ලිංගික ක්‍රියාකාරකම් හේතුවෙන් මොළයේ ශක්තිය වැඩිදියුණු වන බව පර්යේෂණක් මගින් තහවුරු කැරගෙන ඇත. එමගින් මොළයේ ඇති ආතතිය නවතින බව ද එම වාර්තාවේ දැක්වේ. පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ යහපත් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් කඩවසම් බව ද ආරක්ෂාවන බවයි.
මෙයින් සිදුවන්නේ මොළයේ දිගුකාලින මතකය රඳවා ගන්නා ප්‍රදේශය වන හයිපොකැමිපසය නමැති කොටසේ අලුත් නියුරෝන වර්ධනය වීම බව ද විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.
මනෝවිද්‍යාඥ ට්‍රෙසී ෂොර්ස් ස්නායු විද්‍යා සංගමයේ සමුළුවේදී ප්‍රකාශකර ඇත්තේ මෙලෙස වර්ධනය වන සෛල ආරක්ෂා කර ගැනීමට නම් මහන්සි වි වැඩකල යුතු බවයි. ඇය පවසා ඇත්තේ ව්‍යායාම මගින් සහ ලිංගික ක්‍රියාමගින් යන දෙකෙන්ම අළුත් සෛල නිපදවා ගත හැකි බවයි.
ෂොර්ස් මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කීයන්නීය.
මානසිකත්ව පුහුණුව මගින් මෙම නිපදවු සෛල දිගුකලක් ජිවත් කර තබා ගත හැකි වනවා. ලිංගික ක්‍රියා සහ ව්‍යායාම යන දෙකම කරන්නේ නම් සෛල රාශියක් නිපදවා ගැනීමට හැකිවනවා වගේ ම ඒවා දිගුකලක් ජීවතුන් අතර තබා ගත ගැනීමටත් හැකිවනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවනේ රුවනි දැන්මම බයවෙලා.(නදී)
නැහැ එහෙමනම් මගේ මොලේ කොහොම වැඩි වෙන්න ඕනද? (දී)
යහපත් ලිංගික ක්‍රියාකාරකම් යනු ඔබ සැමගේ දෙමව්පියන් සිදුකල දේවල් එහි ප්‍රතිපලය ලෙස තමයි අද ඔබ සැමට මෙහි අදහස් දක්වන්න ලැබේ තියෙන්නේ . මීට වැඩිය හොද පිලිතුරක් මට නැහැ. කරුණාකර පලකරන්න.(නදී)
මෙහෙමත් ලෝකයක් . දැන් ඉතින් මිනිස්සු මේ කතාව අහල වැරදි වැඩ කරයිද දන්නේ නෑ (දිල්)
යහපත්කම කියන්නේ සදාචාරයට විරුද්ද නොවන දේවල් වලටය.ලිංගිකත්වය යහපත් දෙයක්මය....එය නැතිව මේ ලෝකය පවතින්නේ නැත...එය අපේ දැනුමට අනුව නරක දෙයක් කියලා කියන්නේ ලිංගිකත්වය අවභාවිතා කරන්න මේ මිනිස් සමාජය පුරුදු වෙලා තිබෙන නිසාය.....ලිංගිකත්වය ගෞරවයෙන් සලකා,මිනිස් ගතිගුණ උතුම් කොට හා අදහන ආගමට අනුව ජීවත් වෙනවනම් මේ දේවල් ගැන කලබල වෙන්න දෙයක් නැ.....හැමදේටම හික්මීම වැදගත් වෙනවා.යහපත් ලිංගික සබදතා ගැන ඔබ දන්නේ නැති නම් හොදින් දන්නා වැදගත් කෙනෙකුගෙන් අසා දන ගන්න....මොනවා උනත් මොලය වර්ධනය කරගැනීමේ අරමුණ වෙන්න ඕන යහපත් කෙනෙක් වෙලා මේ ලෝකෙන් නික්ම යාමය.මොලය වර්දනය සදහා ඔබේ යහපත් ලිංගික සබදතාවයද වැදගත් වන බවයි මේ සොයා ගැනීමෙන් කියන්නේ. (දී)
