සිය රට දේ සිරිසැප දේ යන කියමනට රටක නිපදවෙන අවි ආයුධ වලට කෙතරම් දුරට ගැලපෙන්නේ දැයි යන්න ගැටලූවක් වුවත් ඉන්දියාවට එය ගණනක් නොමැති බව පෙනෙනන්ට තිබේ.
ජාතිකවාදී රජයක් ලෙස හැදින්වෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්රමුඛ නව ඉන්දිය රජය දැන් ඉන්දියාවට අවශ්‍ය අවි ආයුධ ඉන්දියාවේම නිපදවීමට පිඹුරුපත් සකසමින් සිටීම ඊට හේතුවයි.
මේ ගැන ලෝකයාගේ අවධානය යොමුවූයේ හෙලිකොප්ටර යානා 200 ක් ආනයනය කිරීම සදහා ලබා දී තිබූ ඇණවුමක් අවලංගු කිරීමට ඉන්දියා රජය පසුගියදා කටයුතු කිරීමත් සමගය.එම ඇනවුමේ වටිනාකම ඩොලර් කෝටි සියයකි (රුපියල් කෝටි 13000කි).
එම හෙලිකොප්ටර ඉන්දියාවේම නිපදවීමට බලාපොරොත්තු වන බව ඉන්දියා රජය ප්‍රකාශ කිරීම ලෝක ආරක්ෂක බලවතුන් මවිත කරවීමට සමත්වූවත් විය.
මෙලෙසම ගුවන්යානා හා සබ්මැරීන සදහා ලබාදී තිබුණු ඇනවුම් 2 ක් අවලංගු කිරීමට ඉන්දියා රජය කටයුතු කළ අතර එය ඉන්දියාවද අන්තර්ජාතික අවි වෙළදපොලට එක්වීමට සූදානම් වන බව මනාව පෙන්වා දුනි.
ගිනි අවි හා අනෙකුත් ආරක්ෂක උපකරණ මිලදී ගන්නා රටවල් අතරින් ඉන්දියාව සිටින්නේ ප්‍රථම ස්ථානයේය.ලෝකයේ අවි අපනයන්ගෙන් සියයට 141 ක්ම ඇනවුම් කරන්නේ ඉන්දියාව බව පැවසේ.එය චීනය සිදුකරන අවි ආනයනයන් මෙන් තුන්ගුණයකි.
මේ තත්ත්වය ඉන්දියාවේ අසල්වැසියන් වන පකිස්තානය මෙන්ම චීනයද තිගැස්මට පත්කිරීමට සමත්ව තිබෙන්නකි.
දැන් ඉන්දියාව තම රටේම අවි නිපදවීමට බලාපොරොත්තු වනවා යැයි කීම එම රටවල් හා ඉන්දියාව අතර තිබෙන දුරස්ථභාවය තවදුරටත් වැඩි කරනු මිස අඩු කිරීමක් සිදු නොකරනු ඇති බව විචාරකයින් පෙන්වා දේ.
ඉන්දියාව හා චීනය අතර සීතල යුද්ධයක් ඇති ලකුණු බොහෝ කාලයක සිට පෙනෙන්නට තිබුණත් ඉන්දියා රජයේ මේ තීරණය දෙරට අතර ඇති එම ගැටුම ලොවම ඉදිරියේ අනාවරණය කළාක් වැනි බව ඔවුන්ගේ මතයයි.
