ඇමරිකා ජාතික ඇන්ඩෘ අයිවනිකිගේ රැකියාව වන්නේ ඇඳකට වී මාස 3 ක් එකදිගට ගත කිරීමය.ඒ සඳහා ඔහුට ලැබෙන මුදල ඩොලර් දහඅටදහසකි (රුපියල් 23,58000).
මේ අපූරු රැකියාව ඇන්ඩෘට ලබා දී ඇත්තේ ඇමරිකාවේ නාසා ආයතනයයි.දීර්ඝ අභ්‍යාවකාශ ගමන් වලදී එක දිගට එකම ඉරියව්වෙන් රැදී සිටීමට සිදුවනු ඇති අභ්යාවකාශගාමීන්ට මතුවිය හැකි දුෂ්කරතා සොයාබැලීම මෙයින් සිදුකෙරේ.
ඒ අනුව ඇන්ඩෘට එක දිගට මාස 3 ක් ඇඳෙහිම වැතිර සිටීමට නියම වී ඇත.වැසිකිළියට යෑමට පවා නැගිටීම ඔහුට තහනම්ය.
මුල් කාලයේදී අපහසු වුවත් දැන් තමන් ඊට ක්‍රමයෙන් හුරුවී ඇති බව ඇන්ඩෘ කියයි.
ගතවූ අවුරුදු කිහිපයේදී පුද්ගලයින් 54 දෙනෙකු යොදාගෙන නාසා ආයතනය මෙම පරීක්ෂණය ක්‍රියාවට නංවා තිබෙන අතර ඇන්ඩෘ අන්තිමයා බව සදහන්ය.
මුලින්ම දින කිහිපයක පෙර පුහුණුවක් තමන්ට ලබාදුන් නාසා විද්‍යාඥයෝ එහිදී ආහාර ගැනීම,වැසිකිළි යෑම ආදිය ඇඳෙහි වැතිර සිටියදීම කළ හැකි ආකාරය පැහැදිලි කර දුන් බව ඔහු පවසයි.
ඒ අතුරින් අපසුම කාරිය නිදාගෙන ශරීර කෘත්‍යයේ යෙදීම බව ඔහු කියන්නේ සිනාමුසුවය.
ඔහුගේ ඇද අංශක 6 ක් පහතට ඇලයක් සහිතව තිබෙන්නක් වන අතර එනිසා ඇන්ඩෘ නොයෙක්වර පහතට රූරා ගොස් හිස ඇඳ විට්ටමේ වද්දවාද ගනී.
මේ සියල්ල නාසා ආයතනයේ විද්‍යාඥයින්ගේ අරමුණු පරිදි ඇතිකළ ඒවාය.
මේ සියලූ දුෂ්කරතා ඇන්ඩෘ දරා සිටින්නේ ඔහු අතට ලැබීමට නියමිත මුදල නිසාය.රැකියාවෙන්ද පහ කර ඇති ඔහුට දැන් ඇත්තේ එම මුදලේ බලාපොරොත්තුව පමණි.
එය දිනා ගැනීමට තවත් සති 7 ක් ඇඳට වී සිටීමට ඔහුට සිදුවනු ඇත.ඔහු දැනට ගත කර ඇත්තේ සති 3 ක් පමණ කාලයකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් ආසයි ඒ වගේ ජොබ් එකකට. (ස)
ඉන්ටෙර්නෙට් තියෙනවනම් මමත් ඉන්නවා අවුරුද්දක් හරි.(හේ)
කෝටියක් දුන්නත් මෙවැනි රස්සාවල් නම් ඕනෑම නැහැ. මේ පරීක්ෂණයෙන් යම් ප්‍රතිඵලයක් එයාලට ලැබෙන්න පුළුවන්. එත් මීට වඩා ලොකු ගානක් හොයා ගන්න තිබුන එයට හිග කෑවනම්. (ස)
හේමන්ත ඔයා රස්සාවට කරන්නේ හිගා කන එකද ? (බ)
මේකත් එක අතකට නරකම නැහැ වගෙයි (නි)
අනේ මටත් එපා මෙහෙම නම් රැකියාවක්.... (නි)
මාස තුන ඉවරවෙද්දි ලෙඩ කීයක් හැදිල තියෙයිද දන්නෑ.(දිල්)
මාස තුන අවසන්වෙද්දි ඔය සල්ලි මිටිය මදිවෙයි බේත් වලට (නි)
ඕක නම් මට සිම්පල්. මම කොහොමත් වැඩි හරියක් ඉන්නේ ඇදේ. ටැබ් එකයි නෙට් එකයි තිබ්බා නම් ඇති. (නදී)
කවුරු හරි කියලා තිබ්බා හිගා කෑවානම් හොදයි කියලා. ඒ කාලකන්නි රස්සාවට වැඩියේ මේක හොදයි. ලෝකෙටම උදව්වක් කරන්නේ. බොරු කියලා හිගා කනවට වඩා. මන් හිතන්නේ ඒ කියපු එක්කෙනා ගේ පර්ට් ටයිම් ජොබ් එක හිගා කන එක වෙන්නති. (නදී)
ඔහොම හිටියට පස්සේ එන ලෙඩ වලට බෙහෙත් කරන්නම ඔය ගණන යයි. කොන්දේ අමාරුව, කකුල් බිම තියන්න බැරිකම... මේ පොඩි රෝග ලක්ෂණ ටිකක් විතරයි (නි)
පිස්සු හැදෙයිද මන්දා! හොඳ උත්සාහයක්. (නි)
මෙම මුදල මදි මේ වැඩේට. (නි)
රටේ හැටියට මුදල නම් මදි (නි)