දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් කළ එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා අද සිය 95 වැනි උපන් දිනය සමරයි.
පිළිකා ආසාදනයකට ලක් වී අසාධ්‍ය තත්ත්වයක පසුවන මැන්ඩෙලා මේ වනවිට සිටින්නේ දකුණු අපි‍්‍රකාවේ රෝහලක ප්‍රතිකාර ලබමිනි.
ඔහුගේ තත්ත්වය අසධ්‍ය නමුත් වෛද්‍යවරු ලබා දෙන ප්‍රතිකාරවලට ඔහු යහපත් ප්‍රතිචාර දක්වන බව මැන්ඩෙලාගේ පවුලේ අය පවසා ඇත. මැන්ඩෙලාට ඇප උපස්ථාන කරමින් ඔහු ළඟ සිටින්නේ ඔහුගේ හිටපු බිරිය සහ වත්මන් බිරියයි.
දකුණු අපි‍්‍රකාවේ ‘ජාතියේ පියා’ සහ ‘අහිංසාවාදයේ පියා’ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මැන්ඩෙලා, පෙනහළු ආසාදනයකට ලක් වීමෙන් රෝහල් ගත කළේ මීට මාසයකට පමණ පෙරය.
සිහිසුන් තත්ත්වයකට ද පත්ව සිටින මැන්ඩෙලා දිවි සුරැකීමේ යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති බව ද වාර්තා වේ.
සුදු ජාතික සුළුතරය විසින් දකුණු අප්‍රිකාව පාලනය කළ සමයේ ඊට එරෙහිව කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මැන්ඩෙලා නිහඬ නමුත් එඩිතර දේශපාලන කි‍්‍රයාකාරියෙක් වූයේය.
කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට ඔහු 27 වසරක් දකුණු අපි‍්‍රකාවේ රොබන් දුපතේ සිරගත කෙරුණි. මැන්ඩෙලා පෙනහළු ආශි‍්‍රත රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ එසේ සිරගතව සිටිද්දී ගල්වලක සේවයට යෙදවීමෙනි.
මැන්ඩෙලා උපත ලැබුවේ 1918 වසරේ ජූලි 18 වැනිදාය. හිරෙන් නිදහස් වීමෙන් පසු, අපි‍්‍රකානු ජාතික කොංග්රස් පක්ෂයට නායකත්වය දෙමින් ඔහු දකුණු අපි‍්‍රකාවේ ජනපති ධුරයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය. ඒ, 1994 වසරේදීය.
1999 වසර තෙක් දකුණු අපි‍්‍රකාවට නායකත්වය දුන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා ද වෙයි.
ජනපති ධුරයට පත්වීමෙන් පසු මැන්ඩෙලා කිසිම අවස්ථාවක ඔහුට එරෙහි වූ හෝ ඔහු හිරේ දැමූ හෝ සුදු ජාතිකයන්ගෙන් පළි නොගත්තේය.
ජනපති මැන්ඩෙලා, 2005 වසරේ රග්බි ලෝක කුසලානය දකුණු අපි‍්‍රකාවේ පැවැත්වීමට කටයුතු කළේ ද වර්ණභේදවාදය පිටුදැකීමේ අරමුණින්ය. මැන්ඩෙලා දරුවන් සිවු දෙනකුගේ පියකු වන අතර ඔහු තෙවරක් විවාහ විය.
