මෙම සිදුවීම වාර්ථාවන්නේ කෙන්යාවේ මසායි මරා වනෝද්‍යානයෙනි. මී ගවයකු දඩයම් කිරීමට යාමේදී කුරුමානම වැරදීම නිසා මී ගවයාගේ දරුණු ප්‍රහාරයකට ලක්වූ පැටවුන් තිදෙනෙකු යුත් සිංහධේනුවක් බරපතලලෙස තුවාල ලැබුවාය.
සිංහ ධේනුවට ප්‍රතිකාර නොකළහොත් ඇය අනිවාර්යයෙන්ම මිය යන බවත් එවිට කුඩා සිංහ පැටවුන් තිදෙනාද අනතුරකට පත්විය හැකි බව වටහාගත් වනෝද්‍යානයේ නිලධරයෝ කෙන්යාවේ අලි ඇතුන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක පශුවෛද්‍ය වරුන් කණ්ඩායමක් ගෙන්වා, සිංහ ධේනුවට සැත්කමක් කැර ඇයට ජීවත් වීමේ වාසනාව උදා කැර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහාර දාමය අපට වෙනස්කල නොහැකියි.සිංහ දේනුව සුවපත් කල එක මහගු ක්‍රියාවක්.(ස)
අපේ රටේ නම් දත් ටිකයි නියපොතු ටිකයි ගලවාගෙන පැටව් තුන්දෙනා විකුනනවා. ඒක තමයි ඇත්ත, කෙන්යාවේ වනජීවී මහත්වරුන්ට මගේ ශීර්ෂ ප්‍රණාමය! (ස)
පිටිගල, ඇත්තටම පහුගිය දවස් වල අලි පැටව් ගැන නම් ප්‍රශ්නයක් තිබුනා. ඒත්, ලංකාවෙත් බොහෝ වනජීවී මහත්වරු වගේම පරිසර හිතකාමිනුත් සතුන්ට බොහෝ පිහිට වෙන අවස්ථා තියෙනවා. සමහරවිට ඒ්ගොල්ලන්ටත් වඩා.(නදී)
කෙන්යාවේ මහත්වරුන්ට ප්‍රණාමය පමණක් දෙන්න. ශීර්ෂ ප්‍රණාමය දෙන්න ඔබ අදහන ශාස්තෘ වරුනට හා ගුරු දෙගුරුනට පමණක්. (නදී)
අනේ ඉන්දික අපි නොදන්න සත්ව කරුණාව (අ)
මෙය ලෝක ධර්මතාවයයි (නි)
කෙන්යාවේ අපූරු සිදුවීමක් ලංකාදීපය අපට පෙන්නුවා මතකයි.තම රැළේ මී ගවයෙක් සිංහයකු බිම පෙරළාගෙන පොර අල්ලන වෙලාවේ රැළේ වෙනත් මී ගවයෙක් පැමිණ සිංහයාව තම අං වලින් උස්සා දෙතුන් වරක් ගස්සා විසිකළා. (නි)
මෙම සිදුවීමට අදාළ වීඩියෝව මා නැරඹුවා.. සිංහය ධේනුවට වෙලා තියන තුවාලය මහා දරුණු තුවාලයක්. (අ)
මෙහි වීඩියෝ දර්ශනය " ඩේලිමේල්ඩොට් සීඕ ඩොට් යුකේ / නිවුස්/ ආර්ටිකල් -2605096 ........" තුලින් නැරඹිය හැකිය. (නදී)
මෙන්න බලවත පරදින තවත් අවස්ථාවක් ! https://www.youtube.com/watch?v=dJIa6s8eGC4 (ස)