ප්‍රථම වතාවට වල්ගාතරුවකට ගොඩබැස්සවීමට යවන ලද රොසෙටා අභ්‍යාවකාශ යානය 67පී වල්ගාතරුවට කිලෝ මීටර 50ක් පමණ සමීව අපූරු ඡායාරූප පෘථිවියට එවා ඇත.
යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය විසින් රොසෙටා අභ්‍යාවකාශ යානය අභ්‍යාවකාශගත කරන ලද්දේ එළඹෙන නොවැම්බර් මාසයේ දී එය වල්ගාතරුව මත ගොඩබැස්සවීමේ අපේක්ෂාවෙනි. මේ වනවිට වල්ගාතරුවට ඉතා සමීපව එහි මතුපිට ඡායාරූප පෘථිවියට එවමින් තිබේ.
යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියේ අධ්යක්ෂ ඇන්ඩෘ ඇකොමාසෝ කියා සිටියේ මේ ඡායාරූප අධ්‍යයනය කරමින් යානය ගොඩබැස්සවීමට වඩාත් සුදුසු ස්ථානයක් සොයමින් සිටින බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා ඇත.
‘‘ වල්ගාතරුවකට පෘථිවි යානයක් පතිතකිරීමට උත්සාහ ගන්නේ ප්‍රථම වතාවටයි. තව දින හතක් යනවිට මේ යානය වල්ගාතරුවේ න්‍යෂ්ඨියට කිලෝ මීටර 19ක් දක්වා සමීප වනවා. යානය වල්ගාතරුව වටා කක්ෂගත වී ගොඩබැසීමට නිෂ්චිත ස්ථානයක් සොයා ගන්නවා.“
රොසෙටා අභ්‍යාවකාශ යානය වල්ගාතරුව සහ ගැඹුරු අභ්‍යාවකාශ ප්‍රදේශය පෙනෙන මනස්කාන්ත ඡායාරූප එවා ඇත. රොසෙටාහි ගොඩබැසුම් යානයවන පිලේහි පිහිටි සිවා නමැති කැමරාව මේ ඡායාරූප ලබාගෙන ඇත. අගෝස්තු 31 දා ගත් ඒ ඡායාරූපයෙන් ධූම කේතුවේ න්‍යෂ්ඨිය හොඳින් පෙනෙයි. එහි අභ්‍යාවකාශ යානයේ කෙලෙවර ද පෙනෙන අතර සූර්ය කෝෂ සහිත මීටර 14ක් දිගැති සූර්ය තටුව සූර්යාලෝකයෙන් බබලන ආකාරය ද අභ්‍යාවකාශයේ අඳුර සමග විසිතුරුව දක්නට ලැබේ.
67 පී වල්ගාතරුවේ න්‍යෂ්ඨියේ යානය ගොඩබැස්සවිය හැකියැයි විශ්වාස කරන ස්ථාන පහක් පසුගිය මාසයේ තෝරාගෙන තිබිණි. සමතල හා මටසිලුටු ස්ථාන එලෙස තෝරාගෙන ඇත. එසේ වුව ද යානය වල්ගාතරුවට වඩාත් ආසන්න වීමේ දී පෙනීගොස් ඇත්තේ එලෙස තෝරාගත් තැන් ගල් සහ කඩතොළු සහිත පෘෂ්ඨයන් බවයි. ඒ ස්ථානවලට යානය ගොඩබැස්සවීම අහිතකරය.
