ඉක්වදෝරයේ ගලාපගොස් දුපත් සමූහයට අයත් දූපතක් වන සැන්ටා කෘස් හි මාළු ලෑල්ලකට දිනපතා පැමිණෙන පාරිභොගිකයින් අතරේ එක් සුවිශේෂි අයෙකු සිටී.
පසුපස වරලින් සිටගෙන දෙපා සතුන් මැද තම වාරය එනතෙක් බලා සිටින්නේ මුහුදු සිංහයෙකි.
මාළු ලෑල්ලේ හිමිකරු පවසන්නේ තම ‘‘සේවාලාභියා‘‘සංචාරකයින්ට අමුත්තෙකු වුවද අවට වෙසෙන්නන්ට නම් දැන් ඔවුන්ගේම කෙනෙකු වැනි බවයි.
මාළු ලෑල්ල මුහුද අයිනේම පිහිටීම නිසා මේ මුහුදු සිංහයා වැඩි අපහසුවකින් තොරව මසුන් ‘‘මිලදී‘‘ ගැනීම සදහා පැමිණේ.
මේ අපූරු පාරිභෝගිකයාගේ විශේෂම දෙය පෝලිම් නොපැන, මුවින් නොබැන සන්සුන්ව තම වාරය එනතෙක් සිටීමයි.
වාරය පැමිණි පසු මාළු ලෑල්ලේ හිමිකරු නොමිලයේම දෙන මසුන් හා කපා ඉවත් කරන ලද මත්ස්‍ය කොටස් රිසි සේ ගිල දමනා මුහුදු සිංහ තෙමේ කුස පුරවා ගෙන නැවත දියඹට යයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභෝධනී, ඔයාට මොළයක් කියලා නාමයක් නැද්ද?.ඒ තිබුණේ සාප්පු.බාහිරින් රටක තත්වය බලන්න එපා.අනික අපේ රටෙත් සතුන්ට ආදරෙයි. (නි)
ගජබා, ශාන්, හිතවතුනි ලංකාවේ පිනට කන අය බලන්න ආස නම් ඡන්දෙ කාලෙට අපේක්ෂකයන්ගේ ගෙවල් පැත්තේ ගිහින් බලන්න ඡන්දෙ අවසන් උනාට පස්සේ පිනට කෑම ජයග්‍රාහී අපේක්ෂකයා විසින් පටන් ගන්නවා (ර)
සුබෝදනී, මම කතා කරන්නේ දුප්පත්කම ගැන නොවේ කම්මැලි කම සම්බන්ධව. (ර)
වීඩියෝ දසුනක් තිබුනානම් තවත් හොදයි. (ර)
සුබෝදනී, රටවල් ගැන දන්නා දෙයක් නැත. මෙයා දනවත් ගෙවල් දැකලත් නැත. ඉක්වදෝර් රට අපේ රටට වඩා දුප්පත් එත් රටේ මුළු ජනගහනය මිලියන 08 යි සහ කළින් යටත් විජිතයක්. (ර)
ඉක්වදෝරය කියන්නේ ලෝකයේම ආර්ථික අතින් දුප්පත් රටක් .. නමුත් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් , සුහද බව අතින් ගොඩක් දැනුවත්..ඒ මිනිස්සු බහුතරයක් ඉදිරි අනාගතය වෙනුවෙන් මුදල් ගොඩගහගන්න හැටි කල්පනා කරන්නේ නෑ... ඒ ගැන කල්පනා කරලා දුක්වෙන්නෙත් නෑ ..ගොඩක් සතුටෙන් ඉන්න මිනිස්සු ඉන්න රටක් ..හරියට නිකන් කොදෙවු දුපත් වල මිනිස්සු ඉන්නවා වගේ ගොඩක් සතුටෙන් ඉන්නේ ... ඉක්වදෝරයේ සංචාරයක් ගියොත් ලංකාවේ ඉන්නවා වගේ දැනෙයි .. හැබැයි දුවිලි , මදුරුවෝ නම් හරිම අඩුයි ..හිම වැටෙන පලාතුත් වෙනම තියෙනවා ..මුදු වතුර නම් හරිම සීතලයි ...ගස් කොලන් නම් ලංකාව වගේ ... ගොඩක් තියෙන්නේ ලස්සන මල් පිපෙන ගස් ... කඳුකරයත් හරිම ලස්සනයි ..(අ).
