ගෙදර දොර වියදම් පියවා ගැනීමට කාන්තාවන් තනිව වෙසෙන නිවෙස් වල වැඩකටයුතු සදහා උදවු දීමට තම සැමියා කුලියට දෙන කාන්තාවක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
නමින් රෙනේට් කොග්ලර් නම් වන ඇය පවසන්නේ තම සැමියා කුලියට දෙන්නේ ගෙදර දොර වැඩකටයුතු කරවා ගැනීමට පමණක් බවයි.
තමන් තනිකඩව සිටි අවදියේදී ගෘහභාණ්ඩ ඇදීමට, ගෙවත්ත පිරිසිදු කිරීමට, බඩු එසවීමට දැඩි ලෙස වෙහෙස වීමට සිදුවූයේ යැයිද තම සැමියා වන ඇන්ඩ්‍රයාස් හා විවාහ වූ පසු බර වැඩ සියල්ලක්ම පාහේ ඔහු භාර ගැනීමෙන් තමන්ගේ වැඩකටයුතුත් පහසු වූ බවද රෙනේට් කියන්නීය.
රෙනේට් තම සැමියා වන ඇන්ඩ්‍රියාස් කුලියට දෙන්නේ පැයකට පවුම් 20 කට බව සදහන් වේ. ඔහු වෙනුවෙන් ඉහළ ඉල්ලූමක් ඇති බවත් ඇය පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ. බිරිඳයි වැඩට යවන්නේ පුරුෂයාව. පැය ගාන ගැන මුදල ගැන බිරිද දන්නවා. සල්ලි බිරිඳට. (නදී)
ඔස්ට්‍රලියාවේ පවුම් කොහෙද? (දී)
මේ රටවල් වල කිසිම පන්ති භේදයක් නැහැ කිසි කෙනෙක් අතර.සියල්ලෝම එකම මට්ටමේ ඉන්නේ.ලංකාවේ වගේ කුලී වැඩ කරන කෙනාට එක සැලකිමකුත්,දොස්තරට,ඉංජිනේරුවාට තව සැලකිමකුත් මෙහෙ නැහැ.අගමැතිතුමාට පමණයි ගරු ඇමතීමක් කර කතා කරන්නේ.(දිල්)
මොනවා උනත් ඒ මනුස්සය පව් (අ)
ගොඩක් හොද කියමනක් මාටින් සොයුරා කියල තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා දුන්නට ස්තුතියි. ඇත්තටම ඉතාලි , ඕස්ට්‍රේලියා වගේ රටවල සේවය කරන අය හැසිරෙන්නේ උසස් රැකියා කරන ලෙස , ඇත්තටම මාටින්ලා වගේ අය අද සමාජයේ ගොඩක් අඩුයි. මේ සැමියා කරන රැකියාව ලැජ්ජාවට කරුණක් නොවේ.(නදී)
අනේ අපේ අයගේ අදහස් දැක්කම හිනායනවා, අපේ රටේ බහුතර පිරිමින් කරන්නේ ඔයකියන කතාවේ අනිත් පැත්ත, සැමියා බිරිය කුලියට දීම, දවසකට සිය ගණන් අපේ ශ්‍රී ලාංකික තරුණියන් සහ කාන්තවන් අරාබිකරයට යනවා ගෘහ සේවයට. (අ)
කට්ටිය මොනවා කිව්වත් ,මාටින්ගේ සහ හේලිගේ කතා තමයි හරි. කුලියට දීමක් නෙවේ වැඩට යැවීමක් සිදුවන්නේ ,මේක සාමාන්‍ය දෙයක්නේ. (දී)
සල්ලි හම්බෙනවා කියලා මෙවන් තිරිසන් වැඩ කරනවාද (දී)
ලංකාවේ මෙන් බිරිදට ස්වාමියාට වත් ,සුවාමියාට බිරිදටවත් පාලනය කිරීමටවත්, එකිනෙකාට නීති පැනවීමටවත් මේ රටවල් වල බැහැ (දී)
