ඕස්ටේ්රලියාවට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ තල්මස් මළකුණක් මතට මුහුදේ පිහිනා පැමිණි පුද්ගලයෙකු ගොඩවූවේය.
තල්මස් මළකුණ වටා මිනී මෝරුන් රැස්ව සිටියද ඔහුට එය ගණනක් වූ බවක් පෙනෙන්නට නොතිබුණි.
නමුත් ඔහු බියපත්වූ බවක් පෙනෙන්නට ගත්තේ මෝරුන් එකතුව තල්මස් මළකුණ කැබලි කරන්නට වූ විටය.
අසළ බෝට්ටුවක සිටි සගයින් නැවත ඔහුව බෝට්ටුවට ගත්තේය.
මෙයට ඕස්ටේ්රලියා මාධ්‍ය වලින් විශාල ප්රතිචාරයක්ද ලැබිණි.පසුව අනාවරණය වූයේ මෙම පුද්ගලයා ත්‍රාසය සොයායන්නෙක් බවයි.මරණය පෙනෙන නොපෙනෙන මානයේ සිටීමට ඔහු කැමති බව පැවසුනි.බොහෝ දෙනා ඔහු මෝඩයෙකු හැටියට හඳුන්වාදී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ලංකාවේ ඡන්දෙ ඉල්ලන්න දාමුද විරුද්ධ පක්ෂයකින්. තල්මහ උඩ ඉන්න එක ලේසි කියාවි (අ)
වෙලාවට අපි ලංකාවේ වුණේ (නි)
ඕස්ට්‍රේලියාවේ අයට හීනමානය හැදිලද? (නි)
අපිත් කඳු පාමුල ගෙවල් හදාගෙන මහවැස්සට දොර වහගෙන පොරවාගෙන නිදාගන්නේ... නායයන බව දැනදැනත්... (නි)
ප්‍රසන්න මහත්තය ලංකාවේ ඡන්දයක් දාල තියෙනවද තමන්ගේ ජිවිත කාලේ ඇතුලත එක වතාවක් වත්..මහත්තයෝ..එහෙම කාලයක් තිබුන ඔය අපේ අද ප්රජාතන්ත්රවාදය යහ පාලනය මානව නිදහස නැහැ කියල මොර දෙන අයියල තුන්ඩු කෑල්ලෙන් රට පාලනය කරපු කාලෙනම්.. දැන් එහෙම නැහැ.. ඇවිත් එක පාරක් ඡන්ද පොළකට ගිහින් බලන්න..(අ)
අපේ බන්දුල පෙරේරා වගේ හිතන කෙනෙක් වෙන්න ඇති (නි)
චමින්ද සහ ගයන්ත http://www.bbc.com/news/world-us-canada-27228996 (දී)
පත්තරේ අය කැලණියේ එක්කෙනාගේ පවූලේ අයටත් බයයි වගේ. (ර)
හැමදේටම මුල්වන්නේ සිතයි (දී)
ජිවිතයක් ගැන ආදරයක් නැති මිනිස්සු.(හේ)
අපරාදේ මිනි මෝරෙක්ට අහු වෙන්න තිබ්බේ.(හේ)
බෝට්ටුව ආවේ නැත්තම් මේ වෙන කොට මොරුන්ගේ බඩේ.(හේ)
කවුද පොටෝ එක ගත්තේ (බ)
ඇත්තටම මෝඩයෙක් තමයි.(හේ)
මෝඩ කමට බෙහෙත් නැතේ.(නදී)
මේක බොරුවක් ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩ
පිස්සුනේ මෙයාට.(හේ)
මේ මනුස්සයව රූබන් මහත්තයා ගාවට යොමු කළ නම් විසදුමක් දෙයි .(හේ)
අනේ අර මාළුවා උඩ අන්දරේ වෙන්නැති. ඕස්ට්‍රේල්යාවේ මිස්ටර් ඇන්ඩ්රූ නෙවෙයි නම්. (නදී)
අනේ චමින්ද ඔයා දන්නවද ඔය රටේ හැම තැනම මේ පින්තූර තියෙන්නේ. පණ්ඩිතය නොවී හොඳට බලන්න (නදී)
මිනි මෝරු ඉන්න තැනකට කිට්ටු වෙන්න තරම් මෝඩයෝ ඕස්ට්‍රේලියාවේ නැහැ. අනිකුත් රටවල මිනිසුන්ට වැඩිය, මිනි මෝරු ගැන හොද අත්දැකීම් ඕස්ට්‍රේලියානුවන්ට තියෙනවා. (නදී)
මේ මිනි මෝරු කතාව හදපු බොරු කතාවක්. මම ඉන්නෙත් ඔය කියන රටේමයි. (නදී)
ලංකාවේ ඡන්ද පොළට ඡන්දෙ දාන්න යනවා වගේ වැඩක් (නදී)
ප්‍රසිද්ද වෙන්න කරපු පිස්සු වැඩක් (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ලංකාවේ පාරේ පයින් යන එකත් මීට වඩා ත්රාසජනකය. මරුවා සමඟ වාසේ ! (නි)
අපිත් ලංකාවේ බස් වල ෆුට් බෝර්ඩ් එකේ ගියා. එක ඇගිල්ලකින් එල්ලිලා. එක කකුලක් ෆුට් බෝර්ඩ් එකේ අනික එළියේ. ත්‍රාසජනක ක්‍රීඩාවකට තියෙන ආසාවට නෙමෙයි. කොහොම හරි ගෙදර යා ගන්න ඕනේ නිසා. (ර)
මරණය සමග සෙල්ලම් කිරීමත් එක අතකින් ඒ පුද්ගලයට විනෝදයක් ගෙන දෙන්නක් විය හැකියි. (නදී)