වැසිකිළි අපද්‍රව්‍ය ගෙනයන නළයක සිරවී සිටි අලූත උපන් බිළිදෙකුගේ දිවි බේරා ගැනීමට උතුරුදිග චීනයේ ගිනි නිවන භටයෝ පිරිසක් සමත්වුහ.
ප්‍රදේශවාසීන් ප්‍රදේශයේ වැසිකිළි අපද්‍රව්‍ය ගෙන යන නළයෙන් බිළිදෙකුගේ ඇඩුම් හඩක් ඇසෙනවායැයි පැමිණිලි කිරීම නිසා එතැනට පැමිණි ගිනි නිවන භටයන්ට අගල් 4 ක් පමණ විශ්කම්භයකින් යුතු වූ නළයේ සිරවී සිටි බිළිදා සොයාගැනීමට හැකිව ඇත.
නළය කපා බිළිදා පිටතට ගෙන ඇති ගිනි නිවීමේ භටයන් මලපහ වලින් නැහැවී සිටි බිළිදා මියගොස් ඇතැයි සිතුවද එක්වරම බිළිදා මහ හඩින් හැඞීමට ගෙන ඇත්තේ සියලූදෙනාවම අස්වසමිනි.ඔවුන් වහ වහා බිළිදා රෝහලක් කරා ගෙන ගොස් තිබේ.ජීවිතයත් මරණයත් අතර සටනක සිටි බිළිදා දැන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව සදහන්ය.පිරිමි දරුවෙකු වන බිළිදා මේ වන සියලූ දෙනාගේ ආදරයත් අනුකම්පාවත් දිනාගැනීමට සමත්ව ඇත්තේය.
ප්‍රදේශයෙන් පළා ගොස් සිටින බව පැවසෙන තරුණ යුවළක් සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.ඔවුන් පදිංචිව සිටි නිවසේ වැසිකිළිය අපද්‍රව්‍ය ගෙනයන ප්‍රධාන නළයට සම්බන්ධ වන ස්ථානය ආසන්නයෙන්ම බිළිදා සොයාගැනීමට හැකි වීම ඔවුන් දෙසට සැකය එල්ල වීමට තවත් හේතුවකි.සැක කෙරනා ආකාරයට ඔවුන් දෙදෙන බිළිදා උපන් විගස වැසිකිළියට දමා ‘‘සෝදා‘‘ හැර ඇත.ගිනි නිවන භටයන්ට බිළිදා හමුව ඇත්තේ නළයේ නැම්මක් අසල සිරව සිටියදීය.නැම්ම වන තෙක් මිීටර කිහිපයක දුරක් බිළිදා ගසාගෙන විත් ඇති බව පොලිසිය කියයි. එම නළය කියත් වලින් කපා බිලිඳා එළියට ගෙන ඇත.
දෙමව්පියන් වහා සොයාගෙන ඔවුනට දැඩි දඩුවම් ලබා දිය යුතු බව බොහෝ දෙනාගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කීවත් අපේ අම්මලා චීන්නු වගේ ගඳ වැඩ කරන්නේ නැහැ.පාලම්,බෝක්කු යට ,කැලේකට තමයි දමන්නේ. එක්කෝ මුලදීම ගොඩ වෙදෙකුගෙන් ප්‍රතිකාර ගන්නවා (නි)
පොඩි පුතාට දළදා සමිදු සරණයි. පුතාට ඉක්මන් සුවය ! (ස)
හිතාගන්නත් බැහැ මේ දරුවා බේරුනේකොහොමද කියලා. කුඩා දරුවන්ව දෙවියෝ ආරක්ෂා කරනවා කියන්නේ ඇත්තතමා.මෙම දරුවාට බුදුසරණයි. දෙවි පිහිටයි. (ස)
පුදුම තිරිසන් ලෝකයක්... කියන්න තියෙන්නේ මෙච්චරයි. ''සිතෙන් සිතක රඳනා කෝප ගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනා නාග විෂ උනුන් නසාලන අසිරි බලන්නට වඩිනු මැන නිදුකාණනේ...“ (ස)
මට වෙන කියන්න දෙයක් නැහැ. තිරිසන්නුත් තමන්ගේ පැටියට ආදරෙයි.(ස)
ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිට ලැබෙන්න ඕනේ නොදරුවට බුදු සරණින් සුවය ලැබේව..(ස)
නියම බොදුනුවන් සිතන පතන කියන හැටි යම් සිදුවීමක් දෙස බලා සානුකම්පිත වන අයුරු මේ අගරු සිදුවීමට දමා ඇති අදහස් තුලින් දකින්න ලැබුනා (නි)
අම්මා කියන්නේ බෝසත් චරිතයක්. මෙහෙම් කට්ටියට කියන්න නමක් නැහැ (දී)
වාසනාවන්ත පුතෙක්, ඔබට පුතේ සියලු ආගම වල පිහිට ලැබේවා.ඔබ කවදාහෝ මෙලොව රජකමට සුදුසු වෙයි. (ස)
දරුවට බුදු සරණයි. දෙමාපියෝ දෙන්නට දැඩ් දඩුවම් දෙන්න ඕන.(ස)
මටත් දින 8ක් වයස දූ පොඩ්ඩක් ඉන්නවා! මේ නිව්ස් එක කියවන්න තියා දකින්නත් හිතට පිළිකුල්. මොන හිතකින්ද දෙවියනේ ගැහැනියක් වැදූ තම දරුපැටව්, විසිකරන්නේ ?මරන්නේ ?ලිදට දමන්නේ? ඒ කිරි සප්පයා කුරුළු පැටියෙක් වගේ මිනිස් කටහඩ ඇසෙන විට කට ඇරගෙන, කියන්න දන්නේ , බඩගිනියි කියල පමනයි. කිරිදරුවෙකුට කොපමණ අම්මෙකුගේ රැකවරණය අවශ්‍යද? මගේ දරුවා දකින හැම වෙලේම මම හිතින් කියන්නේ අනේ දෙවියනේ ලෝකේ හැම ගැහැනියෙකුගේම, අම්මෙකුගේම හදවතේ, දරු සෙනේහය වැඩේවා කියලා. මගේ දියණිය දකින විට මට දැනෙන දරු සෙනේහය කියන්න මට සිංහල හෝඩියේ අකුරු මදි.(නදී)
දරුවාගේ ජීවිතය බේරාගත් සියලුම දෙනාට පින්සිදු වෙනවා.(නදී)
අම්මලා කියලා කියන්න පුලුවන්ද මෙහෙම අයට (දී)
සුර දුතයන් ඇවිත් පුතුගේ වටේ ඇත විමසිල්ලෙන්, මම එහෙම කිවුවේ දරුවා බේරාගත් අයට. (නි)
දෙවියන්ගේ පිහිටයි! (නි)