මාංශ භක්ෂක ඩයිනෝසරයන් වියුරු වැටුණු විට විශ්මිත හැසිරීම් රටා පෙන්වා ඇතැයි ඩයිනෝසරයන්ගේ පොසිල පරීක්ෂාවෙන් සොයාගෙන ඇත. එමෙන්ම බිඳුම් සිදුවන අස්ථි ඉතා ඉක්මණින් සුවපත්ව ඇති බවත් විද්‍යාඥයෝ පවසති.
මේ සතුන්ට සිදුව ඇති තුවාල මිහිතලයේ දැන් ජීවත්වන සතකුට සිදුවුවහොත් ඒවා මාරාන්තික වුව ද මේ ප්රාග් ඓතිහාසික දැවැන්තයන්ගේ තුවාල විශ්මයජනක ලෙස සුව වී ඇතැයි ද ඔවුහු කියති.
වසර කෝටි 15ක් පමණ දක්වා පැරණි මේ පැරණි පොසිලවල ඇති අස්ථි පැලීම් හා බිඳීම් පිළිබඳ තොරතුරු අනාවරණය කැරගෙන ඇත්තේ අති දීප්තිමත් ආලෝක භාවිතා කරමිනි. මේ සතුන්ගේ ක්‍රියාකාරකම්, මොළයේ හැකියාව, ඔවුන්ට තිබූ සිතීමේ හැකියාව හා තුවාල සුවවීමේ කඩිනම් බව අනුව මේ සතුන් මහා ව්‍යසනයකින් වඳවී නොගියේ නම් අද දක්වාම ඉතා සාර්ථකව මිහිතලය මත ජීවත් වීමට ඉඩ තිබූ බවයි.
ඩයිනෝසරයන් තමන්ගේ අස්ථි ආරක්ෂාකැරගැනීම ගැන සැළකිලිමත් නොවූව ද බිඳෙන අස්ථි සුවකැර ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකැර ඇතැයි ද පර්යේෂකයෝ කියති. කෙසේ වෙතත් මොවුන්ගේ සිරුරේ අස්ථි බිඳීම් හා තුවාල ඇති වුවත් ඔවුන්ගේ ඉක්මණින් මැකී යන්නට ඇතැයි ද සොයාගෙන තිබේ.
ඩයිනෝසරයන්ගේ අස්ථි පද්ධතියේ සැකැස්ම අනුව බොහෝ මාංශ භක්ෂකයන් කෝප වූ විට උරහිස් සොලවා තම කෝපය පිටකැර ගැනීමේ හැකියාවෙන් යුතු වූ බව ද සොයාගෙන තිබේ. ඇතැම් පොසිල වූ අස්ථිවල එක් ස්ථානයක තුවාල කැළැල් හා බිඳීම් පවතී. එවැනි දෙයක් මිනිස් අස්ථියකට සිදුවූ විට ප්‍රතිකාර නොලැබුණහොත් ජීවිතය හානි වීම වැළැක්විය නොහැකිය.
මැන්චෙස්ටර් පාසලේ භූගර්භ, වායුගති හා පාරිසරික විද්‍යාව පිළිබඳ ආචාර්ය ෆිල් මැනින්ග් මෙසේ කියයි.
