රොබෝවරුන්ගෙන් සැදි කාර්යමණ්ඩලයකින් යුතු වූ නව යුගයට ගැලපෙන අවන්හලක් චීනයේ හෙලියොන්ග්ජියැංග් ප්රදේශයේ වේ.
‘හාර්බින්ගේ රොබෝ අවන්හල‘ට ඇතුළුවන්නවුන් පිළිගැනීමට සිටිනා ‘දොරටුපාලක රොබෝවා‘ ආයුබෝවන් පෘථීවි සගයා,රොබෝ අවන්හලට ඔබ සාදරයෙන් පිළිගනිමු‘යනුවෙන් සුභාශිංශනය කරයි. මෙසේ උණුසුම් පිළිගැනීමකින් අනතුරුව අවන්හලට ඇතුල් වන පුද්ගලයින් ආසන කරා ගෙන යාමේ සිට ආහාරපාන පිරිනැමිීම දක්වා සියලූ කටයුතු කෙරෙන්නේ රොබෝවරුන් අතිනි.කෑම වර්ග 30 කින් පමණ සමන්විත වන ආහාර මෙනුවේ පාරිභෝගිකයාට රුචි වන ආහාර පිළියෙල කර දීමට සමත් දක්ෂ රොබෝ කෝකියෝ පිරිසක්ද මේ රොබෝ කාර්යමණ්ඩලයට අයත්ය.ආහාර සංග්රහ කිරීමේ කටයතු භාර රොබෝ වේටර්වරුන් මිනිසුන් මෙන් මුහුණෙන් හැගීම් ප්රකාශ කිරීමේ සමත් අතර ආහාරය පිරිනමා සිනහවකින් සංග්රහ කිරීමටද මැලි නොවෙති.
රොබෝවරුන්ගේ සෑම ක්රියාකාරකමක්ම පරිගණක මගින් පාලනය කැරෙයි. එනිසා ‘මිනිස්‘ අවන්හලකදී මෙන් කාර්යමණ්ඩලය හා ගැටුම් ඇතිකර ගැනීමේ අවකාශයක් මෙහි නොමැත.තවද අවන්හලෙන් පිටව යන විටදී ‘ටිප්‘ එක ලබා දීමටද කරදර විය යුතු නැත.ඒ මේ රොබෝවරුන් පෘථීවි වාසීන්ගේ මුදල් ගැන උනන්දු නොවන හෙයිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මැති ඇමතිවරුන්ගේ වැඩ වලටත් රෝබෝලා දැම්මා නම් හොදයි. (නි)
මේක ඉතා හොද නිර්මානයක් නිසා මමත් හිතනවා ලංකාවෙ එකක් පටන්ගන්න.. විදුලිය නැතිව ගියාම පැය ගානක් එකම තැන හිටපු තැනම.. කෑම සීතලවෙයි.. ආගන්තුකයා රොබෝගෙ අම්මටත් බනීවි.. හොරෙන්ම යයි.. අන්තිමේදි පාඩුව මටයි.!(නු)
අපේ අය පිටරටක වෙන හැම දෙයකටම ලංකාවේ නරකත් සමග සංසන්දනය කරන්නේ ඇයි ?තමන්ගේ රට පහත් කිරීමේ මානසිකත්වය නිසා තමයි අපේ රටට දියුණුවක් නැත්තේ. (නි)
ගාමිණී :-( (නු)
ඉස්සරහට මොනවා වෙයිද කියන්න බැහැ (දී)
රොබෝ යන්නේ මේ ගමන් මාර්ගයේම විතරද ? (ස)
ඒත් පෙනෙන්නේ නම් හරියට සෙල්ෆ් සර්විස් වගේමයි. (නි)
රොබෝ ගෘහ සේවිකාවනුත් ලගදීම නිශ්පාදනය වේවා යැයි පතමි. කම්මැලි අරාබි කාරයන්ට එතකොට පැය 24 ම වැඩගත හැකිවෙයි. බෙලි කපන්න වෙන එකකුත් නෑ.(ස)
ගාමිණී නියමයි. ඔබත් නිර්මාණ ශීලි කෙනෙක් . (ස)