ඌ ඇත්ත වශයෙන් ම ඉතා බඩගිනි හිපෝවකු විය යුතුය. අධික හිරු රශ්මියෙන් ස්නානය කරන හිපපොටේමස් රංචුවක වැඩිහිටි හිපෝ දෙදෙනකු අතර රණ්ඩුව කෙලවර වූයේ එකෙකු අනිකාගේ පසුපස ප්‍රදේශය සපා කෑමෙනි.
ඡායාරූපයෙන් පෙනෙන ලෙසට අඩි හතරක් පමණ පළලට මුඛය විවෘත කරන හිපෝ උගේ දැවැන්ත තියුණු දත් කුට්ටමෙන් අනිකා සපා කෑමට තැත් කරයි.
මේ ඡායාරූප රැගෙන ඇත්තේ වෘත්තීය පාරිසරික ඡායාරූප ශිල්පී ජෝන් ෂෝ (68) විසිනි. කෙන්යාවේ මසායි මාරා උද්‍යානයේ කරන ලද සංචාරයක දී මෙම දර්ශන ඔහුගේ නෙත ගැටී ඇත.
‘‘හිපපොටේමස් සතුන් 20ත් 25ත් අතර කණ්ඩායමක් ගඟේ නාමින් සිටියා. මට කිසිවක් සිතාගැනීමට නොහැකි තරම් ඉක්මනට සිදුවූවා. නාසයෙන් හුස්ම පිටකරන විශාල ශබ්ද සමඟ සුළු මොහොතකින් සියල්ල අවසන් වුණා. “ යැයි ෂෝ පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් උගේ ඇස් දෙක හරිම කරුණාවන්තපාටයි. (නි)
ඕක මොකක්ද? ඔය වගේ අය අපි අතරත් ඕනෑතරම් ඉන්නේ. (නි)
අපේ සමහරුත් කට අැරියොත් කාගේහරි පස්ස හපන්නම තමයි බලන්නේ (නි)
බන්දුල පෙරේරාත් මේ ජාතියේම කෙනෙක් තමා..... (නි)
අනේමන්ද, මේ කට්ටිය කොහොමද අපේ දේවල් පුරුදු වුණේ කියල හිතෙන කොට පොඩි බයකුත් දැනෙනවා. මොකද තව ඉස්සරහට අපෙයි මේගොල්ලන්ගෙයි වෙනසක් නැතිවෙයිද කියල හිතුනම? (අ)
බඩුමිලේ හැටියට තව ටික දවසකින් ඔය ඡායාරූපය ලේසියෙන්ම ලංකාවෙන් ගන්න පුළුවන් වෙනවා. වෙනස තියෙන්නේ හිපකොටේමස් වෙනුවට මිනිස්සු දෙන්නෙක් හිටීවි (නි)
බණ්ඩාර, ඔයාගේ කතව හරියට හරි. (නි)
දැන් තියන ආර්ථික අර්බුධයේ හැටියට අපේ අයට හපා කන්න තියෙන්නේ ලෑලි තමයි. මස් කලඳක් තියන කෙනෙක් හොයා ගන්න බැරි වේවි. (අ)
අපේ අය නම් ඉස්සරහට හිනාවෙලා පස්සට පිහියෙන්නේ අනින්නේ. (නි)
බණ්ඩාර මහත්තයාගේ පස්සත් කවුරු හරි හපල වගේ.(නදී)
බණ්ඩාර මහත්තයාගේ පස්සත් කවුරු හරි හපල වගේ. අපේ අයගේ පස්සවල් දැකල නැහැ එහෙනම්. ඒවා ඔය ආර්ථික අර්බුදේට තුනී වෙන ඒවා නෙමෙයි තව තව ආරන ඒවා. (නදී)
මූ පුදුම පොරක්නේ! (නි)