මුහුදු ජලය ඉන්ධනයක් ලෙස යොදාගනිමින් ධාවනය කරවිය හැකි මෝටර් රථයක් නිපදවීමට ජර්මනියේ නැනෝෆ්ලොව්සෙල් නම් සමාගමක් සමත්ව තිබේ.
‘‘කුවාන්ට් - ඊ - ස්පෝර්ට්ස් ලිමොසින්‘‘ නම් වන මෙම මෝටර් රථයට අශ්ව බල 920 ක ජවයක් ඇතැයිද තත්ත්පර 3 කදී පැයකට කිලෝමීටර 100 ක වේගයක් අත් කර ගැනීමට හැකියාව ඇතැයිද සදහන්ය.
මෝටර් රථය ජව ගැන්වෙන්නේ එහි රෝද 4 කට සවිකර ඇති ප්‍රබල මෝටර 4 කිනි.
මෙම මෝටර ක්‍රියාත්මක වීමට අවැසි විදුලි බලය ලබාගන්නේ මුහුදු ජලය යොදාගෙනය.මුහුදු ජලය විශේෂ පටලයක් හරහා ගමන් කරවීමට සළස්වා එය ආධාරයෙන් විදුලිය නිපදවා ගැනෙන බව නිර්මාපකයෝ කියති.
මුහුදු ජලය ගබඩා කර තබා ගැනීම සදහා ලීටර 200 ටැංකි 2 ක් මෝටර් රථයේ තිබෙන අතර ටැංකි සම්පූර්ණයෙන් පිරවූ පසු රථය කිලෝමීටර 600 ක දුරක් නොනවත්වා ධාවනය කළ හැකියැයි පැවසේ.
නුදුරේදීම මෙම මෝටර් රථය පරීක්ෂණ සැසි සදහා යුරෝපයේ මාර්ග වල ධාවනයේ යෙදවීමට නියමිතය.
තාක්ෂණය සුපිරි නිසාම මිලද සුපිරි තලයේ වනු ඇතැයි සැළැකෙන අතර දැනට මෙවන් මෝටර් රථයක මිල පවුම් ලක්ෂ 10 ක් පමණ වනු ඇතැයි මත පළවී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද දෙයක්. චීනෙට මේක හදන්ට දුන්න නම් හරි (නදී)
ඒකත් එහෙමද? (නි)
හොද නිර්මානයක් ලංකාවට නම් නියමයි . මිල කියක් විතර වෙයිද දන්නේ නැහැ නේද. (නදී)
නියමයිනේ (නදී)
මේක ආවම ආණ්ඩුවෙන් මුහුදු වෙරළට යනකොටත් බදු ගහයි (නදී)
අාශ්චර්යය වෙන්නේ හතරවටෙන්ම මුහුදෙන් වටවුණ ලංකාවට ඕක අාවට පසු මුහුදු වතුර ඉන්ධන ලීටරයක් රු. 200ක් වෙන එකයි (නි)
ලංකාවට ආවොත් මුහුදු වතුරින් පෙට්‍රල් හදයි (නදී)
ලංකාවටත් නරකම නැහැ (නි)
එහෙනම් මුහුදටත් අයිතිකාරයින් ඉඳීවී තව ටික දවසකින්. (නි)
එහෙම නම් නියමයිනේ! (නි)
මම පාසල් යන කාලයේදී ලංකාවේ කෙනෙක් මේ වගේ එන්ජිමක් හදලා පොලිසියේ ලොකු මහතාගේ කාර් එක දුවලා පෙන්වලා තිබුනා කියලා පත්තරරේක තිබුනා මතකයි. (නි)
ශක්ති සංස්ථිති නියමය නම් ඇත්ත. ඒක නෙමෙයි ප්රශ්නය. මුහුදු ජලයෙන් කොහොමද ඒ තරම් බලයක් නිපදවන්නෙ? (නි)
තාක්ෂනය දියුණු වෙනවනේ දවසින් දවස (දී)
ආතර් සී ක්ලාර්ක් මහත්මයා කිවුවනේ තෙල් වෙනුවට විකල්පයක් සොයා ගත යුතුයි කියල ,එහෙම කිවුවේ මොකක් හරි හේතුවක් නිසානෙ.ලෝකෙ වෙන දේවල් දැක්කම අපිට හේතුව නොදැනෙනවාම නොවෙයිනෙ.ඒ නිසා මේ ගැන සතුටු විය යුතුයි .තව තවත් සාර්ථක වේවා !!!කොහොමත් ජර්මන් වාහන උසස්නෙ. (දී)
එහෙනම් තෙල් මිල අඩුවෙන්න පුලුවන් ලංකාවේ ඔය එන්ජිම දාල බස් ටිකකුත් හදාගත්තොත් ලංකාවට හොදයි (නදී)
