ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ රස කැවිලි සමාගමක් විශේෂඥයන් ලවා සැබෑ මව් කිරිවල රසය නිර්මාණය කොට පියයුරු ‘කිරි ලොලිපොප්‘ තැනීමට සමත්වී ඇත.
මෙය නිර්මාංස ආහාරයක් යැයි කියති.
අලුත් මව්වරුන් හතර දෙනකුගේ කිරි නියැදි පිරික්සා බලා හොඳම රසැති මව්කිරි නියැදිය යොදාගෙන ලොලිපොප් නිර්මාණය කළ බව රස කැවිලි සමාගමේ නිර්මාතෘ ජේසන් ජාර්ලිං පවසා ඇත.
මව් කිරි රසැති ලොලිපොප් හතරක් ඇමෙරිකා ඩොලර් 10 කට (රුපියල් 1280) අලෙවි කෙරෙන බව ඔස්ටින් රස කැවිලි සමාගමේ වෙබ් අඩවිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා. නියමයිනේ. අඬන බබාලා නලවගන්න හොදම විදිය.(ස)
බබා නලවන්න හොඳයි.මව් කිරි ලොලිපොප් නියමයි. (ස)
අනේ හරිම ශෝක්. ඒක විතරයි වෙළද නාමයක් නොවී තිබුණේ. දැන් ඒකටත් වැඩේ හරි. කොහොමත් දැන් කාලේ අම්මලා දරුවන්ට කිරිදෙන්න ඒ හැටි කැමැත්තක් නැහැනේ. එයාලට නම් සතුටු ඇති (නි)
මේ නවත්වන්න. මේවා රසකෙවිලි හදන්න ගන්න ඒවා නෙවෙයි. අහිංසක දරුවන්ට දෙන්න තියන දේවල්.(නදී)
පොඩි ළමයිනේ තවමත්. (නදී)
මවු කිරිවලට කරන අගෞරවයක් නොවේද මෙය? (නි)
ඔය මොන රසට මොනවා හැදුවත් ඔක්කොම වස විස තමා (නි)
එතකොට මේවා හදන්නේ මොන හැඩේට ද ? (නි)
විදෙස් රටවල බොහෝ දරුවන් මවුකිරි වල රස දන්නේවත් නැහැ. ඒ දරුවන්ටත් මේක හොදයි (නි)