නොවැම්බරයේ මේ යානය ගොඩබැස්සවීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට රොසෙටා ව්‍යාපෘතිය සිදුකරන යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය දැන් ලහි ලහියේ නව ඡායරූප අධ්‍යයනය කරමින් සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල දත් බන්දුල, දාන්නකෝ බලන්න හරි අදහස අපිටත් දැනගන්න. (නි)
රජින්ද්‍ර ඔබේ අදහස ඇත්ත. විශ්වයේ පාෂාණ සහ කොටස් විසිරි පවතිනවා. එ්ත් ඉමක් කොනක් නැති හිස් අවකාශයක පාෂාණ වගේ ඝන මුලද්‍රව්‍යක් ඇති වෙලා තියෙනවා. පස් හැදෙන්නේ පාෂාණ අංශු බවට පත් වෙලා. එතකොට පාෂාණ හැදෙන්නේ 'මැග්මා' නිසයි. එ්කනේ පොලොව ඇතුලේ තියෙන 'මැග්මා' එහෙමත් නැත්නම් ලෝදිය සක්‍රියව පවතින නිසා පෘතුවියේ ජිවය රැදිලා තියෙන්නේ. විශ්වයේ සෑම දෙයක්ම බිහිවී තියෙන්නේ පරමාණුක අංශු මගින්. අපි හැමෝම විශ්වයේ කොටස් කරුවෝ. ඒක නිසා වෙන්න ඇති අපි මේ මාංශ ශරීරයෙන් ආත්මය වෙන්වෙලා ජිවය නැතුව ගියහම ශරීරයත් පස් වෙන්නේ. මේක ආකර්ශනීය තෝතැන්නක් . මේ පොළොවෙන් ජිවය නැතිවෙලා ගියාට පස්සේ අපේ ගමනේ අවසාන්තයට ළඟා වෙන්න උපකාරී වෙන්න තවත් සක් වලක ග්‍රහලෝක ඇති කියලත් මන් විස්වාස කරනවා. (නදී)
බන්දුගේ බුදු දහම පිළිබද දැනීම නම් අන්තිමයි .පොඩි කාලේ දහම් පාසැලකටවත් අරින්න අම්මලා උනන්දු වෙලා නෑ වගේ (නදී)
බන්දුලගේ ඔලුවට පොඩි කාලේ වැලා ගෙඩියක් වැටිලා තියනවා (නදී)
රජින්ද්‍ර, භාවනා වඩා මනස දියුණු කර ගැනීමෙන් මේ පැනයන්ට පිළිතුරු මතු දිනෙක ඔබටම සොයා ගතහැක. බුදුදහමට අනුව අපටම අප විසින්ම ලෝක සත්‍ය දැකිය හැක. ඒ නිසා බෞද්ධ දර්ශනය සැමට විවෘතය. (නදී)
රජින්ද බුදු කෙනෙකුට පමණක් තේරුම් ගත හැකි අපගේ සාමාන්‍ය මනසට තේරුම් ගත නොහැකි කරුණු 5 ක් පිලිබදව බුදුදහමේ සදහන් වෙනවා. අපගේ ආත්මයේ ආරම්භය, විශ්වයේ කෙලවර, බුදුන් වහන්සේ කෙනෙකුගේ පිරිනිවනින් පසු සිදුවන දේ. සහ තවත් කරුණු 2 ක් ඊට ඇතුලත් වෙනවා. දන්නා අයෙකු එය සම්පුර්ණ කරාවි. මේ කරුණු අපගේ මනසට වටහා ගැනීමට නොහැකි තරම් පැටලිලි සහගතයි. සමත භාවනා වඩා, විදර්ශනාව වඩා මනස දියුණු කරගෙන එහි උත්තරීතරත්වයට මනස දියුණු කල විට මේ ගැඹුරු කරුණු අවබෝද කර ගැනීමේ හැකියාව ඇති මනසක් අප තුල සකස් වෙනවා. (නදී)
බන්දුල පෙරේරා ගැන කණගාටුයි (නදී)