‘‘ අපේ අධ්‍යයනයෙන් පෙනී ගිය ආකාරයට ඩයිනසෝරයන් සිය තුවාල හා කැලැල් සුව කර ගැනීම සඳහා ඔවුන්ට ම ආවේණික ක්‍රමයක් භාවිතා කර තිබෙනවා. මෙය අප තරම් බුද්ධියෙන් ඉහළ ක්‍රමයක් නොවුනත් ඇතැම් විට ඊට සුදුසු ශාක වර්ග ආහාරයට ගැනීම වැනි දෙයක් විය හැකියි. “





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේස්ලා කියන්නේ The Day the Earth Stood Still ෆිල්ම් එක ගැන. ඒවා මනස්ගාත. (ස)
ඔව් රොෂාන්ලා හරි. සුදු මිනිසා ලොව හැදුණු හැටි තවමත් රහසක්. (ස)
මෙතන අදහස් දක්වන බහුතරයක් "මතය" කියන එකේ තේරුම දන්නෙ නැහැ වගේ. මතවාදයක් ගොඩනගන්නෙ බොහෝ විට කල්පිතයක් උඩ, එය ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි තියෙනවා නම් සත්‍යයක් හෝ නව සොයා ගැනීමක් විදියට පිළිගන්නවා. ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ කරන්නෙත් ඒක.එයාගෙ කල්පිතය ඔප්පු කරන්න සාක්ෂි හොයනවා. දිනේෂ් සහ මම කිව්වෙ ඒවාගෙ ජනප්‍රිය කල්පිතයක් තියෙනවා කියලයි.අපිට ගොඩක් පැහැදිලිව පරිණාමවාදය ඉගැන්නුවත්, අවාසනාවකට වගේ, ඒකෙ අපැහැදිලි පුරුක් ගොඩක් තියෙනවා තවම නොවිසදුනු. ඩාවින් 100% හරි නම් ඇයි විද්‍යාඥයෝ තවත් හොයන්නෙ? නුවන්, චිත්‍රපට හෝ ඒ හා සමාන මාධ්‍යයකින් කල්පිත ඉදිරිපත් කරන්න පුලුවන්. හොදම උදාහරණය තමයි ආතර් සී. ක්ලාර්ක්.එයාගෙ පොත්වල තිබුනු සිහින තාක්ෂණය අද ඇත්තක් වෙලා. (නි)
ඩයිනෝසරයො දැනුත් හිටියා නම් යවන්න තිබුණා මැදපෙරදිගට, අපේ කාන්තාවන්ට දෙන වද වල හැටියට (නි)
ඇමෙරිකන් සිනමාවෙන් හුගක් මොළ හිරි වට්ටවල අලුත් විදිහට සීතීමඅතීතය සහමුලිම්ම අමතක කිරීම නොව ඒ තුලින් නව මන් සේවීම පාවෙන පීරිසි දේවතා එලි පිට සක්වල ජීවීන් අලුත් ග්‍රහ ලොවවල් සෙවීම අවරුදු දහස් ගනනක් පැවතගෙන එන දේවල් ඒවා ඒවා ට දිනෙන් දින වෙනස් අදහස් ඉදිරිපත් වෙනවා නමුත් සොබහ දහමට ඔය සැමදෙයක්ක්ම වෙනස්කරන්න පුළුවන් ඩහිනෝසරයන්ට උනෙත් මානව වර්ගයට වෙන්නත් එක නිදහස තියෙනවා ඕනෙම දෙයක් හිතන්න (දී)
මේ අපේ මහජන මුදල් වලට වෙනදේත් කියන්නකෝ. (ස)
ඉහත අදහස් මම හිතලා කියපුවා නොවේ. විද්‍යාඥයන් ලොවෙන් ගොඩක් රහස් සඟවලා කටයුතු කරනවා. ඇතැම් අය ඒවා එළි දක්වනවා. එම අදහස් ඉහතින් සඳහන් කළේ අප දැන් අලුත් විදියට සිතිය යුතුයි. අපට පාසල්වල උගන්වා තිබෙන දේවල් පවා බොරු පරිනාමවාදයත් බොරු මිනිසා නොදත් වැළලුණු ඉතිහාසයක් තිබෙනවා. මේ හැම දෙයක්ම පිටුපස පිටසක්වල අපට වැඩිය අවුරුදු මිලියන ගණනකින් තාක්ෂණයෙන් දියුණු ජීවීන් විසින් ඇතිකරපු දේවල් තව නොබෝ දිනකින් දැකගන්න ලැබේවි. (ස)