එසේවුවත් චීනය අත්කරගෙන තිබෙන ප්‍රගතිය දක්වා ළඟාවීමට ඉන්දියාවට එක රැයින් නම් නොහැකි වනු ඇති බව සහතික යැයි විචාරකයින් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු ජාතීන් කියන්නේ " බී ඉන්දියන් බයි ඉන්දියන් කියලා". අපි කියන්නේ " බී ශ්‍රී ලන්කන් බයි ඉම්පෝර්ටඩ්" කියලා. වෙනසක හැටි. (නි)
ලයනල්,ලෝකයේ කිසිම නායකයෙකු තමන්ගේ මව් භාෂාවෙන් සමුළුවකදී කතා කරන එකේ කිසිම වැරද්දක් නැහැ.නමුත් වැරදි විදියට ජාත්යන්තරයෙදී ඉංග්‍රීසි කතා කරන එකයි වැරැද්ද.(හේ)
සුජීව ඔයාගේ දැක්මනම් හරිම අපුරුයි , අද ලෝකේ බලවත්ම පුද්ගලයා [ ෆෝබ්ස් සඟරාවට අනුව ] වල්ද්මීර් පුටින් එයට බසා පරිවර්තකයෙක් ඕන . එක නිසා භාෂාව එතරම් වැදගත් වෙන්නේ නැහැ වැදගත් වෙන්නේ තමන්ගේ රට වෙනුවෙන් කරන කැප කිරීම් සහ රටට දක්වන ආදරයයි , එ් අතින් කොහේ හරි ඉඳගෙන ඉංග්‍රීසියට ආවඩන ඔයාලට වඩා ඉන්දියානු අගමැති තුමා හුඟාක් ඉහලින් ඉන්නවා (බ)
ඉංග්‍රීසි බැරි අයගේ දෙලොව රත්වෙලා කියලා අදහස් වලින්ම පෙනෙනවා (නි)
ඉන්දියාව අපේ රටට හොඳ ආදර්ශයක්, අපේ රටේ දේශපාලනේ වෙනස් කම් අනුව සංවර්ධන ප්‍රතිපත්ති වෙනස්වෙනවා, නමුත් ඉන්දියාවේ කවුරු දේශපාලනයේ හිටියත් ඔවු සංවර්ධන, විද්‍යාත්මක, අධ්‍යාපන, කෘෂිකර්ම හා ආරක්ෂා පිළිවෙත් වෙනස්නොවී ඉදිරියට යනවා, එනිසා ඉන්දියාව අනිත් රටවලට වඩා තාක්ෂණික අතින් දියුණුව ලබනවා. (දිල්)
ජයා, ඔයාගේ ප්‍රකාශය හරිම අර්ථවත්. (ර)
ඉන්දියාව ගැන කට්ටිය හරියට දන්නේ නැහැ, කට්ටිය ඉන්දියාව ගැන දන්නේ හින්දි චිත්‍රපටි වලින් විතරයි වගේ. තමිල්නාඩුව පැත්තට ටිකක් ගොඩ බැහැල බලන්න. ඒවගේ පැති ඉන්දියාවේ තව ඕන තරම් තියෙනවා. (ර)
මෝඩි මහතාට ජය ශ්‍රී. (ර)
මෝධි මහත්මයාගේ පරම්පරාවේ ඉන්දියානුවන්ට ඉංග්‍රීසි අමාරු ඇති නමුත් දැන් හැදෙන මධ්‍යම පාන්තික දරුවෝ වැඩිදෙනෙකුට ඉංග්‍රීසියෙන් කතාකරන්න පුළුවන්. එ්කට හේතුව නිදහස ගත්ත දවසේ ඉදලාම ඉන්දියාව ඉංග්‍රීසි ජාතිකයෝ එලෙව්වට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරන භාෂාව වශයෙන් තියාගත්තා ඒකනිසා භාෂා දෙකක් තියෙන අපේ රටේ තියෙන ප්‍රශ්න භාෂා දහස් ගණනක් තියෙන ඉන්දියාවේ නැහැ. අපේ ගොබ්බ නායකයෝ කුහක කමට ඉංග්‍රීසි නැතිකරන්න ගිහින් රට විනාස කර දැන් ඉතින් අපිට පුළුවන් එකම දෙයයි දියුණු වෙන මිනිස්සුන්ට ඊර්ශ්‍යා කරන්න.(අ)
