ඔහු අවුරුදු දෙකක් වයසැති නයිජීරියා දරුවෙකි. යකින්නක යයි කියා දෙමාපියන් දරුවා මහා මග දමා ගොස් තිබිණි.
රින්ජ්රන් ලෝවන් නම් සමාජ සේවිකාව මහ මග සිටින එම දරුවා දුටුවාය.
ඒ වන විට අට මාසයක් පමණ විදියේ සිටි දරුවාගේ ඇගේ පණුවන් පවා සිටියේය. ලෝවන් මහත්මිය ඔහු වඩාගත්තාය. කෑම කවා ඔහුට තම වතුර බෝතලයෙන්ම වතුර පෙව්වාය. ඇගේ සළුවක් පොරවා දරුවා රෝහලට රැගෙන ගියාය.
ඉන් පසු කුඩා දරුවාගේ සිරුරේ සිටි පනුවන් ඉවත් කැරිණි. රතු රුධිරානු යතා තත්වයට පත් කිරීමට දින පතා රුධිරය දීමට සිදු විය.
දැන් ඔහු ‘හෝප්ස්‘ නමින් හැඳින් වෙයි.
අප්‍රිකාවේ කුඩා දරුවනට ආධාර ලබා දෙන අධ්‍යාපන හා සංවර්ධන පදනමේ නිර්මාතෘ ලෝවන් මහත්මිය දැන් ‘හෝප්ස්‘ දරුවාගේ මව වන්නීය.
‘ළමයින් දහස් සංඛ්‍යාවක් මායාවකට චෝදනා කර මිය යෑමට හරිනවා. දරුවන්ට දෙන වදහිංසා අපි දකිනවා. ඊට අපි බිය වූ දරුවන් සහ මිය ගිය දරුවන් යන ඕනෑ තරම් දැක තිබෙනවා.’ යැයි ලෝවන් කීවාය.
එවැනි දරුවනට උපකාර කිරීමට ඇය සහ ඇගේ සැමියා ළමා නිවාසයක් ද අරඹා තිබේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවෙත් සමහර අය බල්ලන්ට දක්වන උනන්දුව ළමුන්ට නැත. (නි)
රුවන්, ඔබගේ සටහනට ස්තුති කරමි. එය මගේ මනස විවර කරවීය (නි)
උතුම් කතක් (නි)
ඇත්තටම මටත් ඇස් දෙකට කදුළු ආවා මේ පින්තූර දකිනකොට. විශිෂ්ට මවක්. ඔබ වීර කාන්තාවක්. (නි)
ඔබ අතිවිශිෂ්ට කාන්තාවක් (නි)
මේ ඡායාරූප දකිද්දී ඒ කාන්තාව කරන සේවයට මටත් සහභාගි වෙන්න ඇත්නම් කියලා ඇස්දෙකෙන් ගලාගෙන වැටුණු කදුළු ගෙඩිත් එක්ක මොහොතකට මම නැවතී මගේ හදවතින් ඇසුවෙමි. ඇත්තටම මම කැමතියි මේ වගේ අසරණ දරුවන්ට පිහිටවෙන්න. (නි)
ඔබතුමියට මෙවන් පින්කම් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
මෙහෙම පින් කරන එක ගැන සතුටුයි (නි)
බලන්න ඒ කාන්තාව මුලු ඇඟේම පච්ච කොටාගෙන තියෙන හැටි. ඔය සිදුවීම නැතුව ඇයව පාරෙදි මුණගැසුන කෙනෙකුට ඇය ගැන මොන විදියේ අදහස් ඇතිවෙයිද? (නි)
ළදරුවියේම මේ විදියට දුක් විඳින්න මොන විදියේ පවක්ද කළේ දෙවියනේ? (නි)
හදනා අම්මලාද, වදනා අම්මලාද පැහැදුවේ අම්මා අරුතේ... ජාති ජාති පින් සිදුවේවා ඔබට! (නි)
මිනිසුනේ, නැතිබැරි කෙනෙක් දුටුවොත් අහක බලාගෙන යන්න එපා. (නි)
