ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උළලේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ තීරණය කරයි.
ගුවන් හමුදාව ප්‍රකාශ කළේ ගුවනින් එල්ල විය හැකි තර්ජනයකට මුහුණ දීම සඳහා ගුවන් අවි නාශක ස්ථානගත කර ඇති බවයි.
දිවුරුම් දීමේ උළෙල පැවැත්වෙන ඉන්දීය ජනපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන් ආසන්නයේ පිහිටි සියලූ මාර්ග වසා දැමෙයි.
ජනරජ උළෙලට වඩා වැඩි ආරක්ෂාවක් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උළෙල සඳහා සැලසීමට සියලූ කටයුතු සූදානම් කර ඇතැයි ඉන්දීය බලධාරීහු පැවසූහ.
නරේන්ද්‍ර මෝදි අගමැතිධූරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව එරට ඉහළ පෙළේ නිලධාරීන්ට අගමැතිවරයා සමඟ ඕනෑම වේලාවක රැස්වීමකට සහභාගී වීමට සූදානමින් සිටින ලෙස දැනුම්දී ඇත.
ඉන්දියා රජයේ දෙපාර්තුමේන්තු 84ක් එම දෙපාර්තුමේන්තුවල කරුණු දැක්වෙන මිනිත්තු 20 බැගින් කෙටි විස්තරයක් ඉදිරිපත් කරන ලෙස ද මෝදි නියම කැර ඇත.
දිවුරුම් දීමේ විශේෂ උත්සවය ජනපති නිල මැදුර වන රාෂ්ට්රපතිභවන්හි එළිමහනේ දී පැවැත්වෙනු ඇති අතර 3,000 ක පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.
(එන්.ඩී.ටීවි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදි මාර ගේමක් දෙන්න වාගේ හදන්නේ. (ස)
සැලසුමක් ඇතිව පාලනයට ලැස්ති වෙන බව පේනවා. ඔක්කොම පහල නිලධාරීන්ට භාර කරලා විවෘත කරන්න විතරක් තොරන් බැඳගෙන එන දේශපාලකයන් ට යමක් ඉගෙන ගත හැකියි. (නදී)
කෝටි 2 ට නියෝජිතයන් 225 අපේරටේ .කෝටි 80 වට ඉන්දියාවේ නියෝජිතයන් 530 .මාරු නේ .මේවා ගැන හිතන්න
මොදිට සුබ පැතුම්.ඉන්දියාවේ පොලිසි වලින් ලංකාවටත් ආදර්ශයක්. (අ)
සරත් මහත්තයා, කෝටි 80 වට නියෝජිතයන් 530 උනාට ප්‍රාන්ත සභා වලටත් බලතල තියෙනව නේද ඒ වගේම? (නදී)
පැතුම් ඔයා ඉන්දියාවේ පොලිසිය ගැන දන්නේ නෑ. උන් එක්ක බලද්දී අපේ පොලිසිය මසුරන්. අපේ පොලිසියට අපහස කරන්න එපා. ඔයාලටත් අපේ දේට වඩා පිට දේ ලොකුයිනේ. (ස)
සරත් බංඩාර මහත්තයෝ, තවත් එක මන්ත්‍රීවරයෙක් පත්කරගන්න යෝජනාවක් ඇවිත් එ්කට ඔබට ලැබුනොත් එපා කියනවද? ඕකට කියන්නේ ඉරිසියාව (නදී)
අපි කට ඇරගෙන ඉන්දියාව දිහා බලාගෙන ඉන්නේ නැතුව අපේ වැඩක් කර ගත්තොත් නරකද? (ස)
අපි කට ඇරගෙන ඉන්දියාව දිහා බලාගෙන ඉන්නේ නැතුව අපේ වැඩක් කර ගත්තොත් නරකද? (ස)