සත්‍යා ඔයාගේ කතාව හරියටම හරි. (දී)
මගේ ජීමේල් අංකය වැරදුනා නිවැරදි කර ඇත.(නදී)
මේක නම් අපේ රටේ ස්ත්‍රී දුෂණ වැඩි වෙන පොටක්. (නදී)
සමන් වගේ අය මේ කියන දේවල් ගණන් ගන්න එපා.(නදී)
ඕක කියන්න ඕන දෙයක්ද? හැබැයි ලංකාවේ අයට හරියට ඕක තේරෙන්නේ නැහැ.(නදී)
කාම සුත්රෙය්ත් ඔය දේම කියල තියනවා ළමයිනේ, ඕක අලුත් දෙයක් නෙවෙයි...... හැබැයි ඕකත් හරියට දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ එකක්. මගේනං කාලේ පැනල දැන්. (නදී)
සත්‍යයා, ඔබ මෙන්ම බුද්ධිමත්ව අදහස් දක්වන තවත් කෙනෙක් වගේ අමිල.(දිල්)
එහෙනම් දැන්මම වැඩේ පටන් ගමු..(නදී)
මේ රටේ ගොඩක් අය ගේ හිත් වලට පොඩි කාලෙම මුල් බැහැල තියෙනවා ලිංගික ක්‍රියා යනු නරක දෙයක් බව. ඉතින් ජිවිත කාලෙම දුක් විඳිනවා වැරදි දේවල් කරනවා කියල. මොන බොරු සිතුවිල්ලක් ද. ? කනවා , බොනවා , නිදියනවා වගේ තවත් එක ජිව ක්‍රියාවක් ලිංගික සතුට ලැබීම.(නදී)
ඕක අපි ගාවම තිබුනනම් එහෙම කරන්න තිබුනා. මොකද කෙල්ලන්ගෙ ගෑස් තවත් වැඩි වෙනවා දැන්.(නදී)
ඇස් අන්ධයෝ ඇතාව අතපත ගාල කිව්ව දේ ඇත්ත කියල බලන් ඉන්න මිනිස්සුත් කිව්වොත් ඒ අන්ධයෝ ඇත්ත අන්ධයෝ වෙන්න බැහැ. ඔවුන් බොරු කාරයෝ ටිකක්. හැබැයි බලන් හිටපු අය තමයි නියම අන්ධයෝ. මේ අනුව හිතා ගන්නකො මොනවාද ඔය යහපත් ලිංගික ක්‍රියා සහ මොළය වැඩිවෙන හැටි.(නදී)
දැන් ඉතින් මොලේ වර්දනය පිටින් දාල අපේ මිනිස්සු මේකෙම එල්ලිලා ඉදිද දන්නේ නැහැ. පනින රිලවුන්ට ඉනිමන් තිබ්බ වගේ තමයි. (නදී)
මේනකාගේ කියමන නම් නියමයි... (අ)
ඒක ඇත්තකි සාර්ථක සොයාගැනීමක් (අ)
නියම සොයාගැනීම අපේ අයට මරු දැන් (අ)
රටේ හැම ගෙදරකම පිහි තියනවා නේද?පිහි ගෙදරකට අත්‍යවශ්‍ය දෙයක් නේද? එහෙම උනා කියල හැමෝම අත කපාගන්නවද? අත කැපෙනවා කියල පිහි තහනම් භාණ්ඩයක් කරනවාද? අනේ මෙහෙම ලංකාවක්? (නදී)
අපෙගේ උගත් සිර්ලට මේවා බැලුවම ජොලි ඇති නේද? තව තව ගැහැණු හොයා ගෙන යයි. දැනුම කෙසේ වෙතත් තරුණ වෙන්න තියන හීන මානයට (අ)
අර ප්‍රාදේශීය සභාපති තුමත් ලෝක මොළ කාරයෙක් වෙන්නැති (අ)
ලංකාවේ තනි කඩයන්ට මොකද කරන්නේ ? (අ)