කෙනෙක්ගේ නව අදහසකට මෝඩ විදියට ප්‍රතිචාර දමන්න එපා.අතීතයේ දෙවිවරු අහසින් ගීයා කිව්වා.අද මිනිසා තවත් මිනිස්සු 3ක් 400ක් අරන් අහසින් යනවා.අපේ මානව වර්ගයා නිකම්ම මේ ලෝකේ ඇති උනේ නැහැ.එහි මුල් බීජය විශ්වයේ කොහෙන් හරි පෘතුවියට ආවා,නැත්නම් කවුරුන් හෝ ගෙනාවා.පරිණාමය කියන්නේ වෙනත් සංකල්පයක්,ඒක දැනටත් හෙමින් සිද්ද වෙනවා.සියලු ජීවීන්ගේ ආරම්භය සහ විශ්වයේ රහස් මිනිසා විසින්ම ඉදිරියේදී හෙළි කර ගන්නවා.එත් එය වැදගත් වෙන්නේ වෙනස්ව හිතන අයට මිස බත් පිගානට ,බෝතලේට ,බීඩියට,එදා වේලට නිකම්ම ජිවත් වෙන මිනිසුන්ට නොවේ.තරහ වෙන්ඩ එපා.......(අ)
දිනේෂ් , රොෂාන් දෙන්නම හරි..මමත්ඒ මතයේම තමා ඉන්නේ පරිනමවාදය පට්ට බොරුවක් (අ)
අනේ රොෂාන් මට පව් කියල හිතනවා අපේ ගුරුවරු ගැන එතාකොට ඒ ගොල්ලෝ අපිට පරිණාමවාදය ගැන කියල තියන බොරු බලන්නකෝ (අ)
ඔවුන් වඳ උනේ නැහැ. පිටසක්වල ජීවින් ඔවුන් විනාශ කර බුද්ධිමත් ජීවින් කොට්ඨාශයක් මේ මිහිමත ඇති කලා. ඒ තමයි මනුෂ්‍යයන්. එකට හේතුව තමා මෙලොව මනුස්සයන්ට වඩාත් සුරක්ෂිත ලෙස ජිවත් වීම. ඔවුන් මෙලොවට පැමිණියේ රත්රන් වැනි සම්පත් සොයාගෙන. ඉන්පසු යම් අරමුණක් නිසා මිනිසා මෙලොව ඇති කර දැනටත් අපව නිරීක්ෂණය කරමින් සිටිනවා. (ස)
හිතා ගන්න අමාරු දේවල් තමා මේවා (අ)
"මෙය අප තරම් බුද්ධියෙන් ඉහළ ක්‍රමයක් නොවුනත් ඇතැම් විට ඊට සුදුසු ශාක වර්ග ආහාරයට ගැනීම වැනි දෙයක් විය හැකියි. “ පොඩ්ඩක් හිත බැලිය යුතුයි ඔවුන්ද බුද්ධිමත් ක්‍රම භාවිත කලේ නැතිනම් අපිද කියල (ස)
මට ඊයෙ ඩයිනෝසෝර් කෙනෙක් හමුවුණ වෙලාවෙ රොෂාන් , දිනේෂ් දෙන්නාව හමු වුණ බව කිව්වා. (නි)
ගොඩක් ඩයිනෝසරයෝ කොළ වර්ග ආහාරයට ගත්තනේ. ඒවායේ ඖෂධ ගුණය තියෙන්න ඇති (නි)
පිටසක්වල ජීවින් අපේ සම්මා සම්බුදු පියාණන්ගෙන් බණ අසා සෝවාන් වී ඇත ඒනිසා තමයි මිනිසාට පිටසක්වලින් කිසිම අනතුරක නොවන්නේ (ස)
දිනේෂ්ෂුයි රොෂානුයි දැන් පිට සක්වල දෙන්නෙක්ද ? නැත්තන් කොහොමද ඔය කතන්දරේ දන්නේ? (ස)
දිනේශ් කියන දේ හරි. දැනට වැඩිපුරම කතා වෙන හා ජනප්‍රියම මතය තමයි ඒක. ජගත් කරුනු නොදැන කත කරන්න එපා (දී)
දිනේෂ් ඔයා භයානක හීනයක් දැක්කද? වතුර ටිකක් බීලා නිදාගන්න. (ස)