පෘථීවියේ චුම්භක ක්ෂේත්රය දුර්වල වෙමින් පවතින්නේයැයිද එනිසා පෘථීවියේ උතුරු හා දකුණු චුම්භක ධ්රැව මාරු වීමේ ප්‍රවණතාවක් ඇතැයිද එම මාරු වීම පෘථීවියේ සියලූ ජීවී කොටස් මත අහිතකර ලෙස බලපානු ඇතැයිද විද්‍යාඥයෝ අනතරු අගවති.
පෘථීවියේ චුම්භක ධ්රැව පිහිටීමට බලපානුයේ පෘථීවි අභ්‍යන්තරයේ සිදුවන විවිධ ක්‍රියාවලින් බලපෑමක් කරයි.
මෙය කෙසේ සිදුවන්නේදැයි සොයාගැනීමට විද්‍යාඥයින්ට මෙතෙක් හැකිවී නොමැත.නමුත් මෙම කි‍්‍රයාවලියේ ප්‍රතිඵලයක් ලෙස පෘථීවියේ උතුරු හා දකුණ ලෙස ධ්රැව පිහිටන චුම්භක ක්ෂේත්රයක් නිර්මානය වී ඇති බවත් එම චුම්භක ක්ෂේත්රය පෘථීවියේ ඕසෝන් ස්ථරයද පසුකරමින් ඉහළ අභ්‍යාවකාශය දක්වාම විහිදෙන බවත් ඔවුන් සොයාගෙන ඇත.
මෙම චුම්භක ක්ෂේත්රයේ ප්‍රබලතාව ගතවුණු වසර 200 ක කාලය පුරාවට ක්‍රමයෙන් පහත වැටෙමින් තිබීම පෘථිවයේ ධ්රැව වෙනසක් සිදුවීමේ පෙරනිමිත්තක් ලෙස විද්‍යාඥයින් හදුන්වාදී ඇත.
පෘථීවිය වටා පිහිට චුම්භක ක්ෂේත්රය සූර්යයාගේ සිට පැමිණෙන විවිධාකාරයේ අංශ+න් හා විකිරණ පෘථීවි වායුගෝලයට ඇතුළුවීමට ඉඩ නොදී හරවා යවයි. එය දුබල වනවා යනු එම විකිරණයන් හා අංශු පෘථීවියට ඇතුල් වීමට දොර විවර කර දීමකියි ඔවුහු කියති.
zzචුම්භක ක්ෂේත්රය දුබල වීම නිසා අනතුරුදායක අවස්ථා 2 ක් ඇතිවෙනවා. එකක් තමයි පෘථීවියේ ධ්රැව මාරු වීම. අනෙක තමයි සූර්යායගේ සිට පැමිණෙන හානිකර විකිරණ හා අංශූ වලට පෘථීවිය නිරාවරණය වීම. මේ දෙකම එකට සිදුවන පෘථීවියට විශාල බලපෑමක් එල්ල වන්න පිළිවන්zz යැයි පවසන්නේ ලිවර්පූල් සරසවියේ මහාචාර්ය රිචඩ් හොල්මිය.
පෘථීවියේ ධ්රැව මාරු වීමේදී කාලගුණ විපර්යාස, සන්නිවේදන ගැටලූ, සතුන්ගේ සංක්‍රමණ ක්‍රියාවලිය අඩපණ වීමෙන් ඇතිවන ගැටලූ ඇති වීමට ඉඩ ඇතැයි විද්‍යාඥයෝ කියති.මේ චුම්භක ස්ථරය දුර්වල වීමෙන් හානිදායක සූර්ය විකිරණ පෘථීවිය මත පතිත වී විකිරණශීලීතාව ඉහළ ගොස් නොයෙකුත් ආකාරයේ පිළිකා තත්ත්වයන් ඇතිවනු ඇතැයි විද්‍යාඥයන් කරන අනතුරු ඇගවීමට අමතරවය.
අතීතයේදීත් මෙවන් ධ්රැව හුවමාරුවක් සිදුවී ඇති බවට සාක්ෂි තිබේ.