ලංකාවේ ගෙදරකට ගොඩවැදිලා බැලුවොත් පොඩි එකාගේ සෙල්ලම් බඩුවේ ඉදලා සියලුම උපකරණ යාන වාහන සියල්ලම පාහේ චීනයේ නැත්නම් ඉන්දියාවේ හදපුවා. මෙහෙම වෙනකොට අපේ රටට යන කළ දසාව මොකක්ද කියලා හිතා ගන්න බැහැ.(හේ)
නායකයෝ ඉංග්‍රීසි කතානොකරන එක නෙමෙයි ප්රශ්නය.වැරදියට ඉංග්‍රීසි කතාකරන එකයි. (නි)
බන්දුල කියන්නෙ පුදුම මෝඩ මනුස්සයෙක්නේ! බුද්ධිමත් මිනිස්සු මෝඩයින් කියන දේවල් ගණන් ගන්නෙ නැහැ (නි)
සුජීව, ඔයාලා වගේ අය නිසා තමයි අපිට මෙහෙම වුණේ (නි)
ප්‍රනාන්දු මහත්මයෝ, මම වගේ අය නිසා ඔයාලට මොකද වුණේ? විස්තර කරන්න.ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි මම බය නැහැ.මම කිව්වේ මෝදී මහත්මයා තම මව් භාෂාවෙන් පාර්ලිමේන්තුව ඇමතුවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ.ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න ප්‍රනාන්දු මහත්තයෝ. අනුන්ට බැණ බැණ ඉන්නේ නැතුව. (නි)
බන්දුල පෙරේරා, ලෝකයේ ඕනෑම රටක හොඳ පැත්තක් සහ නරක පැත්තක් තිබෙනවා.ඔබ ඉන්දියාව ගැන දැනගත්තේ කොහෙන්ද?ඒ අයගේ ආර්ථික, තාක්ෂණික සහ යුද ශක්තිය, අපේ රට වගේ රටවලට සාපේක්ෂව අති ඉහළයි.ඔබ ඇත්තටම උපන්ගෙයි මෝඩයෙක් බන්දුල.ලැජ්ජයි. (නි)
ඉන්දියාව නැතිනම් සිංහල ජාතියත් නැහැ . සිංහල ජාතිය හැදුවෙත් ඉන්දියාවේ විජය රජ්ජුරුවොනේ.එතකොට බුද්දාගමත් අාවේ ඉන්දියාවේ මිහිදු හිමියන්ගේන්නේ. ඒ නිසා හැමෝම බ්ලඩ් චෙක් කර ගත්තොත් නේද හොද. (අ)
පිටබැද්දර ජයා නරකද ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තා නම්.....(අ)
මෝදි ඉංග්‍රීසි කියවන්නේ හින්දියෙන් ලියාගෙන කියලා මගේ ඉන්දියානු මිතුරෙක් කිව්වා.
සුජීව, රටක නායකයෙකු ඉංග්‍රීසිය දැනගත යුතු යැයි සිතන්නේ සුද්දන්ට වහල්වූ අය පමණි. ජර්මනිය,ප්‍රංශය,චීනය රුසියාව ජපානය වැනි රටවල නායකයෝ ඉංග්‍රීසි භාෂාවෙන් කතා නොකරති. මෝදිට අඩුගානේ එහෙමවත් කතා කරන්න පුළුවන් එක ගැන ආඩම්බර වියයුතුයි. (නි)
මෙන්න රටවල්, මෙන්න නායකයෝ, ලඟදි අඟහරු වලට යානයක් යැව්වා. තමන්ගේ රටට ඕන වාහන ටික තමන් හදාගන්නවා විතරක් නෙමෙයි පිටටත් යවනවා. අපේ රටේ පාරක යන්න පුලුවන්ද "ඉන්දියන් " වහනයක් ඇඟේ හැප්පෙන්නේ නැතුව. (ර)
මෝදී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කරපු කතාව මම ගුවන් විදුලියෙන් අහගෙන හිටියා. මම හිතන්නේ එතුමා ඉංග්‍රීසි පන්තියකට යා යුතුයි මුලින්ම. (ර)