කව්රුවත් මා එක්ක අමනාප වෙන්නෙපා.... මම අහන්නේ බුද්ධ දේශනාවේ උනත් එන පඨවි, අාපෝ , තේජෝ, වායෝ කියන මහ බුතයන්ගෙන් මුළු විශ්වය පුරාම පස් සහ පාෂාණ මුලික කරගෙන අනෙක් සෑම වස්තුවක්ම බිහිවූ ආකාරය ගැනයි. ඒවායේ නිර්මාණය සිදුවූ ආකාරයයි. ගයන්ත මහත්තයාගේ අදහස අගය කළ යුතුයි. (අ)
අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළ දෑ ගයන්ත මනාව ලියා ඇත. බුද්ධ වචනයට අවමන් කරන බන්දුල පෙරේරා වැනි පාපතර මිනිසුන්ගේ ප්‍රකාශ තරයේ හෙළා දකිමු. (නි)
මනස්කාන්ත ඡායාරූප දෙකද? (ස)
ඔබට ඉහළින් පෙනෙන නිල අහස බලන්න. එය තමයි විශ්වය.එහි කෙළවරක් නැත. හිතන්න අමාරුයි. (නි)
ගයන්ත,නිකම් බොරු අදහස් දමන්නේ නැතිව ඉන්න. (නද)
රජින්ද්‍ර මහත්තයෝ, ඕක ඔය තරම් පුදුම වෙන්න දෙයක් නැහැ. මුළු මහත් විශ්වයම නිර්මාණය වෙලා තිබෙන්නේ පඨවි, අාපෝ , තේජෝ, වායෝ කියන මහ බුතයන්ගෙන් කියලයි අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලේ. ඔබ අභිධර්මය ගැන තිබෙන පොත් පත් කියවා බලන්න. රේරුකානේ චන්ද විමල හිමියන් රචිත පොත් වගයක් තිබෙනවා එ්ක පරිශීලනය කර බලන්න. ඔබේ ප්‍රශ්නයට විසදුම ලැබේවි. (නදී)
යමක් හට ගත්තන ම් එහි විනාශය නැතහොත් නැතිවීම උරුම දෙයක් බවත් එය නියත බව ගෞතම බුද්ධ දේශනාව වේ. ඒ වගේම මේ ඉමක් කොනක් නැති විශ්වයේ අාරම්භයත්, ඒ වගේම සත්වයාගේ පටන් ගැන්ම නැතහොත් මූලය සෙවීම කල නොහැකි බවත් , ඒ තරමටම එය පැටලිලි සහිත බවත් එය සෙවීමට උත්සහ ගත්තත් එහි කෙළෙවරක් දකින්නට නොලැබෙන බවත් යන ඒ බුද්ධ දේශනාව ඒකාන්තයෙන්ම සත්‍ය බව මේ දසුන් අපට කියාදෙන පරම ධර්මතාවය බවත් ඉතා පැහැදිලිය. මේ විශ්වය නිර්මාණය වී තිබෙන්නේ පඨවි, අපෝ, තේජෝ, වායෝ යන මහා භූත සතර විසින් වීම (පස් හා පාෂාණ) මනාව පැහැදිලි වෙන බව පෙනේ. පිපිරීම් එකක් නොව අනන්ත සංකයාවකි.එය බෙදෙමින් යලි එකතුවෙමින් යන අනවරත ක්‍රියාවලියකි. මේ වල්ග තරුවද බබළන්නේ අපගේ සූර්යාගේ ආලෝකයෙන් බව මේ ඉහත තොරතුරු කියවන විට තේරුම් ගිය කරුණ වේ. එය සඳ මෙන් සිකුරු මෙන් තමා විසින්ම දීප්තිය උපදවා ගැනීමට නොහැකි වස්තුවක්ද? (නදී)
රජින්ද්‍ර,තව අධ්‍යයනය කළොත් දැනගන්න පුළුවන්. (නි)
පස් හා පාෂාණ ගෙනාවේ කොහෙන්ද කියලා අහන්න ඕනේ ලෝකය සහ විශ්වය මවපු සර්වාබලදාරි දෙවියන් වහන්සේගෙන්. (අ)
මට තවමත් හිතාගන්න බැරිම මේ විශ්වයේ පවතින සියලුම තාරකා, ග්රාහක, ග්රහලෝකයන්, චන්ද්‍රයන් මේ හැමදේම නිර්මාණයන් වී ඇත්තේ පස් හා පාෂාණ වලින් වීමයි... විශ්වයේ පවතින මේ වස්තුන්ගේ නිර්මාපකයා පස් සහ පාෂාණ වීමට ඒවා කොහේ සිට අවේද? මහා පිපුරුමෙන් හටගත්තේද? (ස)