මෝරෙකුට හාදු දීමට ගිය කිමිදුම් උපදේශක ඩේව් මයිකල්හට පෙරළා
හාදුවක් නොව මැහුම් 285 ක් යෙදීමට සිදුවූ තුවාලයකි.
ඩේව් මයිකල් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ එල්බෝ කොරල් පරය නැරඹිමට එන සංචාරකයන්ට කිමිදුම් උපදේශකවරයෙකු ලෙස සේවය සපයන්නෙකි.මෙම කොරල් පරය අසල මෝරුන්ද ගැවසෙන අතර මෙම සතුන් මිනී මෝරුන්ගේ ගණයට අයත් නොවන ස්වභාවයෙන් අහිංසක මෝර විශේෂයක් බව සදහන්ය.
ඩේව්ද මේ බව දැන මෝරුන්ට හාදු දෙන්නට පටන්ගෙන තිබෙන්නේ බොහෝ කලකට පෙර සිටය. ඔහුගේ අරමුණ වී ඇත්තේ සංචාරකයන්ට මෝරා ගැනීම යුතුකමක් බව පෙන්වා දීමයි.
මෙම සතුන් කිසිසේත්ම මිනිසුන්ට පහර එල්ල නොකරන බවත් තමන් මෙවර හාද්ද දෙන්ට ගිය ක්රමයේ ‘‘වැරුද්දක්‘‘ නිසා මෙසේ තුවාල සිදුවන්නට ඇති බවත් ඬේව් පවසයි.
ඩෙව්ගේ දෙතොලේ වූ තුවාල වලට මැහුම් 285 ක් දැමිමට වෛද්‍යවරුන්ට සිදුවිය.ඬේව් දැන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටී.
තියුණු දත් 500 කින් සමන්විත මුඛයක් ඇති මෝරා මිනිසෙකුගේ මෙන් දෙතුන් ගුණයක කායශක්තියක් ඇති බවත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
උපදේශකයෙක් වුණාට කරලා තියෙන්නේ මෝඩ වැඩක් (නි)
ඔන්න ඇමරිකන් වැඩ.(නදී)
ඇමරිකන් හරක්.(නදී)
බැරි වැඩ නොකරන් අබරෝ කිව්වලු (නි)
හරිම නරක මෝරියක් වෙන්න ඕනේ.. (දී)
හොද වෙලාවට පිටි පස්සේ පැන්නුවේ නැත්තේ.(නදී)
අනේ අපොයි
මොරත් එක්ක සෙල්ලම් එපා රජෝ.... (දී)
අනේ මන්දා මෙහෙමත් මිනිස්සු (නි)
මෙයාගෙ කට දැක්කම මෝරාට හිතෙන්න ඇති ජම්බු ගෙඩියක් කියලා. (ත)