සිංගප්පූරුවේ නිර්මාතෘ මෙන්ම එහි ප්‍රථම අගමැතිවරයා ද වන 91 හැවිරිදි ලී ක්වාන් යූ අසාධ්‍යව එරට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.ඔහු මියගියේ යැයි බදාදා (18) රාති‍්‍රයේ අසත්‍ය පුවත් පැතිර වූවන් සොයා ඔවුන්ට දඬුවම් දෙන බව සිංගප්පූරු අගමැතිගේ වැඩිමහල් පුතු වන ලී සියාන් යූන් මාධ්‍ය හමුවේ අද අවධාරණය කළේය.
ඉකුත් පෙබරවාරි 5 වැනිදා නිව්මෝනියොව හැදී ලී ක්වාන් යූ එරට ජාතික රෝහලට ඇතුළත් කැරිණි. පෙරේදා උදෑසන වාර්තා වූයේ ඔහුගේ තත්ත්වය බරපතළ නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත්ය. ඔහු මියගියේ යැයි පැවැසුණේ පෙරේදා සවසය. ඒ, සිංගප්පූරු වෙබ් අඩවියකිනි. එම වෙබ් අඩවිය උපුටා දක්වමින්, ඇතැම් විදෙස් පුවත් සේවා ද ලී ක්වාන් යූ මියගිය බව වාර්තා කළේය.
සිංගප්පූරුව යනු නගර රාජ්‍යයකි. මලයාසියාවේ වෙන් වීමෙන් පසු, එය ආර්ථික ලෙස ශක්තිමත් කරමින් සමෘද්ධිමත් නීතිගරුක රටක් බවට පත් කිරීමෙහිලා පුරෝගාමියා වූයේ ලී ක්වාන් යූ ය.
ලී ක්වාන් යූ 1959 දී එරට ප්‍රථම අගමැතිවරයා ලෙස තේරී පත්වූ අතර 1990 තෙක්ම සිංගප්පූරුවේ අගමැති විය. ලොව වැඩිම කලක් අගමැතිධුරය හෙබ වූ පුද්ගලයා ද ඔහුය.
කිසිදු ස්වභාවික සම්පතක් නොමැති රාජ්‍යයක් ලෙස සැලකෙන සිංගප්පුරුව
සංවර්ධිත නගර රාජ්‍යයක් බවටත් ගෝලීය ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් සහ වරාය නගරයක් බවටත් පත් කරනු ලැබුවේ ලී ක්වාන් යූ විසිනි.
ඔහු සිංගප්පූරුවේ පී.ඒ.පී පක්ෂයේ නිර්මාතෘ හා පළමු මහ ලේකම්වරයාද වෙයි. ලී ක්වාන් යූ ආසියාවේ වඩාත් බලවත්ම දේශපාලකයන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නකු ලෙස ද හඳුන්වයි. 1923 සැප්තැම්බර් 16 වැනිදා උපත ලැබූ ලී ක්වාන් යූ ලන්ඩන් ආර්ථික විශ්වවිද්‍යාලයෙන් හා කේම්බි්රජ් සරසවියෙන් අධ්‍යාපනය ලබා ඇති අතර චීන, ජපන් ඇතුළු භාෂා කිහිපයක් හැසිරවීමේ සුවිශේෂී හැකියාවක් ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමය මරා දැමිය නොහැක අැති තෙක් සිංහපුරය (නදී)
චිනෙකුට චීන කතා කරන්න පුළුවන් එක විශේෂ හැකියාවක් කියල දැනගත්තේ අද . (නදී)
මැලේ සහ ද්‍රවිඩ ජාතිකයන් ඉවසගෙන හිටියේ ලි ගේ මරණය වෙනකල් . (නදී)
ඊයේ රූපවාහිනී නාලිකාවකත් මේ පුවත පළවුණා ඒ මහතා මියගිය විදියට. (නි)
කල්ප, නොදන්නා දේවල් ගැන කතා නොකර ඉන්න. මමත් අවරුදු 15 ඉන්නේ සිංගප්පුරුවේ. මෙහෙ ඔයා කියන විදියට මැලේ, දෙමල අය ලී ක්වාන් යු මැරෙනකන් බලාගෙන ඉන්නේ නැහැ. 90% ලී කුවෑන් යු ට ගරු කරනවා. (නදී)
චන්දිම 15 නෙමේ 100 හිටියත් ඔයා දන්නේ නැති දේ තියෙනවා. මාත් ඔය ගෘප් එකේ වැඩ කරන්නේ. (නදී)
කල්ප මල්ලි, ඔයා බාගයක් හරි. දැනට අවුරුදු 30 කට විතර උඩදී සිංගප්පුරුවේ ඉන්න දෙමල අය ඒ අයව 'සිංගප්පුරු දෙමල ' ලෙස හඳුන්වන්න කියලා ඉල්ලීමක් කළා. ලී ක්වාන් යු තදින්ම කියා සිටියා මේ රටේ ඉන්න ඕනෑම කෙනෙක් ' සිංගප්පුරු ' ජාතිකයෙක් මිසක් වෙන ජාති නැති බව. ඒ වගේම තර්ජනය කළා මේ ප්රශ්නය ඉදිරියට ගෙනිච්චොත් ඒ අයව ජිවිතාන්තයටම කුඩුවේ දමනවා කියලා. කොහොමත් ලි ක්වාන් යු කියන්නේ ඒකාධිපතියෙක්. කොටින්ම විපක්ෂ නායකයාව කුඩුවේ දැම්මා. මොනවා වුනත්, අපේ කොළඹ විතර ඇති ඒ චුටි දුපත සුරපුරයක් වැනි රටක් කලේ ලි ක්වාන් යු යි. (නදී)
එදා සිංගප්පූරුව ලංකාවක් කරනවා කිවුවේ මෙතුමා නේද? එදා ලංකාවේ තිබුන හොඳ ක්‍රමය පාඩමකට ගෙන සිංගප්පුරුව දියුණුකළා. ලංකාවේ මිනිසුන් එදා තිබුණු අපේ රට විනාශකරලා අද ගොඩක් පහළට පත්කරලා. රටකට බුද්ධිමත් නායකයෝ ඉන්න ඕනෑ කියන්නේ මේ නිසයි. (නි)
කොහොමත් වැඩක් ඇති නායකයෝ මැරෙන්න කලින් මරා දමන්න ගොඩක් අය කැමැතියි (දිල්)
මේ වගේ මිනිසුන් අමරණීයයි. (නදී)