ලිංගිකත්වය ජීවිතයක වැදගත්ම කොටසක්.එය එකිනෙකාගේ අවබෝදයෙන් යුතුව යහපතත්ලෙස යෙදීමෙන් නීරෝගීව සතුටෙන් කාලය ගෙවිය හැකි. (අ)
කිරි අප්පට බල්ලෝ පැනපි දැන් ඉතින් ජනගහන වැඩිවෙයි (අ)
දැන් ඉතින් කට්ටිය මෙතන කොට කොට කාලය නාස්ති නොකර මොලය වරදාන අබ්යස ගැන හිතුවොත් නරකද? (අ)
ලිංගිකත්වය කියන එක මාධ්‍ය තුලින් විචාරය වෙන්නේ ගොඩක්ම වැරදි විදියට. ඒවා ගැන ලියන්නේ පාඨකයාගේ හිත ආකර්ෂණය වෙන විදයට. ගොඩක්ම වැරදි සිද්ද වෙන්නේ ඒක නිසා. ලිංගිකත්වය කියන එක කවුරුත් දන්නා රහසක් හැටියට තියෙනවා නම් සමාජයට ගොඩක් හොඳයි. අපි හොඳටම දන්නවා පවුලක් විදියට එක ගෙදරක ඉන්න කොට ලිංගිකත්වය කියන එක කොයිතරම් රහසක් වෙන්න ඕනද කියලා. ඉතින් සමාජයටත් මේක පොදු වෙන්න ඕනා. බලන්න අද කාලේ පත්තර වල මේ ගැන තියෙන ප්රවෘත්ති. හරිම පහත් තලයක මිනිස්සුන්ගේ වැඩ ගැන තමයි තියෙන්නේ. රටේ ගොඩක් ප්‍රසිද්ද අයගේ පින්තුර බලන්න. ලිංගිකත්වය ඉස්මතුවෙන පින්තුර නෙවෙයිද තියෙන්නේ? අඩනිරුවත් පිංතුරයක් පුවත් පතක පල කලොත්, පුවත් පත බලන සියල්ලන්ම ඒක දකිනවා. එතකොට මොකද වෙන්නේ? පුංචි අය පවා මේවා බලනවා. මොන නීති තිබුනත් හිතට නීති පනවන්න අමාරුයි. ඉතින් විනාසයක් තමා වෙන්නේ. කල්පනා කරන්න. පෙම්වතුන් පිරිසකට විවාහ වෙලා ඉන්න පිරිසකට ලිංගිකත්වය ගැන මොන දෙයක් කිව්වත් කමක් නෑ. සමාජයේ තනිකඩව ඉන්න ලොකු පුංචි අය බලන දකින මාධ්‍ය වල දෙයක් පල කරනකොට බුද්ධිමත් විදියට පල කරනවානම් ඒක සමාජයට කරන ලොකු සේවයක් වේවි. (නදී)
අනේ මන්ද (අ)
බුදුදහමේ සදහන් වන්නේත් යහපත් ලිංගික ක්‍රියාකාරකම් ගැනයි . 3වෙනි සිල්පදය "කාමයෙහි වරදවා හැසිරීමේන් වලකිමි (වළකිමු ) පංචේන්ද්‍රියන් පාලනයකර ගැනීම සඳහන් කර තිබේ.(නදී)
අනේ මේ තියෙන අපරාද වැඩිවෙන්න මගක්. ලංකාවට මේ පුවත සුදුසු නැහැ. (දී)
මෙහි කියා තිබෙනවා 'යහපත් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමෙන්' යනුවෙන්. මෙය තව දුරටත් පැහැදිලි කල යුතු වෙනවා. නැත්නම් සමන් වගේ අය නොමග යන්න ඉඩ තියෙනවා. (දී)
ඇත්ත දැන ගත්තේ දැන් තමා (දී)
යහපත් ලිංගික ක්‍රියාකාරකම්?? ඒ මොනවද අප්පේ ඒ? අදමයි ඇහැව්වේ. (දී)
සඳරුවන් වගේ අයට තේරුම් ගන්න පුළුවන් වෙන්න පන්ති කරන්න වෙනවා.යහපත් කියන එක තේරුම් ගන්න බැරි නම් ආයේ සිංහල පන්ති යන්න (දී)
