කසළ ගොඩකට විසිකර දමා සිටි අලූත උපන් බිළිදෙකු මාරයාගෙන් බේරා ගත් සුනඛයෙක් ගැන වාර්තා වන්නේ තායිලන්තයෙනි.
‘‘පුයි‘‘ නම් සුරතල් නාමයෙන් හැදිවෙන මේ බල්ලා ප්ලාස්ටික් බෑගයක බහා කසළ ගොඩකට විසිකර දමා සිටි බිළිදා සොයා ගැනීමට සමත්ව තිබේ.අනතුරුව බෑගය ප්‍රවේසමින් කටෙන් අල්වාගෙන සිය හාම්පුතා වෙත ගෙනගොස් ඇති පුයි නොනවත්වාම බුරමින් ඔහුගේ අවධානය තමන් ගෙන ආ දෙය කෙරෙහි යොමුකරවාගෙන ඇත.
කසළ ගොඩ ගෙනෙනවායැයි බැනවැදීමේ අරමුණින් පුයි දෙස හැරණු හාම්පුතා වන ගුම්නර්ඞ් තොන්ග්මක්ගේ අදහස වෙනස් වන්නේ පුයි ගෙනවිත් ඇති දෙය දැකීමෙන් පසුවය.වහාම බිළිදාව රෝහලක් කරා ගෙනයාමට ගුම්නර්ඞ් කටයුතු කර ඇත.
ප්‍රතිකාර ලබා බිළිදා දැන් සුවෙන් සිටින බව වෛද්‍යවරුන් කියයි.දවසේ වීරයා බවට පත්ව සිටින පුයි දැන් සිටිනුයේ කාගේත් ආදර සැළැකිලි ලබමින්ය.
බිළිදාගේ දෙමව්පියන් සොයා පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ඒත් ඇත්තයි. දරුවා හා සමානම මේ බලු දරුවත් ආරක්ෂා කරන්න ඕනා. දවසේ වීරයා නොව දිවි හිමියෙන්ම වීරයා.(නදී)
මේ සුනඛයා කළ උතුම් පින්තමේ මහිමයෙන් ඉලග ආත්මයේ යහපත් මිනිස් ආත්මයක් ලැබේවා!(නදී)
ඔය කළ පුණ්‍ය කර්මයම ඇති සුනඛයාට ලබන ආත්මයේදී මිනිසෙක් වෙලා උපදින්න. ළමයා කුණු ගොඩකට දැමීමට වැඩ කටයුතු සැලැස්වූ සියලුම දෙනාට (ස්ත්‍රී දුෂණයකින් ළමයා ඉපදුනානම් එයට වගකිවයුතු පුද්ගලයන්, ස්ත්‍රිය අමාරුවේ දමාගිය පෙම්වතෙක්නම් ඔහුත්, ළමයා මග දමා ගිය ගැහැණියටත්) මරණයෙන් පසු අපායේ දීර්ඝ කාලයක් විඳීමට සිදුවේ. එපමණක් නොව අපායෙන් පසුව ඔවුන්ට බල්ලන්ටත් වඩා පහත් ආත්මයන් හිමිවේ.(නදී)
අපි සියලුම සතුන්ට කරුණාව ,ආදරය,දයාව,ලබා දිය යුතුය.(නදී)
නියමයි.(නදී)