ඇමරිකා ජාතික ඩැරිල් සී ලොව වාසනාවන්තම පුද්ගලයායැයි කීමේ වරදක් නැත.ඒ පැයට සැතපුම් 110 ක වේගයෙන් ගමන් කළ දුම්රියක හැපී වුවද ජීවත් වීමේ වරම ඔහු හිමිකරගෙන ඇති බැවිනි.
චිකාගෝ නුවර දුම්රිය මාර්ගයක ඇවිදිමින් සිට ඇති ඩැරිල් දුම්රියේ ගැටී ඇත්තේ ඔහුගේම නොසැළකිලිමත් බව නිසාය. ඉස් බනුවක් පැළැද ගීත අසමින් ගිය ඔහුට පසුපසින් පැමිණෙමින් තිබූ දුම්රියේ ශබ්දය ඇසී නොමැත.දුම්රියේ කොන්දොස්තරවරයා සදහන් කරන ආකාරයට දුම්රියේ නළාව කිහිපවරක් නාද කළත් අයින් වී ඇත්තේ ඩැරිල් නම් නොවේ.වංගුවක් හෙයින් වේගයද එක්වර අඩු කිරීමට නොහැකි වූ තැන දුම්රිය මාර්ගයේ සිටි පුද්ගලයා දුම්රියේ ගැටෙනවා බලා සිටිනවා හැර වෙන කළ හැක්කක් නොතිබූ බව කොන්දොස්තරවරයා පොලිසිය හමුවේ කියා ඇත.
දුම්රියේ ගැටී අඩි 20 ක් පමණ දුරකට විසිව ඇති ඩැරිල් පතිත වී ඇත්තේ විරුද්ධ පැත්තේ රේල් පාර මතය.වහ වහා රෝහල් ගතකෙරුණු ඩැරිල්ව
සැත්කම් කිහිපයකටම භාජනය කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇත.දැන් ඩැරිල් සිටිනුයේ සුවය ලබමින්ය.
වේගයෙන් ගමන් කළ දුම්රියක ගැටී දිවිබේරාගත් පුද්ගලයෙකු ගැන තමන් මේ අසන ප්‍රථම වතාව බව පොලිසිය කියයි.තවද දුම්රිය මාර්ගයන්හි ඇවිදීමට යාමේදී හොද අවධානයෙන් සිටිය යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.ඒ සියලූ දෙනා ඩැරිල් සී තරම් වාසනාවන්තයන් නොවන බැවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ට ඔය අනතුර වළක්වන්න බැරිවුනේ මොකද කියන්නකෝ (නි)
කට්ටිය පටලවා ගෙන මේක දෙවියන්ගේ කැමැත්තට {කර්මයේ ලියපු හැටියට} කියලා අපි කියන්නේ. හැබැයි සමහර දේවල් දාන මාන වලින් ප්‍රර්ථනාවෙන් වෙනස් කල හැකිය කියා පවසා තිබේ.එත් ඒවාට ක්‍රම සහ විධි තිබේ. (ස)
අනේ නසාර්,සුජිත්, වාසනාවට වෙන හැමදේම දෙවියන් නිසා කිව්වම හරිද? දෙවියන්ගේ කැමත්තටද රටේ මෙච්චර අපරාධ වෙන්නේ? ලිඳ ඇතුලේ ඉන්න මැඩියෝ වගේ වෙන්නෙපා..(ස)
වැඩේ කියන්නේ කොන්දොස්තර කෝච්චිය එලවපු එකනේ. (ස)
අසේල, එතකොට ඔය ෆොටෝ එකේ තියෙන්නේ ලංකාවේ දුම්රිය පාරක්ද? ඒකනිසා වෙන්න ඇති දෙපැත්තේ වැටවල නැත්තේ. (අ)
මේක දෙවියන්ගේ කැමැත්ත නෙමෙයි. මම අහල තියෙන්නේ පෙර කරන ලද කුසලාකුසල කර්මය අනුව මිනිසෙකුගේ ආයු කාලය තීරණය වෙනවා කියලා. ඔහු ගෙනා ආයුෂ විඳලා තමයි ඔහුට මීළඟ බාවයට යන්න වෙන්නේ. (w)
සමහරු හිතන්නේ අපි හැමදේම දන්නවා කියල, සහ ඒ අය අනිත් අයගේ විශ්වාස වලට ගරහනවා. මනුස්සයක් මෙහෙම අනතුරකට පත්වෙලා පණපිටින් ඉන්න ගොඩක් දේවල් එක පිළිවෙලට වෙන්න ඕනේ. එහෙම වෙන්නේ ආවට ගියාට හේතුවක් නැතුව වෙන්න බෑ. පොඩ්ඩක් හිතන්න. (අ)
නසාර්, බැරිද ඒ අනුව සිරියාවේ සහ ඊජ්ප්තුවේ යුද්ධයෙන් නැතිවෙන ජිවිතත් බේරගන්න. (අ)
ඒ කියන්නේ දොස්තරලා ලෙඩා බේරුවේ දෙවියෝ කැමති නිසාද? (නි)
දෙවියන් විසින් ඔහුව බේරා ඇත, සත්‍යය වශයෙන් පුදුම සිද්ධියක්. ජීවිතය ජය ගැනීමට ඔහුට වාසනාවක් ඇත. ඔහුට නිරෝගී සුවය! (නි)
නසාර්ගේ දෙවියන්ගේ කැමැත්ත මාරයිනේ. (නි)
පුදුමය කියන්නේ මේ රටවල දුම්රිය මාර්ග වලට කිසි කෙනෙකුට ඇතුළු වෙන්න බැරි වෙන්න කම්බි වැටවල් ගහල නේ තියෙන්නේ. රේල් ගේට්ටුවක් දකින්නේ කලාතුරකින්. චිකාගෝ නුවර වගේ තැන් වල ගේට්ටු ළඟ ළඟ තියෙනවා එහෙත් පිස්සෙක් ඇරෙන්න කව්රුත් රේල් පාරේ ඇවිදින්නේ නැහැ (නි)
ලංකාවෙත් දියතලාවේ හරි ඒ පැත්තෙත් මතකද දමිල කාන්තාවක් දුම්රියේ හැපිලා බේරුන හැටි. ඒ පොලීසියට අර වීඩියෝ එක අරින්න. (නි)
පැයට කිලෝ මීටර් 160 කටත් වැඩි වේගෙන් කෝච්චියකට හැප්පිලත් විසිවෙලා තියෙන්නේ අඩි 20 යි කියන්නේ මෙයත් කෝච්චියක් ද දන්නේ නැහැ (නි)
අධික වේගය නිසා සුලන් පහර හා දුම්රිය අතර ගණ වායු තරලයක් ඇතිවෙනවා. ඒ නිසා ගැටීම වැළකී විසිවෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
මේ වගේ අය හැමතැනම ඉන්නවා (නි)
දෙවියන්ගේ කැමැත්ත (නි)