"යහපත්" ලිංගික ක්‍රියාකාරකම් කියන්නේ මොනවද? අපි නම් දන්නා විදියට ඕව අසභ්‍ය දේවල් නැත්නම් නරක වැඩ. දැන් දෙන්නෙක් බදාගෙන හිටියත් කියන්නේ අශෝභන ලෙස හැසිරුනා කියල නේ. ඔයවගේ දේවල් අපි පොඩි ළමයි එක්ක තියා අපේ කසාද බැඳපු ළමයි එක්කවත් කතා කරනවද? (දී)
3 වෙනි ශික්ෂාපදය අනුව මේ කියමන.(නදී)
කියල තියෙන දේ තේරුම් ගම්මු. විවේචනයට වඩා. එක සොයා ගැනීමක්. (දී)
ඔන්න කාලෙකට පස්සේ හොඳ කතාවක් ඇහුවා (දිල්)
ඕක පර්යේෂණ කරලා හොයා ගන්න දෙයක්ද අනේ. සමාජේ දිහා බැලුවම පෙන්නේ නැද්ද . හොද තුප්තිමත් ජීවිත ගතකරන ය හැමදාම තරුණ කමින් ඉන්න බව, වයසට ගියත් හරි ප්‍රසන්න පෙනුමක් තියෙන්නේ. (දිල්)
පනින රිලවුන්ට ඉනිමං බදිනවා දැකලා තියෙනවාද (දී)
මේ පිළිබදව පැහැදිලි කරන්න පැහැදිලි නෑ (දිල්)
දෙන්නම් ජම්බු.(නදී)
ඒ කියන්නේ ලෝකේ හොඳම මොළ තියෙන්නේ නිල් චිත්‍රපට නළු නිළියන්ට.(නදී)
යහපත් ලිංගික ක්‍රියාකාරකම කියන්නේ තමන්ගේ සැමියා හෝ බිරිඳ සමග පමණක් ලිංගිකව එක වීමයි (දී)
මම නම් හිතන්නේ ලංකාව වගේ රටකට ගැලපෙන්නේ නැහැ (දී)
මම බැලුව මොකද මම එන්න එන්නම ලස්සන වෙන්නේ කියල හේතුව දන්නේ දැන්නේ (දී)
තියෙන අපරාද මදිවට තවත් අලුත් එකතුවක් වෙන්න හදන්නේ (දී)
කාමයෙහි වරදවා හැසිරීම කියන්නේ ඕනැම සැප සම්පතක් අනවශ්යව ලබාගැනීමට පෙළඹීමයි.(නදී)
එහෙනම් දැන් බයවෙන්න දෙයක් නැ, මොලේ වර්දනය කරගන්න දැන් මේ කෙන් පුළුවන්, හොඳ නිව්ස් එකක් අපේ අයට.(නදී)
වැඩේ හරි,දෙයි ඇට්ටි හැලෙන්න. (නදී)
මේවට බනින්නේ බැරි අය.(නදී)
මෙහි තියන අදහස් දකින විට අපේ රටේ බොහෝ ප්‍රශ්න වලට හේතුව තේරෙනවා. බුදුහාමුදුරුවෝ වත් ලිංගිකත්වය වරදක් වසයෙන් දැකල නැ. මේවා ළමයි කොහොම උනත් වැඩිහිටියන් දැනගත යුතුයි. බුදුහාමුදුරුවෝ ගිහි ජීවිතය සාර්ථක වන දේවල් සිගාලෝවාද සුත්‍රයෙන් දක්වල තියනවා. ඔය විදියට හිතුවොත් කලාව යනු අමුම අමු වරදක්. (නදී)
ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට පංචෙන්ද්‍රිය පාලනය කරගෙන ඉක්මනින් නාකි වෙලා මැරිලා යන්නද වෙන්නේ? අහෝ දෙවියනි! අනේ මට නම් බැරියෝ. (නදී)
ගයාන් අදහස් කළේ ලියන්න කියන්න බැරි අය වෙන්න ඇති නේද? (නදී)
එතකොට කට්ටිය හිතාගෙන ඉන්නේ යහපත් වැඩ කරන්න පුළුවන් එක්කෙනෙක් එක්ක විතරයි කියලද? (නදී)
මේකේ කියන්නේ ව්‍යායාම කලාම මොළය වර්ධනය වෙනවා කියලනේ.(නදී)