මුහුදු පතුලේ අසිරිය විදිමින් ආහාරපාන රසවිදීමේ යෙදිය හැකි අවන්හලක් මාලදිවයිනේ පිහිටා ඇත.
‘‘අයිතා‘‘ නම් වන මේ අවන්හල මාලදිවයිනට අයත් රන්ගිලි දිවයින ආසන්න මුහුදේ මිටර 5 ක් පමණ ගැඹුරේ ඉදිකර ඇත.මුහුදු පතුළක ඉදිකර ඇති ලොව ප්‍රථම හා එකම අවන්හල වන්නේද ‘‘අයිතාය‘‘.
අයිතා සම්පූර්ණයෙන්ම පාහේ නිමකර ඇත්තේ විනිවිද පෙනෙන ඝන වීදුරු වලිනි.මෙනිසා අවන්හල ඇතුළේ සිටින්නෙකුට මුහුදු පතුලේ චමත්කාරය හොදින්ම දැක ගත හැකිය.
හිසට උඩින්,මුහුණ ළගින්, පිහිනා යන මෝරුන්,මඩුවන්,කැස්බෑවුන් දකිමින් ආහාර රසවිදීමේ යෙදීමේ නවමු අත්දැකීමක් ලැබීමට මෙහි පැමිණෙන්නෙකුට හැකියි.
ජලය අතරින් පෙරී එන හිරුඑළිය නිසා අවන්හල ඇතුළත පවතින්නේ හොදින් අලෝකයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි (නි)
ඇත්තටම ලස්සන තැනක් ගිහින් එන්න වටින තැනක් (ස)
චමිල කිවුවා වගේ ලංකාවේ අලි ටික නැතිවෙන දවස වැඩි ඈතක නෙමෙයි.මේ ළඟදි කෙනෙක් කියලා තිබුනා අලි මිනිස් ගැටුම නැති කරන්න කැළෑවල ඉන්න අලි ටික බලාගන්න පුළුවන් මිනිස්සුන්ට විකුණන්න ඕනෑ කියලා.නරියට කුකුල්ලු බාර දුන්නා වගෙයි! (නි)
මගේ පෙම්වතිය සමඟ යන්න මේක නියමයි (නි)
මම වැඩකරන හොටෙල් එකෙත් මේ වගේ අවන්හලක් තියනවා. මාලදිවයිනේ දැනට මේ වගේ 3 ක් තියනවා. (ස)
අනේ මෙහම ආසාවක් ..අනේ මෙහම තණ්හාවක් මිනිසුනේ ලැබේද මින් සැනසීමක් .? මේවා කිවූවේ කට කහනවාටද.?පිස්සු නැත්නම් ෂෝක්..... (ස)
අනේ ඔයාලගේ ආශාව ඉක්මනින්ම ඉටුවේවි. ලෝකේ කොහේ හැදුවත් ඒවගේ දේවල් ලංකාවේ අනිවාර්යයෙන්ම හදන්න උත්සහ කරනවා කොපමණ මුදල් ගියත්. එත් දේශීය නිෂ්පාදන හැර.! (අ)
මාලදිවයින දක්ෂයි , ලැබිල තියනේ දෙයින් තවත් ලස්සන් කරන්න ඒගොල්ලෝ දන්නවා , එකට ලංකවේ අය දන්නේ තියෙන දෙය විකුන්ගෙන කන්න විතරයි , අලිටික නැතිවුණා දවසට ලංකාවට සංචාරකයෝ එන එකක් නැහැ (අ)
ෂෝක් (ස)
වැල්ලබඩ සිරිල් ද සිල්වා කියල කෙනෙක් ලියපු ඉවුර සහ වෙරළ කියන නවකථා පොතේ ලස්සන විස්තරයක් තියනව. (ස)
සාමාන්‍ය රෑ කෑම වේලක ගාස්තුව කියක් වෙනවද?(ස)
ඔය වරායක් හදලා අසරණ ජනතාවගේ මුදල් නැති නාස්ති කරන්න පළමුව මේ වගේ හම්බන්තොට ඔය මුහුද යට ගල ළඟ අන්ඩර් වෝටර් හෝටලක් ගැහුවා නම් අද අඩුම ගානේ නමවත් තියෙයි (නි)
අපිත් හදමු මුහුද යට නව නගරයක්. (ස)
ලංකාවට මේ වගේ දෙයක් හොදයි (දී)
මාළුන් දිහා බල බල මාළු කනවලු මේක ඇතුලේ . (ස)
මේක හැදුවේ ලංකාවේ අය. සම්පූර්ණම ලංකාවේ තාක්ෂණය. (ස)
සුනාමියක් එහෙම අාවොත් පිස්සු හැදෙයි කිවුවාලු. (ස)
මේක හිල්ටන් එකේ අවන් හල නේද? අළුත් එකක් නොවේ.(නදී)
මුහුද යට ගොඩනැගුණ අවන්හල් ඇත්තේ මෙය පමණක්මද? (නි)
මේක අයත් වෙන්නේ හිල්ටන් සමුහයට.ඉන්දික, මෙහි මාළුන් කොටුකර නැත. (නි)
මෙවන් ස්ථාන සංචාරක කර්මාන්තයේ දියුණුවට නිසැකවම හේතු වනවා. ඒ නිසා ශ්‍රී ලංකාවෙත් මේ වගේ ස්ථානයක් ඉදිවුණොත් සංචාරකයන්ගේ පැමිණීම තවත් වැඩි වේවි. (නි)
ඉතාම සුන්දරයි (නි)
එය සුන්දර අත්දැකීමක් වෙයි. මටත් ආසයි එහෙ ගිහින් කෑම ගන්න. (ස)
හොඳයි. හැබැයි මාලු නම් කොටු කරලා තියෙන්නේ. (ස)