කවුරු මොනවා කිව්වත් චීනය අත්පත් කරගෙන ඇති ආර්ථික සහ යුධ ශක්තියට අභියෝග කරන්න දැනට ඉන්දියාවට හැකියාවක් නෑ. චීන යුධ ශක්තිය ඉතාම ඉහළයි. චීනයට තරගයක් තියෙන්නේ ඉන්දියාව සමග නොව යුරෝපය සමගයි. (ර)
සිය රට දේ සිරිසැප දේ! (නි)
අපි ! මොනවා කරන්නද ඉන්නේ කට අැරගෙන පිට රට දේට, කතාකරනේ සිංහ වන්සේ ගෙන්වන්නේ පිටරට දේවල් මොකද කොමිස් ගහන්න හොරු රැල.(අ)
සුජීව, මෝධි එංගලන්තේ අගමැති කියල හිතුවද , එයා ඉංග්‍රසි ඉගෙන ගන්න. ඔයාගේ කතාවෙන්ම තේරෙනවා අපේ රටට වෙලා තියෙන විපත මොකක්ද කියල. සුද්දෝ අපේ රටවල් දෙකම අවුරුදු 200 අල්ලාගෙන ඉඳල දාල ගියා, අපේ රට තාමත් සුද්දෝ පස්සෙන් යනවා. අනෙක් රටවල් ඉදිරියට යනවා. (ර)
ලංකාවේ විල්බැරෝ හදනවානේ (නි)
චීනය, ඉන්දියව වගේද අපි? අපිත් හැදුවා හොඳ හොඳ දේවල් (නි)
මෙන්න රටවල් ,මෙන්න නායකයෝ ,ලඟදි අඟහරු වලට යානයක් යැව්වා .තමන්ගේ රටට ඕන වාහනටික තමන් හදාගන්නවා විතරක් නෙමේ. පිටරටත් යවනවා (අපේ රටේ පාරක යන්න පුලුවන්ද "ඉන්දියන් " වහනයක් ඇඟේ හැප්පෙන්නේ නැතුව ) ඒකට අපි ! මොනවා කරන්නද ජාතියට හරිහමන් නායකත්වයක් නැති කොට . (අ)
ඉන්දියාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලංකාවට වඩා ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. බොහෝ උසස් අධ්‍යාපනය ලබන සිසුවන් ඉංග්‍රීසි මැනවින් හදාරා තිබෙනවා. (නි)
මෙන්න නියම නායකයො... (නි)
මොධිට ඉංග්‍රීසි උගන්වන්න ලෑස්ති වෙන්නේ මෝඩයෝ.මොධි මුළු ලෝකෙටම හින්දි උගන්වන්න බැරි නැහැ. ඔහු නියම දේශප්‍රේමී නායකයෙක්.(අ)
ඉන්දියාව හැම පැත්තෙන්ම ඉදිරියට යනවා එකට ප්‍රධානම හේතුව ඉන්දියානු නායකයෝ රටට ආදරෙයි. තමන් ඉන්දියානුවන් වීම ගැන ඒ මිනිස්සු ආඩම්බර වෙනවා. අපේ නායකයෝ රට කනවා මිනිස්සු කැමැත්තෙන්ම මෝඩයෝ සහ වන්දිබට්ටයෝ වෙනවා.(අ)
සුජීව ඔය ඉංග්‍රිසි මානසිකත්වය නිසා තමයි තාමත් අපේ රට අස්තාවර වෙලා තියෙන්නේ. (හේ)
මෝදි කැබිනට් මණ්ඩලේ වැඩිකරලා කියන්නේ ඇත්තද? (නි)
මෙන්න නායකයෝ... ඉදිකට්ටක් හදන්නවත් දේශීය ව්‍යවසායකයින්ව දිරිමත් නොකරන අපේ රටට ගන්නවා නම් ආදර්ශ... මෙන්න මෝදි මහත්තයා ඉන්නවා එහා පැත්තේ. (නි)
අපි කරලා තියෙන දේවල් ඔය කවුරුවත් කරලා තියෙනවද? ලෝකේ ලොකුම ඇමති මණ්ඩලය හදාගත්තේ අපි. අධ්‍යාපනයක් නැති අය අපේ නායකයන් කරගෙන ඉන්නේ අපි. මානව අයිතිවාසිකම් අපිට එපා කියලා කියන්නේ අපි විතරයි. අපේ තානාපතිලට ගහන්න ජනතා නියෝජිතයන් පත්කරන්නේ අපි. තව කොච්චර තියෙනවද. (නි)