රුසියාවෙන් එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් සිරියාවේ සාමාන්‍ය වැසියන් සිය ගණනකගේ ජීවිත අහිමි වී ඇති අතර මිනිසුන් පදිංචි ප්‍රදේශ විශාල වශයෙන් විනාශයට පත්ව ඇතැයි පසුගිය බදාදා නිකුත් කළ වාර්ථාවකින් ඇමිනෙස්ටි ජාත්‍යන්තර සංවිධානය පවසයි.
මේ ප්‍රහාර දියත් කළ ආකාරය ජාත්‍යන්තර යුධ නිති උල්ලංඝනය කිරීමක් බවට මානව හිමිකම් සංවිධාන ද චෝදනා කරයි. රුසියාව පසුගිය සැප්තැම්බරයේ සිට මේ ප්‍රහාර එල්ල කරන ලද්දේ සිරියාවේ ජනාධිපති බසා අල් අසාද් මහතාට සහයෝගය දක්වමිනි.
රුසියාව ප්‍රකාශ කරන්නේ ඔවුන් ත්‍රස්තවාදී ඉලක්කවලට පමනක් ප්‍රහාර එල්ල කරන ලද බවයි. රුසියාව අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර නොගෙන රුසියානු විරුද්ධවාදී කණ්ඩායම් ඉලක්ක කරගත් බව ඇමෙරිකාව චෝදනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව නිසා සිරියාව හොරාකෑමට ඇතිවී ඇති අපහසුතාවයට දැන් ඔවුන් කදුළු සළනවා (නි)
මොනවා හරි තිබුන භීෂණ තත්ත්වය මද පවත්වපු එක ලොකු දෙයක්. (අ)
ඇමිනෙස්ටි ආයතනය රුසියාවට විතරක් නෙවෙයි ඇමරිකාව,ඊශ්‍රායලය වගේ රටවලටත් මේ වගේ චෝදනා නඟනවා.මෙතන රුසියාව නෙවෙයි ඕනම රටක් මේ ප්‍රශ්නයට අත දාන්නේ තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව.එහෙම නැතුව අනුකම්පාවට නෙවෙයි. (අ)
ලංකාවේ සමහර මිනිස්සු පුටින්ව වීරයෙක් කලා.. නමුත් යුරෝපයේ රටවල ඉන්න රුසියානුවොත් එක්ක කතාකල කෙනෙක් දන්නවා රුසියාව කොතරම් ඒකාධිපති රටක්ද කියා.. (කෞ)
ප්‍රනාන්දු දන්නා දෙයක් කතා කරන්න.. සිරියාව හොරාකෑවේ එහි ඉන්න ඒකාධිපති අසාද්.. අසාද් තමන්ගෙ තෙල් විකුනන්නේ රුසියාවට (කෞ)
මේ මානව හිමිකම් කමිටු සියල්ල චෝදනා එල්ල කරන්නේ , බටහිර විරෝධී රටවලට පමණයි , ලෝකයේ බහුලව මානව හිමිකම් කඩ කරන මැද පෙරදිග රටවල් සහ ඇමරිකාවට එරෙහිව මොවුන් ක්‍රියා කිරීමක් හෝ හඬක් නෑගිමත් නැහැ , හේතුව ඔවුන්ගේ සල්ලි මල්ලට යට වීමත් , මේවායේ මානව හිමිකම් කමිටු වල ලොකු ලොක්කන් බටහිර රටවල එම රටවල ගැත්තන් නිසාත් (අ)
සුදාර, ඔබ නොදන්නා දේවල් ගැන මෙහි ඔබව කෙටි පහැදිලි කිරීමකින් දැනුවත් කල නොහැකියි කරුණාකර ඇමරිකාව සහා යුරෝපය ගැන පසු විපරමක් කරන්න . (ර)
සුදාර, ඔබ ලෝකය ගැන නොදැන ප්‍රනාන්දුට දොස් කියන්න එපා. රුසියාවට කාගේවත් තෙල් ඕනෑ නැහැ. රුසියාව කියන්නේ තෙල් ආකරයක්. (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
නාමල්, ඔබ හරි (නි)
සුදාරත් යහපාලනයට කැමතියි වගේ නේද? (නි)
නාමල් ඔයානම් කැමති ඇමෙරිකන් රූකඩ වලට බව පේනවා. (ර)