මේක මට නම් විස්වාශ කරන්න පුලුවන්. මොකද භෞතික විද්‍යාව ඉගෙනගෙන උසස් පෙලට ඒ සාමාර්ථයක්ද අරන් ඉන්න මට දැන් තේරෙනවා ඒ නියම සමහරක් වැරදිද මන්දා කියලා. කවදාවත් කෙනෙක්ගේ බහිර බලයක් නැතුව වස්තුවක් චලනය වෙන්න බෑ කියල භෞතික විද්‍යාවෙන් කිව්වට ඔන්චිල්ලාවක් පදිද්දි කෙනෙක් තල්ලු නොකර තමා විසින්ම කොහෙවත් ස්පර්ශ නොකර බලයක් සපයාගෙන දිගටම ඔන්චිල්ලාව පදින්නෙ කොහොමද කියල කෙනෙක් භෞතික විද්‍යාවෙන් පහදන්න බලන්න. බෑ නේද. ඒවගේම මේ ලඟදි ලංකාවේ කෙනෙක්ම හොයාගත්ත නිවසේ ටැංකියෙන් අරන් පාවිච්චි කරන ජලයෙන්ම විදුලිය නිපදවාගෙන ඒ නිපදවෙන විදුලියෙන්ම මෝටරයක් කරකවා යලි එම ටැංකියටම ජලය පොම්ප කලහැකි බව. ඊට අමතරව ඒ විදුලියෙන්ම ගෙදර අනෙකුත් විදුලි භාන්ඩද පාවිච්චි කරන බව ඔහු සඳහන් කලා. ඔහු ඒ දෙය ගෙදර කරන දෙයක් කිව්වා. ඉතිං ඒ විදියහ බැලුවාම ශක්ති සංස්ථිති නියමය වැරදියි. ඉතිං මට නං දැන් පේන්නෙ භෞතික විද්‍යාවේ සමහර නියම වැරදි බව දැන් මේ සිදු කරන නව සොයාගැනීම් වලින් උනත් තහවුරු වනවා කියලයි.(නදී)
නියමයි (නදී)
එලම තමයි (අ)
මට නම් මේක විශ්වාස නැහැ. ශක්ති සංස්ථිති නියමයේ හැටියට එහෙම වෙන්න බැහැ. (නදී)
වාහනයේ මිලම විතරක් රුපියල් මිලියන 200 ක් විතර වෙනවනේ. එතකොට මිලියන 10 කට වාහනයක් අරගෙන ඉතිරි මුදල බැංකුවක දාලා එම මුදලින් පෙට්‍රල් ලීටර් ලක්ෂ 11 ක් ගහලා දුවන්න පුළුවන්. ඉතින් මොකටද මුහුදු වතුර දාගෙන මළකඩ කන්නේ. (නි)
මොනවා වලින් වුණත් කමක් නැහැ, ගාන අඩුවෙන් එනවා නම්. පවුම් ලක්ෂ 10 කියන්නේ?? මම නම් පෙට්‍රල් ගහලම දුවනවා. (නි)
මේක නම් මිලියන 1.2ක් විතර වටිනවා (නි)
මනු-විස්වාසකරන්න, ලංකාවේ කීප දෙනෙක්ම මෙය අත්හද බලල ඔප්පු කරල පෙන්නුවා. එහෙත් අපේ රටේ ඉන්නේ ඉරිෂියා කරායෝ.කිසිම උපකාරයක් කළේ නැහැ.ලංකාව එහෙම රටක් (අ)
මේ වාහනයට යොදාගන්නේ මුහුදු වතුර යොදාගන්න බැටරියක්. විශේෂත්වය තමයි සාමාන්‍ය බැටරියකට වඩා වැඩි ප්‍රමාණයක් විදුලිය ගබඩා කරන්න හැකිවීම. මේ බැටරියත් අනෙක් ඒවා වගේම චාර්ජ් කරලා තමයි වාහනය දුවන්නේ. (නි)
මම නම් වීශවාස කරන්නේ නැහැ (නදී)
ජලය මුහුදේම තිබෙන නිසා නාවික යාත්‍රා ගමනාගමනයටද මෙම සුත්‍රය යොදා ගන්නේ නම් මහඟු පිනක්. නැව් ගාස්තු අධික නිසා දිනපතා බඩු මිල නගිනවා. පසුව දුම්රිය ,බර වාහන ත්‍රීරෝද ගැනද කඩිනම් පියවරක් අවශ්‍යයි (නි)
කෑගල්ල පැත්තේ කෙනෙක් මීට අවුරුදු 30කට විතර පෙර මේ විදියේ මෝටරයක් හැදුවා කියලා පත්තරේ දාලා තිබුණා නේද? ඒකට මොකද වුණේ? (නි)
මීට ටික කාලෙකට කලින් ලංකාවේ කෙනෙකුත් කිව්වා මුහුදු වතුරෙන් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. නමුත් කව්රුත් උදව් කළෙත් නැහැ කතා කළෙත් නැහැ. ඔහුට මොනවා වුණාද දන්නේත් නැහැ. මේ නිසා තමයි අපි තාම එකම තැන. (නි)