ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් හට සෙත්පතා ලන්ඩන් නුවරදී බෝධි පුජාමය පින්කමක් පැවැත්වීමට 'සැමට ප්රජාතන්ත්රවාදය සදහා වූ සංවිධානයේ එංගලන්ත කණ්ඩායම" කටයුතු යොදා ඇත.
බෝධිපුජාව පැවැත්වෙන්නේ මෙම මස 11 වන ඉරිදා සවස 4 ට ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීය.
" රණවිරු කර්නල් මුතාලිෆ් ගේ අකල් වියෝවෙන් සිදුවූ අඩුව පිරවීම උදෙසා ඉදිරිපත්ව ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය සහ ආරක්ෂාව සුරැකීම උදෙසා අනුපමේය සේවාවක් ඉටුකර අද වන විට සිරභාරයට පත්ව ඉන්නා බුද්ධි අංශ නිලධාරීන් සියලු දෙනා හටම කායික සහ මානසික චිර ජීවනය හා ඉක්මන් නිදහස ප්‍රාර්ථනා කරනු වස් පවත්වනු ලබන මෙම පිංකම සඳහා ජාති, ආගම් භේදයකින් තොරව සහභාගී වනලෙස සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමු. "

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේත් ආශිර්වාදය ඔබට! (නි)
බුදු සරණයි! (නි)
හොඳ වැඩක් (නි)
අවුලක් නැහැ ..ලංකාවේ මේ දවස් වල යහපාලනයෙන් බුද්ධි අංශයට පාන්ෂකුලෙ දීගෙන යනවා....2002 දුන්න වගේ..(බ)
බොහොම හොඳ වැඩක් , තව තව මොලේ පදෙන්න කියල ප්‍රාර්ථනා කරනවා (ම)
මේ අයම නේද ජමපාලනය ගේන්න හිටු කියල ලන්ඩන් වල කඩේ ගියේ? මේ මොකද යු ටර්න් ගහලා? (බ)