ඉක්වදෝරය මහා පෝසත් රටක් කියන එකට එකග වෙන්න බැහැ. තෙල් නිෂ්පාදනය අැරුණු විට දකුණු ඇමෙරිකා කලාපයේ කොකේන් නිෂ්පාදනය වගේම මත්ද්‍රව්‍ය ජාවාරමේ තිප්පොළක් ලෙසත් ප්‍රසිද්දයි. නමුත් භෟව්තික ජීවන තත්ත්ව දර්ශකයේ පහලින් ඇති රටක්. (නදී)
හම සුදු වුණ පළියටම ඒ මිනිස්සු හොඳ වැඩ කරන්නේවත්,හම කළු මිනිස්සු අයහපත් වැඩ කරන්න වත් නැහැ.සුදුවිය යුත්තේ හදවතයි. (නි)
ලංකාවෙනම් මේ සතාවත් මරලා මිනිස්සුන්ට විකුනනවා ...... ෂුවර්....(අ).
ලංකාවේ වුනා නම් ඒ උගේ අවසානෙට තමයි ඇවිත් තියෙන්නේ (අ)
ලංකාවෙත් මේ වගේ දේවල් තියනවා. දැකල ඇති පොලොන්නරුව පැත්තේ කැලේ අලි නගර සබාවේ විසි කරන කුණු කන්න ඇවිල්ල ඉන්න හැටි (නදී)
මොනවා වුණත් අහිංසක අලියෙකුටවත් ඉන්න දෙන්නේ නැත්තේ අපේ රටේයි. හැබැයි අපේ රටේ උණුවෙන හදවත් තිබෙන අය ඉන්නවා. සුද්දන්ගේ රටවල් බොහොමයක සත්ව අයිතිවාසිකම් රකිනවා. මෙහෙ ඉතින් මිනිස් අයිතිවාසිකම්වත් නැති තරම්නේ. (නි)
කමෝන් රන්ජිත්. (අ)
සුන්දර දසුනක්.(හේ)
දනවත් රටවල් වල මෙහෙම මාළු ලෑලි නෑ. අපේ රටේ ගොඩාක් මාළු ලෑලි වල මාර්බල් අල්ලලා තියෙන්නේ.(හේ)
සුබෝධිනී වරකාපිටිය නෝනා සුදු හමට දේවත්වයෙන් සළකන පරණ පරම්පරාවේ කෙනෙක්. අපේ වෛද්‍යවරුන්ට කියා ඔබට සුදු හමක් මේ ආත්මයේදීම ලබාගත හැකියි.සිරුරේ චර්මයේ ඇති වර්ණකය ඉවත් කරන එන්නතක් තිබෙනවා.ඔයා සුද්දියෙක් වුණොත් කාටද ආඩම්බර!! (නි)
ඉක්වදෝරය මත් ද්‍රව්‍ය ,මිනි මැරුම්,ප්රචණ්ඩතත්වයට කප් ගහපු රටක්. අපේ රටේ යම් කාර්යක් ඉටු කරගැනීමට පෝලිමක ඉන්න විට එක්කෙනෙක්, දෙන්නෙක් ඉන්නවා පෝලිමේ නොසිට වැඩේ කරගෙන යන. (නදී)
පෝලිමෙන් පනින ටික දෙනාට සතෙකුගෙන් ආදර්ශයක් (නදී)
කට්ටියටම වැරදිලා. ලංකාවේ ගොඩක් අය කන්නේ ණයටනේ ඉතින් (නි)
අනේ පව්! ගිය ආත්මයේ බෝට්ටුවේ ගිහින් මාළු අල්ලපු ධීවරයෙක්ද කියලයි මට හිතුනේ. අනේ අසරණයට තව මාළු ටිකක් වැඩියෙන් දෙන්න.ඒ රටවල මිනිසුන්ගේ ඇති සත්ව කරුණාව සතුන්ට ඉවෙන් දැනෙනා නිසයි මිනිසුන් අතර ගැවසෙන්නේ. ඒකට අපේ ලංකාව? කැලේ ඉන්න අසරණ තලගොයි පැටියාවත් මස් කරනවා (නි)