මෙතන අසාමාන්‍ය දෙයක් මම දකින්නේ නැහැ .ලංකාවෙත් දිළිඳු පවුල් වල අය කම්කරු සේවයට යනවා. බිරිඳ දරුමල්ලන් බලාගෙන ගෙදර දොරේ වැඩ කරනවා. මෙතන තියෙන විසේෂත්වය හැටියට පෙනෙන්නේ,සැමියාට වැඩ සොයා ගැනීම සඳහා බිරිඳ කාර්යක්ෂම ලෙස දායක වීම පමණයි.(නදී)
සිය නිවසේ බර ඉසිලීම පසෙක තබා වෙනත් ගෙවල්වල බර නොමිලේ උසුලන සැමියන් අප රටේද නැත්තා නොවේ. (දී)
මේ වගේ දේවල් ගැන හිතලා බොරුවට කාලය නාස්ති කරන්න වෙලාවක් අපිට නැහැ (දී)
ආදායම වගේම වියදමත් එහෙ සැර ඇති බව හැමොම දන්නවා කියා සිතමි (දී)
කොහොම උනත් කාගේ කාගේත් වැඩ ටක කෙරෙනවානම් එච්චරයි (දී)
අපරාදේ කියන්න බැහැ ලංකාවේ වෙන්නේ මේකේ අනිත් පැත්ත. හැබැයි කුලී ගෙවන්නේ නැහැ (දී)
අනේ හොඳා....සැමියාට තියෙන්නේ කුලියට නැතුව සින්නක්කරේටම යන්න, වෙන ගැහැණු නැතුව ඇ..(අ)
මේ තත්වය ලෝකේ නව ප්රවනතාවයක් වෙලා (දී)
මෙතන මානව හිමිකම් කඩවෙලා නැද්ද ?... (අ)
අපේ රටේ සිදුවන්නේ මේකේ අනිත් පැත්ත නේද? (නදී)
ඕස්ට්‍රේලියාවේ මුදල් ඩොලර් වෙන්න ඕනේ. (අ)
ලංකාවේ ගොඩක් අය ඕස්ට්‍රේලියාවේ ගිහින් කරන්නේ ඔය වගේ වැඩ තමයි. . මිට අමතරව තණකොළ කපන එක, වතුර අදින එක, ගෙවල් සුද්ධ කරන එක වගේ වැඩත් අපි කරනවා. පැයට ඩොලර් 20-25 ට. ඒ හින්දා මේක පුදුම වෙන්න තරම් නිවුස් එකක් නෙවෙයි. මෙහෙ ඒක ලජ්ජා වෙන්න කාරණයකුත් නෙවෙයි. හැබැයි මේක මම කිව්වට ගොඩක් මෙහෙ අය කියන්න අකමැති ප්‍රසිද්ධ රහසක්. (නදී)
චිහ්....අපිට හිටියේ නෑනේ ඔහොම ආදර බර බිරින්දෑ කෙනෙක්...! (නදී)
මමත් ආසයි මේ වගේ රස්සාවකට.(නදී)
මෙය සැමියා හැටියට තියාගෙන ඉන්නේ බුරුවෙක් වෙන්න ඇති. එහෙම දේවල්නේ ඔය රටවල වෙන්නේ. (අ)
මෙහෙ ගෙවන්නේ ඩොලර් වලින් පවුම් වලින් නොවේ (අ)
අනේ පව් අසරණයා (අ)
ලංකාවේ ඔහොම කලොත්, දෙවෙනි දවසේ මහත්තයා තාම ගෙදර ආවේ නැහැ කියල පොලිසියේ සටහනක් කරන්න වෙනවා ෂුවර් එකටම. (නදී)
ගෙදර වැඩ විතරද කරන්නේ? (නදී)
මේකට ඉතින් අපි සිංහලෙන් කියන්නේ කුලීවැඩ කරනවා කියලනේ.(නදී)
ජිවත් වෙන්න විදිහක් නැතිවමද ඔය වැඩේ කරන්නේ, කුලී වැඩක් නම් කමක් නැහැ. හැබයි බලාගෙන අන්තිමට ඔයාටම පසු තැවෙන්න වෙයි (අ)
මේකත් දැන් සාමාන්‍ය දෙයක් වෙයිද? (නි)
මාර රැකියාව නේද? (නදී)
කතාවෙන් පෙන්නේ ගෙදර ගෘහ මූලිකයා බිරිද කියල .. ඕස්ට්‍රේලියාවෙ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ ඇත්තේම නැහැ.(අ)
අනේ අපේ රටට නම් මේවා ගැලපෙන්නේ නැහැ (දී)