අදින් වසර 150ට පෙරාතුව මුහුදේ ගිලී ගිය නැවකින් සොයාගත් බීර වර්ගයක් යළි නිපදවීමට බෙල්ජියමේ ලියුවෙන්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.
වර්ෂ 1842 දී ෆින්ලන්තයත් ස්වීඩනයත් අතර ඇලන්ඩ් දූපත් සමූහය ආසන්න මුහුදේ දී මේ නැව ගිලී ගොස් තිබිණි. නැව සම්බන්ධයෙන් ගවේෂණ කළ පුරාවිද්‍යාඥයන් විසින් අඩි 165ක් ගැඹුරේ තිබී බීර බෝතල් පහක් හා ෂැම්පේන් බෝතල් 145ක් සොයා ගෙන තිබිණි. ඒ අදින් වසර හතරකට පෙරාතුවය.
මේ බීර ගැන පර්යේෂණ කළ මහාචාර්ය ගයිඩෝ එට්ස්ටර් සහ ග්ර්ට් ඩි රවුක් විසින් සියවස් එකහමාරක් පැරණි බීර නැවත සකස් කැර ඇත. ඒ සඳහා වසරකට වැඩි කාලයක් වෙහෙස වූ බව ඔවුහු කියති.
‘‘ අපි පැරණී බීර බෝතල්වල තිබී සොයාගත් ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන මේ බීර වර්ගය සෑදීමට භාවිතා කළ යීට්ස් හා බැක්ටීරියා ගැන සොයා බැලුවා. ඒ අනුව අපට හැකියාව ලැබුණා යළි මේ බීර වර්ගය ප්‍රතිනිර්මාණය කිරීමට “
මහාචාර්ය එට්ස්ටර් එසේ කියා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 150 ක් පැරණි බීර නැවත නිෂ්පාදනය කලොත් වෙන්නේ ලෝකයේ " ෂුගර් "රෝගීන්ගේ ප්රවනතාවයක් ඇති කිරීමයි. නරකද මේ බෙල්ජියන් විදු දරයින්ට වසර 2500 කට පෙර නාලාගිරි ඇතාට පෙවූ රා නිෂ්පාදනය ලෝකයට හඳුන්වා දෙන්න. රා ගැලුම් ගාණක් බීවත් සෞඛයට කිසිම හෙණයක් නැත. (නදී)
ගාමිණී ඒ නාලාගිරියට දීපු ජාතියේ රා බෝතලයක් හොයල දුන්නොත් ඒගොල්ලෝ එක නිපදවයි. (අ)
එබෝලාවට මොනවා හරි හොයාගනිල්ලා බීර හදන වියදමික් (නදී)
සිරිවර්දන මහත්තයා නාලාගිරියත් එක්ක එකට අඩියක් ගහලා වගෙයි (නදී)
මිනිසුන්ගේ සෞඛ්‍යයට අහිතකර ඒවා හදන්නම තමයි පෙළඹෙන්නේ (නි)
කුඩු ගහනවට වැඩිය හොඳා . (අ)
මේකේ අදහස් දැක්කහම මටත් මේවා බොන්න හිතුනා (නි)
එකට බියර් බීපු යාලුවෝ කොහෙද මංදා..........නලිං එහෙම........(අ)