මාළු වැඩිපුර ආහාරයට එක්කැර ගැනීමෙන් මොළයේ වර්ධනයක් සහ ඇල්ෂයිමර් වැනි රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබෙන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මාළු කෑමෙන් සිරුරට ලැබෙන ඔමෙගා තුන නමැති මේද අම්ලය හේතුවෙන් වයස්ගතවන විට මොළයේ පරිමාව ද විශාල වන බවයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න බව අවුරුද්දකින් හෝ දෙකකින් පමණ ආරක්ෂාවන බව ද ඔවුහු කියති.
ඇල්ෂැයිමර් රෝගයේ ලක්ෂණයක් වන්නේ වයසට යන විට මොළයේ හැකිළීමයි. බ්‍රිතාන්‍යයේ වෛද්‍ය නිර්දේශය වන්නේ සතියකට දෙවරක් හෝ තෙල් සහිත මසුන්ගෙන් කෑල්ලක් ආහාරයට ගත යුතු බවයි. මේ ආකාරයට පෝෂ්‍යදායක අතින් පොහොසත් මසුන්ගේ තෙල් අඩංගු වන්නේ හුරුල්ලා, කුම්බලාවා සහ සැමන් මසුන්ගේ බව ද පර්යේෂකයන් පවසයි.
මේ අධ්‍යයනය සදහා ගැහැනුන් 1111 ක් යොදාගෙන ඇති අතර ඔවුන්ගේ රතු රුධිර සෛලවල ඇති ඔමෙගා තුන නමැති මේද අම්ල පරීක්ෂාවට ලක්කැර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලැජ්ජා වෙන්ට ඕනා රට වටේම මුහුද තියාන කී දෙනාද මාළු කන්නේ. (නදී)
රවී ඔයාට කවුද කිව්වේ සැමන් මාලුවයි ,සාලයා මාලුවයි එකයි කියලා. ඔයාට වැරදීමක් වෙලා. (නදී)
සැමන් මසුන් කියන්නේ , සාලයට.(නදී)
හොඳ හැටි එළවලු පලා වර්ග කැමට ගන්න.(නදී)
මල කුණක් කන්නනේ මොකටද පලා කෑවොත් නරක ද ? (දී)
මට මේක ඇහුවම මලු කන්න හිතෙනවා (දී)
එහෙනම් ඉතින් මාලේ අයගේ මොලේ වැඩිවෙන් එපැයි ...ඒ මිනිස්සු වැඩියෙන් ආහාරයට ගන්නේ මාළු . දී)
මෝර ගුලි ගත්තත් හොඳයි. කොන්ඩෙටත් හොඳයි ඔමේගා 3.(නදී)
අම්බලන්ගොඩින් බිහිවෙලා තියෙනවා බොහෝ උගත්තු.ඒ ගොල්ලන්ගේ ප්‍රියතම මාළු බලමාළු. (දිල්)
ඒකනේ දකුණේ වෙරල සීමා ගම්වල මොලේ තියෙන අය ඉන්නේ.(නදී)
මාළු කෑම නම් හොඳයි. නමුත් මාළු වල ගනනේ හැටියට දවසක් කෑවොත් මාසයක් බඩගින්නේ ඉන්නයි වෙන්නේ.(නදී)
සැමන් මාළු නම් හරිම රසයි. හැබැයි මාර ගන්නන්නේ. හැබැයි ටින් වල තියෙන සැමන් කාලා නම් මොලේ වර්ධනය වෙන එකක් නැහැ මගේ හිතේ.(නදී)
ලංකාවේ ටින් මාළු වල ටුනා හෝ මෑ කරල් මාළුවා ඇත. නමුත් මට නම් තේරෙන්නේ නැහැ ඇයි මිනිස්සු සැමන් ටින් හෝ සාඩින් ටින් කියල කියන්නේ. සාඩින් මාලුත් ලංකාවේ ටින් වල නැහැ. සැමනුත් නැහැ.(නදී)
ඉංග්‍රීසි බාසාවේ වචන වලට ලංකාවේ වැරදි තේරුමක් දෙන අවස්ථා තියනවා. උදාහරණ ලෙස ලංකාවේ ටින් මාළු වල තියෙන්නේ මැකරල් මාළුවා. නමුත් සුද්දන්ගේ කාලේ සැමන් මාලුව ටින් කරලා ලංකාවට සුද්දන්ගේ පරිබෝජනෙට ගෙනාවා. මේ නිසා තාමත් මේ වචනේ වැරදියට පාවිච්චි කරනවා. (නදී)
සැමන් හොඳ තමයි. නමුත් නියම සැමන් මාලු හරි ගණන්. අපේ ටින් මාලු වල ඉන්නේ ටුනා වර්ගයේ මාළු මිස සැමන් නෙවි. නමුත් ටුනා මාළු වලත් ඔමේගා 3 තියෙනවා. (නදී)
තතාව ඇත්ත. සැමන් මලු කන්න. මෙහෙත් කියන්නේ මාලු කන්න කියලා.(නදී)
කතාව ඇත්ත පොඩි මාළු කන්න.(නදී)
මෙලෝ රහක් නැති මාළු වගේනේ (දී)
සැම ටින් මාළුවක්ම සැමන් මාළු නොවේ. ලංකාවේ ටින් මාළු වල ඇත්තේ බල මාළුය(දී)
මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මෙහෙ වෛද්‍යවරුන් කියන්නේ සැමන් කනවා නම් වඩා ගුණ කියලා(දිල්)
මාළු කියන්නේ හොඳ කෑමක් (දිල්)