සෑම්, ඔයාට පිස්සුද මන්දා? ඉක්වදෝරය මහා පෝසත් රටක් නේද? අපේ දුප්පත් ලංකාවත් එක්ක සම කරන්න බැහැ. ගෙවල් වලින්ම පෙනෙනවා ධනවත් බව. අනික සුදු මිනිසුන්නෙ ඉන්නේ. අපේ රටේ ඕක වුණා නම් මුහුදු සිංහයා මාළු ලෑල්ලෙන් තමා නවතින්නේ (නි)
වටිනා ප්‍රවෘත්තියක්. ලංකාදීපයට ස්තුතියි. (නි)
මෙහෙත් මාළු ලෑලි අසළ කොකුන් වැනි සතුන් සිටිනවා. සමහර සතුන් ලෑල්ලේ මැස්සන්ට එන්න දෙන්නේත් නැහැ. (නි)
සුබෝධිනිගේ කතාව ඇත්ත. ලංකාවේ ඔහොම වුණා නම් පහුවදාට මාළු ලෑල්ලේ මුහුදු සිංහ මසුත් විකුණන්න තියෙනවා. (නි)
සුභෝධනී වරකපිටිය,නියම කතාව. (නි)
මු නම් මහා කම්මැලි සිංහයෙක්! (නි)
සෑම්, ලංකාවේ මිනිස්සු පිනට කන්නේ නැහැ. වැඩකරලා තමයි කන්නේ (නි)
මේ මුහුදු සිංහයාට ලංකාවේ සම්බන්ධයක් තිබෙන බව පේනවා මහන්සි නොවී පිනට කන්න බලන් ඉඳීම. (ර)
සෑම්, ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයිද? (නි)
මොන දේ වුණත් සුන්දර දසුනක්. අර කියන්නා වගේ අපේ රටේ ඔහොම දෙයක් වුණානම් උගේ කටුවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ.පහුගිය දවසක අර කිරි එළදෙනක් අනතුරකින් මියැදිලා උගේ කුණට වුණ හරිය මතකනේ. (නි)
මොන දේ වුණත් සුන්දර දසුනක්. අර කියන්නා වගේ අපේ රටේ ඔහොම දෙයක් වුණානම් උගේ කටුවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. පහුගිය දවසක අර කිරි එළදෙනක් අනතුරකින් මියැදිලා උගේ කුණට වුණ හරිය මතකනේ (නදී)
සුභෝධනීට වැරදිලා ඉක්වදෝර් වල ඉන්නේ සුද්දෝ නෙමෙයි අපේ පාටට සමාන මිනිස්සු මම දන්නා විදිහට. පොහොසත් රටක් නෙමෙයි... ඒ මිනිස්සු හිතන්නේ අද ගැන විතරයි හෙට ගැන නෙමේ. ලංකාවේ අපි ගොඩක් දේවල් හිතනවා අපිට සදාචාරයක් තියනවා. හෙටක් තියනවා. (ර)
ඉන්න කට්ටියයි වටපිටාවයි හරියට හැඳල හන්දිය වගෙයි. (ර)
සුභෝදිනි මහත්මියට, ඉක්වදෝරය කියන්නේ දකුණු ඇමරිකාවේ තියන දුප්පත්ම රටක්. විශේෂයෙන් ඇමරිකන් කොම්පැනි විසින් මේ රට සුරාකාලා තියෙන්නේ. ඉතාමත්ම දුප්පත් රටක්. (නදී)
සෑම්/සුභෝධනී වරකපිටිය: ඔය දෙන්නටම තියෙන්නේ අවමානසිකත්වය සහ සුදු උණ. දෙන්නම මහලොක්කෝ වගේ තමුන්ගේ රටට ගරහනවා. දැන් ඒකත් විලාසිතාවක් වෙලා, ඔය මෝඩයෝ දෙන්න දන්නේ නැති උනාට සුද්දෝ මේ අහිංසක සතුන්ව මරනවා ක්‍රීඩාවක් විදිහට. දැකල නැත්නම් බලන්න අන්තර්ජාලයෙන් (නදී)