බ්‍රිතාන්‍ය අපරාධ පිලිබඳ ඉතිහාසයේ ප්‍රථම වතාවට අවුරුදු 13 ක් වන ලාබාල වයසේ පිරිමි ලමයෙක් මිනීමැරුමකට චෝදනා ලබා ඇත.
නීතිමය හේතූන් මත නම සඳහන් කිරීමට නොහැකි මෙම ගැටවරයා චෝදනා ලබා ඇත්තේ වයස අවුරුදු 39 ක් වූ මාර්ක් තෝමස් නැමැති පුද්ගලයෙක් පිහියෙන් ඇන මරා දැමීම හේතුවෙනි. මේ බාලවයස්කාර දරුවා තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර විම්බ්ලෙඩන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තෝමස් මහතාගේ බරපතල තුවාල සහිත සිරුර ඔහුගේ නිවස පිහිටි නිරිත දිග ලංඩනයේ රොහෙම්ටන් වල තිබි පොලීසිය සහ විසින් අප්‍රේල් 22 සොයාගනු ලැබීය.
පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලිවී ඇත්තේ තෝමස් ට එල්ල කරණ ලද පිහිපාරවලින් පෙනහලු වලට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ලේවහනය වීමෙන් මරණයට සිදුවී ඇති බවයි.
වයස අවුරුදු 13 ගැටවරයාට අමතරව වයස 15 ක ළමයෙකුද මෙම මිනීමැරුම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියි. එයට අමතරව තවත් 17 හැවිරිදි තරුණයෙක් ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු පසුව ඇප පිට නිදහස් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! එංගලන්තෙට මොකද මේ වෙන්න යන්නේ? (ස)
එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ ඒහෙම වෙන්නෙ නැ (දී)
එහෙම කරන්න හේතුව මොකක්ද? අන්න එක දැනගන්න කැමතියි. (ස)
ඇයි සුනීතා දැන් ඔයා ඕක දැනගත්තම ඔක්කොම හරිද...? (නදී)
අද ලෝකය යන්නේ හරහට. අනේ මන්දා තව ඉස්සරහට තව මොනවා වෙයිද කියල. තව වැඩි දවසක් යන්න කලින් ඕව මෙහෙටත් බෝ වෙයිද දන්නේ නැහැ.මොකද එහෙ වෙන ඕන දෙයක් මෙහෙ අයත් ඉක්මනට බදා ගන්නවනේ.අනේ එහෙම නොවේවා කියා පතමු.නැත්තම් අපේ රටේ අනාගතෙත් අඳුරේ. (ස)
සුනීතා, මොකක් වුණත් එහෙම මිනීමරන්න නරකයි. (නි)
බටහිර රටවල මෙවැනි ගැටවරයන්ගේ ක්‍රියාකාරකම් දිහා බැලුවහම මම දැකපු දෙයක් තමයි ඔවුන්ගේ දෙමව්පියන්ගේ පවුල් පසුබිම.(ස)
අපේ කට්ටිය එංගලන්තේ උනාම අහනවා හේතුව මොකද්ද කියලා. ලංකාවේ උනානම් මෙලහකට තමුන්ගේ රට බල්ලට දාලා බැනලා තියෙයි.(නදී)
අපේ අය නම් ඔය රෙකෝඩ් පහුකරලා බොහොම කල් (නි)