ඇත්තටම පුදුමයි. ,රින්ජින් ලොවන්, ඔබ ඇත්තටම විශිෂ්ටයි..ඔබ වගේ මිනිස්සු අද ලොකේ බොහොම අඩුයි. ඔබට මෙවන් සමජ සත්කාර තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛය ලැබේවා !!!! (ඇත්තටම මට මගේ ඇස්වල කදුළු තවමත් තියෙනවා) (බ)
පිස්සු හැදෙනවා අවුරුදු 2 ක ළමයෙක් මාස 8 ක් තනියම විදියක ජිවත් වුනා කියන එක හිතාගන්න බෑ..මම හිතන්නේ නම් අම්මයි තාත්තයි දෙන්නම හරි එක්කෙනෙක් හරි ළමය අවට ගැවසෙමින් හිඟා කනවා ඇති . (බ)
ඔබ ගුණවත් කාන්තාවක් ලොවට ආදර්ශයක් (බ)
කසල ගොඩේ තිබුනත් , මැණික ,මැණික මයි . (ම)
මේ වගේ ලස්සන ළමයෙකුට යක් ළමය කියල නයිජීරියාවේ පිස්සෝ කියන්න ඇති. බලන්න ළමයාගේ හිනාව. (ර)
රුවන් මෙන්න දෙවියන්. මටත් මා ගැනම කළකිරුනා. මම අඩුම තරමින් මගේ රටේ දුප්පතුන් එක් කෙනෙක් වෙනුවෙන්වත් එක උපකාරයක්වත් හරියට කර තිබෙනවාද කියලා හිතෙනවා (නි)
ඔබ තුමියට ගොඩාක් පින් බබාගේ හිනාව කොච්චර ලස්සනද. (බ)
කවුද දන්නේ මේ දරුවා අනාගතයේදී රාජ්‍ය නායකයෙක් වේවිද කියා? (බ)
අපේ රටෙත් මේවගේ දරුවෝ කී දෙනෙක් ඉන්නවද ඒ වුනාට විකාර දේශ පාලනයක් නිසා ඒවා කාටවත් පෙනෙන්නේ නැහැ. (ර)
විශිෂ්ට කාන්තාවක්. පව් අර දරුවා. ඇහැට කඳුළු එනවා. (ර)
ඔබ සැබැ මානව හිතවාදී කාන්තාවක්. ෙගාඩක් පිං ඔබ තුමියට. (ර)
දරුවෝ හැමෝම මල් වගේ. එයාල හැමෝම ගොඩක් ලස්සන වගේම අහිංසකය. හිතේ ලස්සනක්, අනුකම්පාවක් නැති මහා මිනිසුන්ට දරුවෝ පෙනෙන්නේ යක්කු වගේ තමා. (ර)
විශිෂ්ට කාන්තාවක්. සදාකල් සතුටින් ජීවත්වෙන්න ලැබේවා ඔබට. (ර)
ඔයාට ගොඩක් පින් මේ කළදේට! (නි)
ඔබතුමියට ගොඩක් පිං දරුවෝ දෙමාපියන් කුඩුකරන කාලයක මෙවැනි දේවල් අදහා ගන්නත් අමාරුයි මගේ ඇස්වලටත් කදුළු ආව. (ර)
මට මා ගැනම කළකිරුනා. මම අඩුම තරමින් මගේ රටේ දුප්පතුන් එක් කෙනෙක් වෙනුවෙන්වත් එක උපකාරයක්වත් හරියට කර තිබෙනවාද කියලා හිතෙනවා (නි)
විශිෂ්ට කාන්තාවක්. සදාකල් සතුටින් ජීවත්වෙන්න ලැබේවා ඔබට! (නි)
මේ කාන්තාව මතු දවසක බුදු වෙනවා ,,,,, ඔබට ගොඩක් පින් , (ම)
ඔබට සැමදා සතුට ලැබේවා. ඔයාගේ හිනාව මිලකළ නොහැකි. ඔබ කවදා හෝ විශිෂ්ට පුද්ගලයෙක් වන්න. (ර)
කදුළු ආවා මේ පික්චර්ස් බලද්දී (ර)