මළපහ වලින් ගල්අගුරු නිපදවීමේ ක්‍රමයක් සොයාගැනීමට බි්රතාන්යය ජාතික විද්‍යාඥයෙක් සමත්ව ඇත.
ආර්ද්‍රෝෂ්ණක කාබොනීකරණය නමින් හැදින්වෙන ක්‍රියාවලියක් අවසානයේ මෙසේ මල අපද්‍රව්‍ය ගල් අගුරු බවට හැරවීමට මෙම ක්‍රමයෙන් හැකි බව සදහන් වේ. මළ අපද්‍රව්‍ය පමණක් නොව ඕනෑම ආකාරයක කාබනික කැළි කසළ මේ සදහා යොදාගත හැකි යැයි පැවසේ.
අපද්‍රව්‍ය වලින් ගල් අගුරු සෑදිීම ආචාර්ය ඩොමිනික් පියුස්ගේ සොයාගැනීමකි. ඔහු ප්‍රධානත්වය දරන ඇන්ටැකෝ නම් සාමාගම මෙම වසරේ මාර්තු මාසය වන විට බ්‍රිතාන්‍යයේ ප්‍රථම කාබනික අපද්‍රව්‍ය ගල් අගුරු බවට හරවන යන්ත්‍ර සහිත කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ඇත.
කර්මාන්තශාලාවේ ඉදිකිරීම් සදහා බ්‍රිතාන්‍යය රජයෙන්ද පවුම් ලක්ෂ 10 ක මුදල් ආධාර ලබා දී තිබේ.
කාබනික අපද්‍රව්‍ය සෙල්සියස් අංශක 200 ක පමණ උෂ්ණත්වයකදී හා බාර් 20 පමණ පීඩනයකදී ගල් අගුරු බවට පත්වේ.මෙය පෘථීවි අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියක් අතර අද අප භාවිතා කරන ගල් අගුරු වසර සිය ගණනක් මුලූලේලේ මෙම ක්‍රියාවලිය සිදුවීමෙන් නිපදවුනු ඒවා වේ.
නමුත් ආචාර්ය ඩොමිනික් පවසන ආකාරයට ඔහුගේ ක්‍රමයෙන් ගල් අගුරු නිපදවා ගැනීමට ගතවන්නේ පැය කිහිපයකි.
ස්වභාවධර්මයා නිපදවා දෙන ගල් අගුරු වල සල්ෆර් අඩංගු වුවත් මෙම ගල් අගුරු වල සල්ෆර් අඩංගු නැති බව සදහන්ය.සල්ෆර් යනු දහනයේදී විෂ වායු නිකුත් කරන්නක් වන අතර මෙම ගල් අගුරු දහනයේදී එවන් අවදානමක්ද නොමැති වනු ඇත.
තවද මෙම ගල් අගුරු කිසිත් ගැටලූවක් නොමැතිව දැනට තිඛෙන ගල් අගුරු බලාගාර වලට යොදාගත හැකි යැයිද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට හොද වැදගත් ආයෝජනයක්, පාරසරික සහ කර්මාන්ත අමත්‍යංශ වල ඉහල නිලදාරීන් මේ පුවත අධ්‍යනය කර ශ්‍රී ලංකා වට හදුන්වාදීම ගොඩක් වැදගත්. (නදී)
බලදාරින්ව දැනුවත් කිරීම අප සැමගේ යුතුකමයි.(නදී)
නියමයි අනාගතේ දවසක ජරාව මල්ලක් දීල ගල් අගුරු මල්ලක් ගන්න පුළුවන් කර්මාන්ත ශාලා බිහිවේවි.හරියට වී මෝල් තෙල් මෝල් වගේ (දී)
එහෙනම් තමිල්නාඩුව මේකෙනුත් රන් පදක්කම ගහයි. එහෙ පාරවල් පුරාම මිනිස්සු ජරා කරන එකනේ කරන්නේ. (නදී)
ඉදිරියේදී මළපහත් සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න පොලිස් ආරක්ෂාව ඉල්ලන්න වෙනවා. (නි)
ලංකාවට ඕව හදුන්වා දෙන්න එපා. අපි අපේ ඒවා බ්රිතාන්නයට යවමු නැතිනම් අපේ ඒවා නොරෝච්චිකොලේට හරවමු. (නදී)
බොලේ අද කාලේ විකුනන්න බැරි දෙයක් නැති ගානයි. නියම ප්‍රතිචක්‍රීකරණයක්.(නදී)
lලංකාවේ මේවා නිපදවන්න හැකි නම් දුම්රිය දුවන්නත්, නොරොච්චෝලේ යවන්නත් පුලුවන්.(නදී)
සමහර දාට මගේ මල පහ කෙලින්ම ගල් අඟුරු වෙලා තමයි එන්නේ.(නදී)
සුවඳ කර කර ගල් අගුරු ගන්න දවස් කියක් පීඩනය දෙන්න ඕනෙද? (නදී)
ඕවා බටහිර කුමන්ත්රන නිසා අපිට එපෝ.(නදී)
බලාගෙන ගියාම අධෝ මුඛය ගල් අඟුරු ආකාරයක් නේ.(නදී)
චීන ආධාර ලබාගෙන මේවා එකතුකරන්න සංස්ථාවක් ආරම්භ කරමු. (නදී)
ලංකාවේ හෙට අනිද්දා වැසිකිලි නැතිවෙයි නේද? (නදී)