1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට අමතරව ගෞරව සම්මාන 250 කට වැඩි ප්‍රමාණයක් මැන්ඩෙලාට හිමි වී ඇත. මැන්ඩෙලාගේ උපන් දිනය යෙදෙන අද මැන්ඩෙලා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැන්ඩෙලා මහත්මය ඉන්නෙ ස්වසන යන්තරය නිසා. ඔහු ඇත්තටම මිය ගිහින් නමුත් පව්ලේ ය අවසන් තීරණය ගන්න ඕනනෙ ස්වසන යන්තරෙන් ගලවන්න. (අ)
ඔබට සුබ උපන්දිනයක් වේවා. ඉක්මන් සුවය. (නි)
ලෝක වාසීන්ගේ ගෞරවාදරයට පත් ඔබට ඉක්මන් සුවය!(නදී)
අරගලයක් දිනූ පමනින් මිනිසුන්ගේ හිත දිනා ගන්න බැරි බවත්, දිනූ අරගලයේ වටිනාකම පවතින්නේ සියලු පාර්ශවයන්ගේ සිත් දිනාගැනීම මත බව ලොවට තහවුරු කල අපේ කාලයේ අති ශ්‍රේෂ්ට මිනිසෙකුගේ අවසන් සති කිහිපයේදී ඔහු සියලු ගෞරවයන් සහිතව පිදිය යුත්තෙක් බව අවධාරනය කරමි. යුද්දයක් අවසන් කල පමනින් කට මැත දොඩන, විරුද්ධවාදීන් මර්දනය කරන පලවෙනි පුරවැසියාගේ සිට හුදෙක් තම වාසියම පමනක් බලා සිටින ඔහුගේ අවසාන අනුගාමිකයා දක්වා ආදර්ශයට ගත යුතු, තම ජීවිතයට පූර්වාදර්ශයක් කර ගත යුතු ශ්‍රේෂ්ට මිනිසෙකි "නෙල්සන් මැන්ඩෙලා". (නි)
ජනපති ධුරයට පත්වීමෙන් පසු මැන්ඩෙලා කිසිම අවස්ථාවක ඔහුට එරෙහි වූ හෝ ඔහු හිරේ දැමූ හෝ සුදු ජාතිකයන්ගෙන් පළි නොගත්තේය (නි)
ඔබගේ ආදර්ශය දකුණු අප්‍රිකාවට පමණක් නොව අපටද වඩා වැදගත්ය . (නි)
තුනුරුවන් බෙලෙන් දීර්ඝායුෂ ලැබේවා! (නි)
මැතිදුනි ඔබ වත්මන් ලෝක දේශපාලකයින්ට මහගු ආදර්ශයක් ඔබට සුබ උපන්දිනයක් වේවා ,ඔබ සදා අමරණීය වනු ඇත .(අ)
ඔබවැනි ශ්‍රේෂ්ට නායකයන් බිහිවිය යුත්තේ අපේ රටේ වගේ රටවලයි. ඔබතුමාට ඉක්මන් සුවය හා සුබ උපන්දිනයක් පතමි (නි)
මනුශෂ්යත්වයේ පියාණෙනි, අවිහිංසා වාදයේ පියාණෙනි ඔබට නිරෝගි සුව.!(නදී)
මුළු මහත් ලෝකයාගේම ආශිර්වාදය ලත් උපන් දිනයක් වෙනවා ඒකාන්තයි. නිරෝගී සුවය පතමි, උපන් දිනයදා මැන්ඩෙලාට තෙරුවන් සරණයි.(නදී)
වසර තිහක කාලයක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා තම ජාතියට හා රටට පිරිසිදු නායකත්වයක් තුලින් සේවය කල විරුවාණනි, ඔබට නිරෝගී සුව හා දීර්ගායුෂ පතමි. (නි)
සුබ උපන් දිනයක් වේවා මහත්මයාණනි! නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා! අපේ රට ඇතුළු බොහෝ රටවල නායකයන්ට ආදර්ශමත් මහත්මයෙක්. (නි)
සුභ උපන් දිනයක්! (නි)
සුබ උපන් දිනයක් ඔබට .....!!(අ)
දිවි හිමියෙන් සටන් වැදී දිනු දේශය අද අහිංසක කම්කරුවන් මරණ ධනවාදී ගිනිසිලුවකි. දැන් මැන්ඩෙලා නළුවෙක් වැනිය. ඔහුගේ නිදහස වෙනුවෙන්ද, රට වෙනුවෙන්ද සටන් වැදුනවුන් ජෝහන්ස්බෙර්ග් නුවර ටකරන් මුඩුක්කුවල ජීවත් වෙන්නේ ඇතින් ඔබ්බට පෙනෙන ධනවත් සුදු /කළු මාලිග දෙස නෙත් යොමාගෙනය.මට හැගෙන එකම වෙනස සුදු බහුතරයක් උජාරුවෙන් හිදි පුටුවලට ජේත්තුවට ඇඳගත් කල්ලන් වාඩිවී සිටීමය. (නි)
