රෝග නිවාරණයට දහසකුත් එකක් පෙති වර්ග ඇති මේ කාලයේ මතකය වඩා ගැනීමටත් පෙත්තක් හදුන්වාදීමට යන ලකුණු බි්රතාන්යයේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ පිරිසක් සිදුකරමින් සිටින පරීක්ෂණයකට අනුව පෙනෙන්නට තිබේ.
මොළයේ මතක තබා ගැනීමේ හැකියාව වර්ධනය කරවා ගත හැක්කේ කෙසේදැයි සොයාබැලීමට පර්යේෂණ කරමින් සිටින මෙම විද්‍යාඥ පිරිස පවසන්නේ මොළයේ ඇතිවන නියුරෝන සබදතා ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකිනම් මතක තබා ගැනීමේ ශක්තියද ඉහළ දමා ගත හැකි බවයි.
එසේ නමුත් ස්වභාව ධර්මයා මොළයේ වරෙකදී ඇතිවිය හැකි නියුරෝන සබදතා සංඛ්‍යාවට සීමාවක් පනවා ඇත.පර්යේෂක පිරිස පවසන ආකාරයට ඒ සදහා හේතුවන්නේ විශේෂ ප්‍රෝටීනයකි.ළමා වියේදී සීඝ්රයෙන් වර්ධනය වුවද වැඩිහිටි විය එළැඹෙන විට මොළයේ වර්ධනය නතර වීමට හේතු වන්නේ එම ප්‍රෝටීනය බව ඔවුන් කියයි.
මෙම ප්‍රෝටීනය සතුන්ගේද හදුනාගත හැකිය.ඒ අනුව සතුන් ආශ්රයෙන් පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති විද්‍යාඥ පිරිස එම ප්‍රෝටීනය නිපදවීම වළක්වා එම සතුන්ගේ මොළයේ නියුරෝන සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරවා ගත හැකිවේදැයි සොයාබලා ඇත.
පර්යේෂණය සාර්ථක කරමින් අනාවරණවය තිබෙනුයේ එම ප්‍රෝටීනය නිපදවීම නැවතු විගස මොළයේ වැඩි වැඩියෙන් නියුරෝන සබදතා ඇතිවන්නට ගත් බවය.එනම් මොළයේ මතක ශක්තිය ඉහළ ගොස් ඇත.
ඒ අනුව එම සතුන් වෙනදාට වඩා හොදින් පරීක්ෂණ වලට මුහුණදීමටත්,ප්‍රතිචාර දැක්වීමටත් පටන්ගෙන ඇත.
කෙසේනමුත් මෙය මිනිසුන්ට ආදේශ කිරීමට ප්‍රථමයෙන් තවත් බොහෝ පර්යේෂණයන් කළ යුතුව ඇති බව විද්‍යාඥ පිරිස කියයි.
සාර්ථක වුවහොත් අංශභාග රෝගීන්ට,මානසික රෝගාබාධ වලින් පෙළෙන්නවුන්ට එය සුභ ආරංචියක්ම වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විද්‍යා ප්‍රබන්ධ ඇත්ත වෙන්නයි යන්නේ මගේ හිතේ ! (බ)
පෙත්ත තිබ්බ තැන මතක තියා ගන්න බැරිඋනොත් ඔක්කොම අපරාදේ. ළඟදී කියවූ විහිලු කතාවක් මතක් උනා. (ර)
ක්‍රීඩා වලදී තහනම් උත්තේජක බලනවා වගේ ඉදිරියේදී විභාග වලදී මතක පෙති අරන්ද කියලත් පරීක්ෂණයක් තියන්න වේවි(දිල්)
අමතක පෙත්ත නම් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක දේශපාලකයෝ ඇතුළු හුග දෙනෙක් ඇගෙන්ම හදා ගන්නවා. (නදී)
කළ දේවලුත් අමතක කරගන්න බැරුව ඉන්නකොට ඔය පෙත්ත බීලා ඔලුව තවත් විකාර වේවි. (නි)
කරුණාකරලා පුළුවන් ඉක්මනින් අර අමතක මහතාට ඕකෙන් එකක් පොවන්න. පස්සේ පුළු පුළුවන් හැටියට අනිත් 225 දෙනාටත් දෙන්න බලමුකෝ. වැඩේ කියන්නේ බොන්න කැමති වේවිද දන්නේ නැහැ. (නදී)
මමත් යම් මානසික රෝගී තත්වයක් නිසා ඇතිවන අඩු මතකය නිසා පීඩාවිඳින කෙනෙක්. හැකිනම් කරුණාකර මෙම ඖෂධය සහ ඒ සම්බන්ධ පර්යේෂණ පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවි වල ලිපින මට යොමු කරන්න. (නි)
මේ දේවල් වලින් වැඩක් වෙයිද? (නි)
මේ පෙත්ත ඉක්මනින් විකිණෙයි.(හේ)
ස්වභාව ධර්මයට පිටින් යන්න ගිහිල්ලා නැති ලෙඩ දාගන්නයි වෙන්නේ. සියලු දේ අනිත්‍යයයි. (නි)
අමතක කලයුතු දෙවක් අමතක කරන්න බෙහෙතක් සොයා ගෙන නැද්ද . මට අමතක කරන්න කෙනෙක් ඉන්නවා එයාව අමතක කරගන්න (බ)
මේ වර්ගයෙන් පෙති කීපයක් ගෙන්වා ගන්න පුලුවන්ද? (ර)
අනේ මන්දා ඉතින් මේ පෙති නම්.... (නි)
අනේ ඉක්මනට එකක් අපේ ඇමතිට පොවන්නකෝ (අ)