නවසීලන්ත රග්බි කණ්ඩායමේ හිටපු ක්රීඩකයකුවූ ජෝනා ලෝමු අද මියගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මිය යන විට ලෝමු 40 වැනි වියේ පසුවිය.
1994 සිට 2002 දක්වා කාලයේ නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායම වන ‘ඕල් බ්ලැක්ස්‘ නියෝජනය කළ ලෝමු නවසීලන්තය වෙනුවෙන් තරග 74 කදී උත්සාහක දිනුම් 43 ක් වාර්තා කර ඇත. රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයන් අතර සම තැන හිමි ලෝමු එහිදී උත්සාහක දිනුම් 15 ක් වාර්තා කර ඇත.
වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළුණු ඔහුට 2004 වසරේදී වකුගඩු බද්ධයක්ද සිදුකෙරිණි. 2011 වන විට ඔහුගේ ශරීරයේ ඉන්ද්රියයන් ක්‍රියාකිරීම නතරවිය. අසනීප තත්ත්වයෙන් පීඩාවිඳි ඔහු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී අද මියගියේය.
තම රග්බි ක්‍රීඩාවේ යුග පුරුෂයකු ලෙස ලෝමු හඳුන්වාදිය හැකි බවත් මුළු මහත් රග්බි ලෝකයම ඔහුට ආදරය කළ බවත් නවසීලන්ත රග්බි ප්‍රධාන විධායක ස්ටීව් ටිව් ප්‍රකාශ කරයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට ඔහුගේ පුතුට වයස 21ක් වන තුරු ජීවත් වන්න උවමනා කර තිබුනා. නමුත් ඔහුට එය ඉටු කර ගන්නට බැරි වුණා (ම)
රග්බි විචාරකයන් මොහු හැදින් වුයේ ඇවිදින වෘක්ෂය ලෙසයි. දැවැන්ත මිනිසුන් හත් අට දෙනෙක් එකවර කරේ එල්ලුනත් මොහු අද නොවැටී බෝලය රැගෙන සිමාව වෙත දිවීමේ හැකියාවක් තිබු ඉතා විරල මෙන්ම නිහතමානි මිනිසෙක්. මොහු උපතින් සමෝවා ජාතිකයෙක්. ඔබට නිවන් සුව! (බ)
සූකිරි, ජෝනා ලොමු සැමෝවා රටේ කෙනෙක් නොවේ, ඔහු ටොන්ගා රටේ සම්භාවයක් ඇති කෙනෙක්.(ම)
කෘතීම ශක්ති ජනක පානය කිරීමේ ප්‍රතිපල වකුගඩු රෝගයි. ලංකාවෙත් ගොඩක් ක්‍රීඩකයෝ මෙයට යොමුවෙලා (ම)
සමන් ඔබ හරි ,ක්‍රීඩකයින්ගේ හිතවතුන් ඥාතීන් මීට වැඩ සැලකිලිමත් විය යුතුව ඇත. (ම)
රග්බි ලෝකයේ ගොඩක් අයගේ ආදරයට පාත්‍ර වුණ නිහතමානී ක්‍රීඩකයෙක්.(ම)
මේක තමයි දෛවය. (නි)
රග්බි ලෝකයේ හිටපු දැවැන්තම පතාක යෝධයා ලෝමු. ඔහු ක්‍රීඩා කරන විලාශය, ක්‍රීඩා කෞශල්‍ය හැම නරඹන්නෙක්ම ආශා කළා, අගය කළා. ඔබට නිවන් සුව පතමි! (නි)