‘සාක්කි තිබෙනවා. සාක්කි තිඛෙනවා කියන්නේ මිනිසුන් ධ්රැව හුවමාරුවට සාර්ථකව මුහුණ දීලා කියන එක.අප සිතන විදියට මහා මිනිස් හා සත්ත්ව ජීවිත අහිමිවීමක් සිදුවෙලා නැති බවක් තමයි පෙනෙන්නේ.නමුත් මෙය කිසි ලෙසකින්වත් සුළුකොට තැකිය හැක්කක් නොවේ.අපට කියන්න බැහැ ඇත්තටම ධ්රැව හුවමාරුවක් සිදුවෙයිද කියලා.නමුත් චුම්භක ක්ෂේත්රය නම් දුබල වෙමින් පවතින බව ස්ථීරවම කිව හැකියි.ආරක්ෂා වීමට දැන් සිටම සූදානම් වන්න වේවි‘ යැයි මහාචාර්ය රිචඩ් හොල්මි වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මේ බලවත් කියා ගන්නා රටවල් පරිසරය ගැන ඇස් ඇරගත්තොත් නරකද? මහ පොළව රැකිලා ඔන අපි රැකෙන්න.....මිනිසුනේ ටිකක් හිතන්න (අ)
එක එක්කෙනා මරාගන්නේ නැතිව මේ ගැන සැලකිලිමත් උනොත් නරකද ? (නදී)
චුම්බක මාරු වෙනවා කියන්නේ ලෝකය උඩුපැත්ත යටිපැත්ත මාරු වෙන එකද? (නදී)
නැහැ. මාලිමාවේ උතුරු කටුව දකුණට හැරෙනවා . අපේ සාත්තර කාරයන්ට මරු සිටින දිසාවත් වෙනස් කරන්න වෙයිද දන්නේ නැහැ. (අ)
චින්තක මේ දවස් වල නම් මරු සිටින දිශාව නිලි දිශාව.(නදී)
මහ පොලොව අභ්‍යන්තරයේ බොරතෙල් මිලියන ගනන් එළියට ගන්නකොට ඇතුලේ ඇතිවන අඩුව පිරවීමට නොහැකි නිසා පෘථිවිය හැකිලීම පටන් ගන්නවා.(නදී)
සෑම වසර 23000 කටම වරක් මේ චුම්බක ක්ෂේත්‍ර මාරු වීම සිද්ධ වෙනවා (දිල්)
අනීවාර්යෙන් එහෙම වෙන්න ඕනේ මොකද යත් මිනිසුන් දුර දිග නොබලා පෘථිවි අභ්‍යන්තරයේ තිබෙන චුම්බක සෙස්ට්රය ආවරණය කරන සලක් එක වන හිද්රෝ කාබන් (පෙත්ත්රොලිඔන්) නිදි ඔවු නොවුන්ගේ සුක විහරණයට යොදාගන්න බැවින් නොදුරු අනාගතයේදී චුම්බක ශේෂ්ට්‍රය විතරක් නොව පෘථිවිය තම කක්ෂයෙන් මිදී ඔහේ ඉබාගාතේ පා වෙලා ගොස් ගිනිගෙන විනාස විය හැකිය. (අ)
අනුර, එතකොට මීට වසර දහස් ගණනකට පෙර ධ්රැව මාරුව සිද්ද උනෙත් ඔබ කියන හේතුව නිසාද ? (දී)
මින්ස් චර්යා නිසා තමයි (දී)
මේ ලෝකේ ගිහින් සුර්යාගේ හැපිලා විනාස වෙලා යන්න ඕනේ ........ (දී)
අපේ පෘථීවියේ චුම්භක ක්ෂේත්රය පමණක් නොවේ ඕනෑම ග්‍රහලෝකයක අභ්‍යන්තරව සිදුවන වෙනස් කම් රාශියක් ඇත. ජීවයක් පවතින ග්‍රහලෝකයක යනු අභ්‍යන්තරයේ දහනයක් සිදුවන ග්රහලෝකයකයි හොදම උදාහරණය තම ගිනිකදු පැවතීම. මෙම ක්‍රියාව අනුව තමා සුර්යග්‍රහ මණ්ඩලයේ පිහිටීම සිද්ද වෙන්නේ. අපිට නොපෙන චුම්බක ක්ෂේත්රය තිබෙන නිසා තමයි සද පෘථීවියේ වටේ ගමන් කරන්නේ. පෘථීවියේ චුම්බක ක්ෂේත්රය යම්කිසි දිනයක හීන වීමක් සිදු උවහොත් සද පෘථීවියට ඉතාමත් ලං වෙනු ඇත. එයද එක්තරා අහිතකර බලපෑමක් වේවි. තවද පෘථීවියේ අභ්‍යත්තර දහනයට සිදුවන බලපෑම පෘථීවියේ අභ්‍යන්තර පවතින බොරතෙල් ලබාගැනීම ස්වබාවික ගැස් ලබා ගැනීම මෙවැනි ක්‍රියාවන් මගින් පෘථීවියේ පැවත්මට තිබෙන සාදක මිනිසා විසින් විනාස කිරීම සහ ලෝකය පවතින තත්වය වෙනස් වීමට ඉඩ පවතී.(නදී)
චුම්බක මාරු උනාට කමක් නැහැ බයකුත් නැහැ නමුත් මේ දේශ පාලුවන්ගේ පැති මාරුකිරීම තමයි භයානක. (නදී)
2012 චිත්‍රපටියෙත් ලෝක විනාසය සිද්ධවෙන්නේ ඔය හේතුව නිසාම තමයි.(දිල්)
ඔහොම දෙයක් වෙනවා නම් හොඳයි. මොකද දැනටමත් උතුර දකුණ මාරුවෙලා ඉන්න අපිට ඔය මාරුවෙන් පස්සේ පැති හරියට හිටීවි.(නදී)