මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි 2009 දී ලන්ඩන් නුවර මහමෙව්නා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය ආරම්භ විය.
ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික බෞද්ධයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්වූ එම අසපුව නිර්මල බුදු දහම ව්‍යාප්ත කිරීම උදෙසා අමිල සේවාවක් ඉටු කරයි.
ලන්ඩන් මහමෙවුනා භාවනා මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ ජනාකීර්ණ නගරයෙන් දුරස්තරවූ නිස්කලංක රමණීය බැසිල්ඩන් ගමේය. එහි අක්කර හතරක වැනි විශාල භූමියක පිහිටි අසපුව නිතිපතා බුදුදහම පිලිබඳ දැනුම ලබාගැනීම සඳහාත් වන්දනා මාන කිරීම සඳහාත් පැමිණෙන ලොකු කුඩා සැදැහැවතුන්ගෙන් පිරි පවතී.
බුදුදහමේ ගැඹුරු තැන් පිළිබඳව පැවැත්වෙන ධර්මදේශනා, ධර්ම සාකච්ඡා සහ දහම් පාසල් අධ්‍යාපනය සඳහා මුල්තැනක් දෙමින් සකසා ඇති වැඩසටහනට දාන සීල භාවනා මෙන්ම බුද්ධ වන්දනා, බුද්ධ පුජා, ධාතු වන්දනා, බෝධි වන්දනා සහ සංඝ උපස්ථාන වැනි ආමිස පුජාමය පින්කම්ද ඇතුළත්වෙයි. ඒ තුළින් අසපුව වෙත ඇදී එන සැදැහැවතුන් හට නිර්මල බුදුදහමේ උතුම් ගුණය වටහාගෙන ඒ මඟින් තම ජිවිත සඳහා අගනා එළියක් ලබාගැනීම සඳහාද අවස්ථාව උදාකර දෙනු ලබයි.
දැනට බැසිල්ඩන් අසපු භුමියේ අලංකාර එළිමහන් බුදුමැදුරක්, සුවිශේශිතවූ චෛත්‍යයක් සහ සංඝයා වහන්සේලාගේ නවාතැන් පහසුව සඳහා කුටි කිහිපයක් ඉදිකර ඇත.
මෙවර වෙසක් පුන් පොහොය දවසේ අභිනව එළිමහන් බුදු මැදුරෙහි ශ්‍රී ලංකාවේ සිට වැඩමකරවන ලද බුදුපිළිම වහන්සේ තැන්පත් කෙරෙනු ඇත.
ලන්ඩන් අසපුව මඟින් මාස් පතා ලන්ඩන් නුවර අවට හවුන්ස්ලෝ. වොට්ඵර්ඩ් සහ නිව් මොල්ඩන් යන පලාත්වලදීද දහම් වැඩසටහන් සහ ළමුන් සඳහා විශේෂිතවූ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි.
