ජෝර්දානයේ ‘‘අබෙයිඩ් ‘‘ බැටලූ රෑනක් රැකබලා ගත් බල්ලෙකි.දිනක් අයාලේ යන බල්ලෙක් යැයි සිතා මිනිහෙක් අබෙයිඩ්ට වෙඩි තැඹිය. අබෙයිඩ් මළේ නැත.
අබෙයිඩ්ගේ හිමිකරු අබෙයිඩ් සත්ත්ව රෝහලක් වෙත රැගෙන ගියද ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ දුක් විදිමින් ජීවත් කරවනවාට වඩා අබෙයිඩ්ව මරණයට පත්කරවීම සුදුසු බවයි.එහෙත් ජීවිතය පතා අබෙයිඩ් කරන සටන දුටු ඔවුන් අබෙයිඩ් හට ඉක්මන් ප්‍රතිකාර දීමට කටයුතු කළේය. සිව්පාවාගේ ධෛර්යය ගැන ඔවුහු මවිතයට පත්වූහ.
අබෙයිඩ් සුවපත් කිරීමට වෛද්‍යවරුනට හැකි වුවද උගේ පසුපස දෙපා වල අඩපණ වීය. නැවත වරක් අබෙයිඩ් හට මරණය සුදුසුයැයි තීරණය වුවද රෝහලේ ප්‍රධානියා යෝජනා කළේ අබෙයිඩ් හටම සුවිශේෂී ‘‘රෝද පුටුවක්‘‘ නිර්මාණය කරන ලෙසටයි.මෙය අලූත් අභියෝගයක් සේ භාරගත් සේවක පිරිසද අබෙයිඩ්ට නැවත සිව්පයින් නැගී සිටීමට හැකි වන සේ රෝද පුටුවක් නිර්මාණය කළේය.
පරණ සෙල්ලම් දැමිය නොහැකි වුවද අඛෙයිඩ් හොද සුවයෙන් හා සතුටින් කල් ජෝර්දානයේ රෝද පුටුවක සහය ලබන ප්‍රථම බලූරාළ වීමේ අවස්ථාවද හිමිව ඇත්තේ අබෙයිඩ්ටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි සත්ව කරුණාව ..මිනිසුන් අතර ඇති නොමිනිස් කමයි මිනිස්කමයි ගැන හොඳ උදාහරණයක් .. (ස)
වෙඩි තියලා තියෙන්නේ බල්ලෙක් (ස)
මුළු රටටම ආදර්ශයක් (දී)
මේ සතා අපිට ආදර්ශයක් (දී)
ලෝකය දිනු බල්ලෙක් (දී)
පන්සල් ළග බළල් පැටවුන්, බලු පැටවුන් අතරමං කර උසස් යැයි පාරම් බානා අපේ මහ ජාතියට මෙන්න හොද කණේ පහරක්. (නි)
මොකුත් හිතන්න එපා මම මෙහෙම කියුවාට, අපිට මේ සතාගෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා (දී)
බල්ලාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඇස්වලට කදුලු එන ලිපියක්. කව්රු කළත් හොද වැඩක්.(නදී)
මොනවා උනත් ,අහින්සක සතාට වෙඩි තියපු කෙනාට දඩුවම් කල යුතූයි.(නදී)
මේ සතා විදවන හැටි දැක්කහම මට හිතෙනවා වෙඩි තිබ්බ මිනිස්සුන්ට ආත්ම ගාණක් විදවන්න වේවි කියලා. (නි)
මේ, මේ සතාගේ පෙර කළ පින් පවු තමයි. (නි)