සුබ උපන් දිනක් වේවා ඔබට ඉක්මනින් නිරෝගී බව ලැබේවා. තෙරුවන් සරණේ බලයෙන්.(නදී)
මැන්ඩෙලා 95 වැනි උපන් දිනය සමරයි 2013 ජූලි මස 18 00:05:22 | ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , ජොහැන්ස්බර්ග් නුවරදීය දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් කළ එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා අද සිය 95 වැනි උපන් දිනය සමරයි. පිළිකා ආසාදනයකට ලක් වී අසාධ්‍ය තත්ත්වයක පසුවන මැන්ඩෙලා මේ වනවිට සිටින්නේ දකුණු අපි‍්‍රකාවේ රෝහලක ප්‍රතිකාර ලබමිනි. ඔහුගේ තත්ත්වය අසධ්‍ය නමුත් වෛද්‍යවරු ලබා දෙන ප්‍රතිකාරවලට ඔහු යහපත් ප්‍රතිචාර දක්වන බව මැන්ඩෙලාගේ පවුලේ අය පවසා ඇත. මැන්ඩෙලාට ඇප උපස්ථාන කරමින් ඔහු ළඟ සිටින්නේ ඔහුගේ හිටපු බිරිය සහ වත්මන් බිරියයි. දකුණු අපි‍්‍රකාවේ ‘ජාතියේ පියා’ සහ ‘අහිංසාවාදයේ පියා’ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මැන්ඩෙලා, පෙනහළු ආසාදනයකට ලක් වීමෙන් රෝහල් ගත කළේ මීට මාසයකට පමණ පෙරය. සිහිසුන් තත්ත්වයකට ද පත්ව සිටින මැන්ඩෙලා දිවි සුරැකීමේ යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති බව ද වාර්තා වේ. සුදු ජාතික සුළුතරය විසින් දකුණු අප්‍රිකාව පාලනය කළ සමයේ ඊට එරෙහිව කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මැන්ඩෙලා නිහඬ නමුත් එඩිතර දේශපාලන කි‍්‍රයාකාරියෙක් වූයේය. කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට ඔහු 27 වසරක් දකුණු අපි‍්‍රකාවේ රොබන් දුපතේ සිරගත කෙරුණි. මැන්ඩෙලා පෙනහළු ආශි‍්‍රත රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ එසේ සිරගතව සිටිද්දී ගල්වලක සේවයට යෙදවීමෙනි. මැන්ඩෙලා උපත ලැබුවේ 1918 වසරේ ජූලි 18 වැනිදාය. හිරෙන් නිදහස් වීමෙන් පසු, අපි‍්‍රකානු ජාතික කොංග්රස් පක්ෂයට නායකත්වය දෙමින් ඔහු දකුණු අපි‍්‍රකාවේ ජනපති ධුරයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය. ඒ, 1994 වසරේදීය. 1999 වසර තෙක් දකුණු අපි‍්‍රකාවට නායකත්වය දුන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා ද වෙයි. ජනපති ධුරයට පත්වීමෙන් පසු මැන්ඩෙලා කිසිම අවස්ථාවක ඔහුට එරෙහි වූ හෝ ඔහු හිරේ දැමූ හෝ සුදු ජාතිකයන්ගෙන් පළි නොගත්තේය. ජනපති මැන්ඩෙලා, 2005 වසරේ රග්බි ලෝක කුසලානය දකුණු අපි‍්‍රකාවේ පැවැත්වීමට කටයුතු කළේ ද වර්ණභේදවාදය පිටුදැකීමේ අරමුණින්ය. මැන්ඩෙලා දරුවන් සිවු දෙනකුගේ පියකු වන අතර ඔහු තෙවරක් විවාහ විය. 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට අමතරව ගෞරව සම්මාන 250 කට වැඩි ප්‍රමාණයක් මැන්ඩෙලාට හිමි වී ඇත. මැන්ඩෙලාගේ උපන් දිනය යෙදෙන අද මැන්ඩෙලා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත. අදහස්(0) බැලූවෝ (254) 95 වැනි උපන් දිනයදා මැන්ඩෙලාට තෙරුවන් සරණයි. ඉක්මන් සුවයයි පතමු.(නදී)