මෙම පින්කම් සඳහා සහභාගිවන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව දිනපතා වැඩිවෙමින් පවතින බැවින් උතුරු ලන්ඩනයේ ස්ටන්මෝර්, බටහිර ලන්ඩනයේ අක්ස්බ්රිජ් සහ සරේ යන ප්‍රදේශවල අභිනවයෙන් මහමෙව්නා අසපු තුනක් ආරම්භ කිරීම සඳහා දැනට කටයුතු සුදානම් කර ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් ඕනෑතරම් තිබුනාට කමක් නැත. ඒවාට පුළුවන් තරම් උදව් කරන්න (නි)
ගෞතම මුනිරජුන්ගේ සාම සංදේශය පැතිරේවා! නමෝ බුද්ධාය! (නි)
බුදු දහම ප්‍රචාරය කිරීමම නම් අරමුණ ඉතා හොදයි. ලංකාව තුළත් ඒ වෙනුවෙන් කළ යුතු දේ බොහෝමයක් තියෙනවා. (බ)
සාධු සාධු සාධු!!! (නි)
තව තවත් ධර්මය ප්‍රචාරය වේවා! කළණ මිතුරු ඇසුර වැඩි වේවා! සතුටු සිතින් අනුමෝදන් වෙමි. (නි)
විස්තර කළනොහැකි තරම් පින් වැඩෙන කර්තව්‍යයකි. ලොව පුරා බුදුසසුන බැබළවීමේ පිනෙන්, ඔබ වහන්සේට නිවන් අවබෝධය ලැබෙනු ඒකාන්තයි. සාදු! සාදු! සාදු ! (නි)
දිවා රාත්‍රියේ පින් පිරෙන පින් කමක් (ම)
සාධු සාධු සාධු!!! (නි)
ඔබ වහන්සේට නිවන් අවබෝධයම ලැබේවා! ලෝකයේ වැඩි වැඩියෙන් නිර්මල බුදු දහම පැතිරී වැඩි වැඩියෙන් පන්සල් ඉදිවේවා! සාධු සාධු! (නි)
මෙය හොඳ දෙයක්. හාමුදුරුවනේ, අපේ ගම් වල පන්සල් පාලුවෙලා. වෙහෙර විහාර බාගෙට කැඩිලා යනවා. (නි)
ලොව පුරා බුධු සසුන බැබලේවා ! කිරිබත්ගොඩ ඥානානන්ධ නායක හිමිපාණන්ට තෙරුවන් සරනයි ! සියලු දෙවි පිහිටයි ! ඔබ සැමට වෙසක් සුබ පතෙන්නෙමු. (අ)
ලන්ඩන් වල තිබෙන පන්සල් ඕනවට වැඩියි. (නදී)
විජයබාහු මහත්තයෝ, මොනවාද ඔබතුමා කියන විදිහට ලන්ඩන් වල පන්සල්වල තියෙන අඩු වැඩිය, මම මේ නොදන්නා කමට අහන්නේ. මමත් ගිහින් තිබුනට ඔය කියන ඕනවට වැඩි කිසිම දෙයක් දැක්කේ නෑ. (ස)
ලංකාවේ තිබෙන පල්ලි ඕනවට වැඩි නැද්ද ? අඩුම තරමේ වෙසක් එකටවත් පන්සල් යනවද?(බ)
ලෝකයේ ඕනෙම ස්ථානයක පන්සල් වෙහෙර විහාරස්ථාන සෑදුවාට වරදක් නොමැත. භික්ෂුන් වසන්සේලා කළ යුත්තේ විදර්ශනා වැඩ (බමුණු බාවනා නොව) රහත් මගට පැමිණ බන දේශනා කිරීමය. එසේ නැතුව අග්ගමහා, පණ්ඩිත, මහාචාර්ය ආදී පට්ටම් එකතු කිරීම හෝ දත්ත එකතු කිරීම නොව. (බ)
මහමෙව්නාව නම් පින් ගඟුලකි. කුඩා කල පටන් කිසිම අවබෝධයක් නැතිව නිකම්ම "බුද්ධං සරනං ගච්චාමි " කිව්ව අපිට අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන ආකාරයත්, තෙරුවන්ගේ අපමණ බලයත්, අවබෝධයෙන්ම පින් රැස් කරණ ආකාරය කියා දුන්, අතිපුජනිය පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමින් වහන්සේට සියලු බෞද්ධයන්ගේ අපමණ ගෞරවාදරය හිමි වේ. සාධු... සාධු.,.. සාධු...(බ)
ලංකාවේ දුප්පත් පන්සල් වලටත් ආධාර කරන්න (ස)
ලංකාවේ දුප්පත් පන්සල් වලට ආධාර කර ඒවා නගා සිටුවනවා නම් මීට වැඩ ගොඩක් පින් (දිල්)
ඔබ වහන්සේ මේ කරන්නාවූ පුණ්‍ය කර්මය හේතු බලෙන් වහ වහා සත්‍ය අවබෝධ වේවා !!! (බ)
නමෝ බුද්ධාය ! (දිල්)
සාදු සාදු සාදු.! (ර)